ලංකාවේ පළමු සහ එකම සජීවි ගායන රියැලටිය ‘හිරු ස්ටාර්’ හරහා අතිශය කතාබහට ලක්වූ මනේජ් සංජය කියන්නෙ මේ වෙනකොට ප්‍රසංග වේදිකාවට
නැතුවම බැරි කෙනෙක්.

ඒ වගේම තමයි ‘රැල්ලට වෙරළට ආදරෙයි’ ටෙලි නාට්‍යයේ ‘ජෝඩු කරගෙනා’ ගීතය ගයන්නේ ද මනේජ් විසිනුයි.

පසුගිය දවසක මනේජ් හා හා පුරා කියලා කුළුදුලේ ම තාත්තා කෙනෙක් වුණා.

මේ තියෙන්නෙ මනේජ් යූටියුබ් නාලිකාවක වැඩසටහනකට එක් වෙමින් දැක්වූ අදහස් කිහිපයක්…

දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවැනි විවාහයකට යද්දි,සමාජය ගොඩක් දේ කියනවා. දරුවෙක් ඉන්නා තාත්තා කෙනෙක් ගැන ඒ විදිහට වැඩිය හිතන් නෑනේ.. ඇයි ඒ ?

මම කියන්නෙ පිරිමියෙක් වුණාමත් ඒක හිතන්න ඕන. ආදරේ නැතත් දරුවෝ හැදුවේ තමන්නෙ. මගේ නම් අංක එක දරුවා සහ බිරිඳ. උදාහරණයක් කියන්නම් මගේ නැන්දා. එයා තරුණ කාලේ මාමා නැති උනේ. අදටත් එයා අවිවාහකව, දරුවත් බලාගෙන උස් මහත් කරනවා. පර්සනල් ලයිෆ් එක ගැන හිතුවේ නෑ. මම කියන්නෙ එහෙම වෙන්න ඕනම නෑ. ඒත්… තාත්තා වෙනුවට ගේන කෙනා තාත්තාම වෙන් නෑනේ හැමවෙලාවෙම..

මනේජ්ට තනිවෙන්න වුණොත්? දෙවැනි විවාහයකට යනවද ?

දෙවැනි පාර නම් විවාහ වෙන් නෑ. ලියලා තියාගන්න. තනි වුණත් මට මගේ දරුවා හදාගන්න කොන්ද පණ තියනවා. මට මගේ බිරිඳ සහ දරුවෝ තරම් ලෝකයක් නෑ. මගේ දරුවට තව කෙනෙක් ඇවිත් අම්මගෙම සෙනෙහස දෙන් නෑ. එහෙම වුණොත් මම මගේ දරුවා හදාගෙන තනියෙන් ඉන්නවා. අම්මා දෙන ආදරේ තාත්තට දෙන්න බැරිද. මම මගේ දරුවට පණ වගේ ආදරෙයි. මට පුලුවන් එයාව බලාගන්න…

පැරණි පුවත් – හාමුදුරුවන්ගෙ චරිත සහතිකේට ඡන්ද අපේක්ෂක අතුරුදහන් වෙලා

මෙදා පාර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනාදී පක්ෂයේ දිස්ත්‍රික් නායකයා සමග පළමුවෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ විහාරස්ථානයට ගිය අපේක්ෂකයකුට විහාරස්ථානයේදීම එර්දිවීමට සිදුවූ පුවතක් ගාලු‍ දිසාවෙන් අසන්නට ලැබේ.

නායක හාමුදුරුවන් ගිය සැනින්ම දිස්ත්‍රික් නායකයා හඳුනාගත්තේය. ‘හා මහත්තයෝ කොහොමද ? මොකද ! මේ පැත්තේ’ යැයි දිස්ත්‍රික් නායක තැනගෙන් ඇසුවේ ඔහු සමග ගිය ගමේ තැනැත්තාද උන්වහන්සේගේ දෙනෙත්වලට ග්‍රහණය කරගෙනය.

‘කවුද මහත්තයෝ මේ’ යැයි නායක හාමුදුරුවන් ඇසුවේ ඔහු පෙන්වමිනි.

‘ඇයි හාමුදුරුවනේ මෙයා මේ ගමේ කෙනෙක්නේ, අඳුනන්නේ නැද්ද?’ යයි දිස්ත්‍රික් නායකයා නාහිමියන්ගෙන් ඇසුවේය. ‘මෙයා තමයි මෙදා පාර මේ ගමෙන් අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ’ දිස්ත්‍රික් නායකයා කීවේය.

‘මහත්තයෝ මෙයා මේ ගමේ වුණාට මම හිතන්නේ මේ පන්සලට ආපු පළමු වතාව වෙන්න ඇති’. උන්වහන්සේ ඔහු දිහා බලාගෙන කීවේ ඔහුගේ මුහුණ කරත්තයට හසුවූ කජු ලෙල්ලක් බවට පත්කරවමිනි.

‘මම හිතන්නේ ඔය මහත්තයා පිටගම්කාරයෙක් වුණත් මෙයාට වඩා මේ පන්සලට ඇවිල්ලා ඇති ’ නායක හාමුදුරුවන් ඔහුගේ දෙනෙත් දෙස බලාගෙන කීවේ ඔහුගේ ඉහමොළ රත් කරමිනි.

‘කියමුකො බලන්න මේ ළමයාගේ තාත්තාගේ නම’ ‘මම හාමුදුරුවනේ අර අසවලාගේ පුතානේ’ යැයි ඔහු සිය පියා ගැන හඳුන්වා දුන්නේය. ‘හා උන්නැහෙත් ඉතින් පන්සල පැත්ත පළාතක එන්නේ නැහැනේ’ යැයි ද ලොකු හාමුදුරුවන් පැවැසුවේ ගානකට මිම්මකට නැතිවය.

මේ කතා අස්සේ ඔහු සිය අපේක්ෂකයා සෙව්වේ නායක හාමුදුරුවන්ට වැඳ අවසර ගන්න යද්දීය. ඔහු ඒ වනවිටත් පන්සලෙන් එර්දිවී අවසාන ලු‍.

මෙන්න බලන්න තවත් පුවත්