
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනීගේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනී ගැන මේ දිනවල ආන්දෝලනාත්මක කතාබහක් සමාජ මාධ්‍යවල පැතිර යනවා. ඒ ඇගේ අලුත්ම පෙම්වතා ගැන.
තරුණ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වන කසුන් මහේන්ද්‍ර හීනටිගල සමඟයි ඇෂ්‍ය පෙමින් වෙලී සිටින්නේ. මාධවී සහ කසුන් ඔවුන්ගේ සමාජ මාධ්‍යවල පළ කළ ඡායාරූප සහ විවිධ සටහන් වලින් ඔවුන් දෙදෙනා ආදරය කරන බව ප්‍රේක්ෂකයන් දැන් දන්නවා.
ඔවුන් දෙදෙනා කාලාන්තරයක සිට යහළුවන් වුවද ඔවුන්ගේ යාළුකම ප්‍රේමයක් බවට පත් වන්නේ මාධදීගේ ගීතයක රූපරචනාව නිර්මාණය කරන්න කසුන්ට භාරවීමත් සමඟ. ඒ මාධවී ගායනා කළ ජනප්‍රිය ගීතයක් වන “අපි තමයි අපිව දන්නේ” ගීතයයි.
කෙසේ වුවද මේ ගීතය ජනප්‍රියත්වයට පත් වීමත් සමඟ ඔවුන් දෙදෙනා පැමිණි වැඩසටහනකදී මාධවී කසුන් ගැන මෙවැනි ප්‍රකාශයක් කරලා තිබුණා.
“කසුන් මට එක්තරා නිර්මාණයකට කතා කළා. ඒ නිර්මාණය කසුන් මාව හිතලාම පිටපත රචනා කරපු නිර්මාණයක්. ඒත් මම පිටපත කියෙව්වට පස්සේ එයාට කිව්වා ඒ චරිතයට මාව හරියන්නේ නැහැ මම මහත වැඩී කියලා. ඊටපස්සේ කසුන් වෙනත් රංගන ශිල්පිනියක් දාලා ඒ නිර්මාණය රූගත කළා. ඒ රංගන ශිල්පිනිය මටත් වඩා මහතයි…. නමුත් ඒ චරිතයට ඇය සාධාරණයක් කරලා තිබුනා. පස්සෙ මට දුක හිතුණා අපරාදේ කියලා.”
පැරණි පුවත් – මට කැමරාවක් ඉස්සරහ ඇදුම් ගලවන එක නතින්, ලංකාවෙ උන්ට සෙක්ස් කියන්නෙ මැජික් එකක්
ලාංකීය සිනමාව තුළ විවිධ ආන්දෝලනාත්මක චරිත රංගනය කරපු ඔහු අද්විතීය නලුවෙක්. ඉතින් දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිත අභියෝගයකට ඉතා සාර්ථකව මුහුණ දෙන ඕනම අභියෝගයක් බාර ගන්න කැමති දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් අපි ඉතා නිවැරදියි.
ඉතින් පුංචි තිරයේ වගේම සිනමා නිර්මාණ තුළත් තම රංගන කෞශල්‍ය විදහා පාන දසුන් මේ වන විට පුංචි තිරය හරහා අපේ ආලින්දයට එනවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ. ඒවගේම දසුන් පතිරණ කියන මේ දක්ෂ රංගන ශිල්පියා රංගනය කරපු චිත්‍රපට හැමෝගෙම කතා බහට ලක්වුණු චරිතයන්.
හුස්ම, නිනෝ ලයිව්, ෆ්‍රැන්ගිපානි, දැවෙන විහගුන්, මෝටර් සයිකල්, ආයු, සහෝ වැනි චිත්‍රපට ගණනාවකම දසුන් පතිරණ සිය රංගන කුසලතා විදහා පානවා. ඉතින් සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක් වන දසුන් පතිරණ තම රංගන ක්ශේෂ්ත්‍රයේ ඕනෑම චරිත අභියෝගයකට මුහුණ දෙන්නට සූදානම් බව මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.
” මම කලු චරිත වුණත් සුදු චරිත වුනත් ඕනම චරිතයක මට කරන්න දෙයක් තියෙයිනම් ඒ චරිතය බාර ගන්නවා. මොකද මම රංගන ශිල්පියෙක් කියලා මම කැමති නෑ පෙම්වතාගේ චරිතය රගපාන්න. මම හුස්ම චිත්‍රපටයේ මිනියක් එක්ක සෙක්ස් කලා. ඒක හැමෝගෙම කතා බහට ලක් වුණා. මට කැමරාවක් ඉස්සරහා රෙදි ගලවන්න වුනත් සූදානම්. මේකයි ඉතින් අපේ රටේ මිනිස්සුන්ට සෙක්ස් කියන එක මැජික් එකක්. මම මට දෙයක් කරන්න තියෙන චරිතයක්නම් අනිවාරෙන් ඒක බාරගන්නවා.’’
ඉතින් මේ විදියටයි දසුන් පතිරණ රංගන ශිල්පියා ඔහුගේ රංගන ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.