
ඔබ මුහුණු පොත අරක් ගත්ත කෙනෙක් නම්, කෞෂි පෙරේරා කියන නම ඔබට නුහුරු නුපුරුදු නමක් වෙන්න බැහැ. අඩනිරුවත් වගේම අතිශය සරාගී ඡායාරූප රැසකින්ම බුකියේ ආන්දෝලනයට ලක්වුණු කෞෂි, හශාන් පන්නිල කියන ඡායාරූප ශිල්පියා විසිනුයි හඳුන්වා දෙන්නෙ.
මේ දවස් වල කොහොමද ජීවිතේ? ඇත්තටම ජීවිතේ හොදයි.සරලව සාමන්‍ය පරදි සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරනවා.
කෘශි නිරූපණ ක්ෂේත්‍රයේ ආරම්භය මතක් කලොත්?මගේ ආරම්භය විශ්ව පෙරේරා තමයි.මම ප්‍රථමයෙන් pagenet එකකට සහභාගි වෙන්නෙ විශ්ව පෙරේරා හරහා.ඒ තමයි miss teen srilanka 2018 pagenet එකෙන්.
ශ්‍රී ලංකාව තුළ නිරුපන ක්ශේත්‍රයට නිසි ඇගයීමක් තියෙනවද? ඒක මෙහෙමයි ඇගයීමක් තියෙනවා කියන්නත් බැහැ.මොකද ඉස්සර වගේ නෙවෙයි දැන් නිරූපණ ශිල්පිනියන් ඇති තරම් ඉන්නවා.හැබැයි සමහර අය විසින් සිදුකරන නොගැලපෙළපෙන වැඩ නිසා ශේත්‍රයට ලැබෙන තියෙන ඇදීම පවා ලැබෙන්නෙත් නැහැ ක්ෂේත්‍රයට නිසියාකාරව හැදෑරීමක් තුළින් පිවිසුන හොත් ඒ අැගයීම ඉබේම ලැබෙනවා කියන එකයි මගේ මතය.
නිරූපණ ක්ෂේත්‍රයේ ඔබ ලබාගෙන ඇති ජයග්‍රහණ මොනවාද? එකක් තමයි මිස් team sri lanka srilanka second runner-up queen of south asia 2018.අනිත් එක best model asia 2021.ඒකෙ මම තමයි ශ්‍රී ලංකාව නියෝජනය කළේ මම best modeler of the ඒෂියා දිනාගත්තා.
සාමාන්‍ය නිරූපණය නිරූපණ ශිල්පිනියක් වෙනවා කියනකොට පවුල් පසුබිමෙන් බාධා ඇතිවෙනවා කෞශිට කොහොමද ඒ අත්දැකීම දැන්නනේ? මට ඉස්සරනම් ගෙදරින් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුණා හිතේ කාලයක් යද්දි හැමදේම හොඳට විදිහට විසිදුනු මම හරි දේ හරි විදියට මට ගෙදරින් කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ මම එයාලගේ විශ්වාසය රැකගෙන මම නිරූපණය වැඩ කටයුතු කරගෙන යනවා.එයාලගෙ සහයෝගයත් දෙනවා.
නිරූපණ ක්ෂේත්‍රය තුළ කඩාවැටීම තියෙනවද? සෑහෙන තිබුණා මගේ ලඟම හිටපු අයගෙන් තමයි ගොඩක්ම කඩා කඩාවැටීම් බාධා ඇති වුණේ අපි අපේම කියල හිතන් ඉා හිතන් ඉන්න ළඟම අයගෙන් තමයි ප්‍රශ්න ආවේ එහි හැම කඩාවැටීම දරාගෙන මගේ ගමන මං ඉස්සරහට ආව ඒ කඩාවැටීම් සියලුම දේවල් මම මගේ ජයග්‍රහණය කොට පත්කරගත්තා මම දැන් ඉන්න තැන ගැන ඉතාම සතුටු වෙන්න පුළුවන්.
පාසල් කාලය ගැන මතක් කළොත්? මම කොළඹ ගෞතම බාලිකා විද්‍යාල අධ්‍යාපන හැදෑරුවෙ කිරීමට අමතරව නර්තනය හැදෑරුවා ඒ වගේම වොලිබෝල් කිඩා ප්‍රගුණ කළ සමහර යාළුවෝ අදටත් හම්බෙනවා පාසල් වලට සුන්දරයි.
කොහොම වුණත් ඒ දිනවල බුකියේ පැතිරුණු කතාව තමයි, කෞෂිගේ වටිනාකම ඩොලර් මිලියන 2.5 ක් කියන කතාව. කතාව ඇත්ත.. ගූගල් සෙවුම් කිහිපයකම කෞෂිගේ වටිනාකම (ඇගේ ඉපැයුම) ඩොලර් මිලියනය ඉක්මවා සඳහන් වෙලා තිබුණා. කවුද එතකොට මේ කෞෂි පෙරේරා ? කෞෂි කියන්නෙ ජාත්‍යන්තර තරග කිහිපයකට සහභාගි වුණු විවිධ ඉසව්වලින් ජයග්‍රහණ ද අත්කරගත්ත කෙනෙක්.
කෞෂි ඔබ පෙම්වතියක්ද? ඔව් මං පෙම්වතියක් මගේ පෙම්වතා ඉන්නෙ ස්විඩන් වල. නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉදිරි බලාපොරොත්තු මොනවාද? අලුත්ම වැඩ ටිකක් ඉස්සරහට කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉදිරියේදී ඒ නිර්මාණ බලාගන්න පුළුවන් අපිට අමතර වැඩිපුර මේ දවස් වල මහන්සි වෙන්නේ මගේ ව්‍යාපාර දියුණු කරගන්න writing cream වර්ග ව්‍යාපාරයක් කරගෙන යනවා වැඩිපුරම මේ සඳහා තමයි මහන්සි වෙන්නේ තමන්ගේ ගෙදර ව්‍යාපාරයක් අනිවාර්යෙන්ම තියෙන්න ඕන.
මේ ඇය මෑතක ඩිජිටල් සඟරාවකට අදහස් දක්වමින් කියූ කතා කිහිපයක්.. “මට ඉස්සර නම් ගෙදරින් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවුණා. ඒත් ටික කාලයක් යද්දි හැමදේම හොද විදිහට විසඳුණා. මම හරි දේ හරි විදිහට කරපු නිසා මට ගෙදරින් කිසි ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ.
මම එයාලගේ විශ්වාසය රැකගෙන නිරූපණ ක්ෂේත්‍රයේ වැඩ කරගෙන යනවා..” “මම පෙම්වතියක්. මගේ පෙම්වතා ඉන්නෙ ස්වීඩන්වල…” “මගේ බලාපොරොත්තුවක් තියෙනවා මැරි කළාට පස්සෙ විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වෙන්න..”
පැරණි පුවත් – මට දැන් ජනප්‍රියම නිළිය සම්මානය අරගෙන ඇතිවෙලා, ඒකයි මේ පාර තව කෙනෙකුට අවස්ථාව දීලා මම අයින් වුනේ – ශලනි තාරකා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇයව මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට ඇයව නිර්දේශ වෙලා තිබුනත් ඇය එම සම්මානය ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය රඟපාන ස්නේහාගෙ චරිතයට රසිකයින්ගෙන් පුදුම ආදරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඇයට ඩෙංගු හැදිලා හිටපු නිසා ටෙලි නාට්‍යයේ ඇය පේන්න නැහැ කියලා ගොඩක් දෙනා කලබල වුණා කියලත් ඇය කියනවා. ඉතින් සමහරු කියලා තිබුණාලු ඇය නැත්තම් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ කියලා. ඒ නිසාම ඒ අදහස්වලින් ඇය තේරුම් ගත්තාලු කවදාහරි ඇය අයින් වෙන්න හැදුවත් ඇයට ආදරය කරන රසිකයෝ ඒකට ඉඩදෙන එකක් නැහැ කියලා.
කොහොම නමුත් මේ දවස්වල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය ටිකක් දඟකාර චරිතයක් තමයි රඟපාන්නෙ. ඉතින් පහුගිය කාලෙ ඇය වැඩිපුර රඟපෑවෙ ටිකක් බැරෑරුම් අභියෝගාත්මක චරිත වුනත් බරපතළ විදිහට හිතන්නෙ නැති, සැහැල්ලු, දඟකාර චරිතයකට දායක වුණේ බොහෝ කාලයකට පස්සෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඇයට මනාපය පළ කරලා sms එවන්න එපා කියලා ඇය රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් ඇය ඉල්ලුවාලු ඇයව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා.
ඉතින් ඇය එහෙම කළේ ඇයට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා කියලයි ඇය කියන්නේ. හැබැයි කාලයක් තිබුණාලු ඇයත් ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඉතින් ඒ හීනය සැබෑකරගෙන සම්මාන උළෙලෙවල් කීපයකදීම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වෙලා සම්මානත් ලබා ගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙන තමයිලු ඇය ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ.මොකද ඇයම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්‍රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් ඇයගේ හිතේ නැහැ කියලත් ශලනි කියනවා. ඉතින් තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ඇය ගොඩක් කැමතියිලු.
ඒ වගේම ඇය රූපලාවණ්‍ය දේවල් පස්සෙ එළවන කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් කාටවත් වෛර කරන්නෙ, ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ඉන්න නිසා ඇයගේ ලස්සන රැකිලා තියනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.