කොළඹ කොටුවේ සිට මීගමුව බලා ධාවනය වන අර්ධ සීග්‍රගාමි දුම්රිය ධාවනය කරන අයුරු මරදාන දුම්රිය ස්ථානයේ සේවිකාවක කළ නිවේදනයෙන් දුම්රිය මගීහු අන්දමන්ද විය.

‘‘දෙවන වේදිකාවට ආ දුම්රිය මීගමුව බලා පිටත්වේ. එය මීගමුව දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නතර කරනවා ඇත.‘‘

එම දැනුම් දීමට අනුව දෙමටගොඩ සිට රාගම දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් සලසා ගන්නා මගීහු එම දුම්රියට ගොඩ වූහ. දුම්රිය ගමන් ආරම්භ කිරීමට සූදනම්වනවත් සමග යළි නිවේදනයක් කළාය. ඒ දෙවන වේදිකාවට ආ දුම්රිය දෙමටගොඩ සහ කැලණිය දක්වා නවත්වන බවත් කැලණියේ සිට රාගම දක්වා නොනවත්වන බවත් එම නිවේදනයෙන් කියැවිණි.

ගමන් ආරම්භ කළ දුම්රිය යළි නතර කෙරිණි. කැලණියෙන් පසු හොරපේ දක්වා ඇති දුම්රිය ස්ථාන හරහා ගමන් පහසුකම් ලබා ගන්නා මගීහු දැඩි අපහසුවෙන් එම දුම්රියෙන් බැස ගත්තේ සෙමින් සෙමින් ඉදිරියට ඇදෙන දුම්රියෙනි. වගකීම් විරහිත සේවිකාවක නිසා දුම්රිය මගීහු දහස් ගණනකගේ ජීවිත අවදානමට ලක්වන බව මගීහු චෝදනා කළහ.

පැරණි පුවත් – ලිවින් ටුගෙදර් කියන්නේ බොහොම හොද දෙයක්, මමනම් අනිවාරෙන් අනුමත කරනවා ඒක

ධරනි ටෙලිනාට්‍යයේ කවුරුත් කතා බහ කරන චරිතයක් රංගනය කරපු ඒ සුරූපී යුවතිය තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ඇය රංගනයට වගේම නර්තනයටත් ඉතා දක්ෂ කෙනෙක්. ඒ වගේම හේෂානි රංගනය කරන වීඩියෝ ඇගේ සමාජ මාධ්‍ය හරහා ඇයට ආදරය කරන රසිකයින්ට දැක බලා ගන්න පුලුවන්.

ඉතින් හේෂානි රංගනය කරන වෙනස්ම චරිත රංගනයක් මේ දිනවල දෙරණ නාලිකාව හරහා දැක ගන්න පුලුවන්. දෙරණෙහි විකාශය වන ලොක්කිගේ කතාව ටෙලිනාට්‍යයේ නපුරු චරිතයකට තමයි ඇය රංගනය කරන්නේ. ඉතින් හේෂානි ගැන පසුගියදා හැමෝම කතා කරන්නට වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි.

විවාහ ගිවිස ගැනීම දවසේ කලා කරුවන්ට බොහෝ සෙයින් ආරාධනා නොකලත් ඉක්මනටම කලා තරු පිරිවරාගෙන විවාහය ගන්නත් ඇය බලාපොරොත්තු වෙනවා. ඉතින් හේෂානිගෙ සැමියා අධ්‍යාපනය සදහා විදෙස් ගත වෙලයි ඉන්නේ. ඉතින් ඇය කියන්නේ ඇගේ සැමියා ඉතාම සාමාන්‍ය පවුලක ජීවත් වෙන කෙනෙක් කියලයි. ඉතින් ඇය ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මමනම් දකින්නේ ලිවින් ටුගෙදර් කියන්නේ හොදම හොද දෙයක් කියලයි. ඉස්සරනම් පිට රට තමයි මේක තිබුණේ. නමුත් මේ වෙන විට ලංකාවෙත් අපිට ලිවින් ටුගෙදර් ඉන්න කට්ටිය දැක ගන්න පුලුවන්. දෙන්නෙක් එකට ඉන්නකොට තමයි එයාලගේ කැමති අකමැති දේවල් දැන ගන්න පුලුවන්. අද සමාජයේ වැඩිහිටියො තවම ලිවින් ටුගෙදර් සංකල්පය පිලි ගන්න කැමති නෑ.’’

මේ විදියටයි ලගදි විවාහ ගිවිස ගත්ත හේෂානි ලියදිපිට ඇගේ අදහස් දක්වලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්