සති දෙකකට පෙර තුර්කි – සිරියා දේශසීමාවේ සිදු වූ දරුණු භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යට වී සිටියදී උපත ලැබ සිය මියගිය මවගේ පෙකණි වැලට සම්බන්ධ වී සිටියදී සොයා ගත් දැරිය හදා වඩා ගැනීම සඳහා ඇයගේ නැන්දණිය හා මාමා විසින් භාරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. සිරියාවේ භූමිකම්පාව සිදු වූ ප්‍රදේශයේ කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන්වලට යට වී දරුණු ලෙස තුවාල වී සිටියදී සහන කණ්ඩායම් විසින් සොයා ගත් මෙම දැරිය මුලින් “අයා” ලෙස නම් කර තිබුණද මේ වන විට ඇයට සිය මවගේ නම වන “අෆ්රා” යන නම තබා තිබේ.

මෙම දැරිය සුන්බුන් අතරින් ගොඩගෙන රෝහල්ගත කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ජාලවල මෙම පුවත පළ වීමත් සමගම දහස් ගණනක් දෙනා එම දැරිය හදා වඩා ගැනීම සඳහා ඉල්ලුම් කර තිබුණු අතර අවසානයේ දැරියගේ ලේ ඥාති නැන්දණියක් හා මාමා කෙනකු දැරියව නිල වශයෙන් හදා වඩා ගැනීමට ලබාගෙන තිබේ. එහිදී දැරිය හා පවතින සිය ලේ ඥාතිත්වය නැන්දණිය විසින් ඩීඑන්ඒ පරීක්ෂණයකදී තහවුරු කර තිබේ . දැරියව හදා වඩා ගැනීමට භාරගත් ඇයගේ නැන්දණියගේ සැමියා වන කලීල් අල් සවාඩි විසින් විදෙස් මාධ්‍යට පවසා ඇත්තේ “අෆ්රා” ද දැන් තමන්ගේ ළමයෙකු බවයි. දැරිය මේ වන විට හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව වාර්තා වී තිබේ. ඇයගේ දෙමවුපියන් හා පවුලේ සියල්ල භූමිකම්පාවෙන් මිය ගොස් ඇති බව තහවුරු වී තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

පැරණි පුවත් – පැරණි පුවත් – මම පෙන්නේ නැති තැන්වල තමයි ටැටූ ගහලා තියෙන්නේ – ජනප්‍රිය නිලි කාවින්ද්‍යා දුල්ශානි

කෝලම් කුට්ටම කියන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍යය හරහා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න කාවින්ද්‍යා දුල්ෂානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, කාවින්ද්‍යා දැන් මැස්සා නාට්‍යයේ සහ කෝළංකුට්ටම කියන නාට්‍ය දෙකේම රංගන දායකත්වය ලබා දෙනවා, ඉතින් අපිට කියන්නකෝ වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නාට්‍යන්ද කියලා, ”මෙහෙමයි එහෙම හරියටම කියන්න බෑ, ඒ නාට්‍ය දෙකටම වෙන වෙනම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා, මට හිතෙන්නේ දෙකම එක වගේ ජනප්‍රියයි,”

කෝළංකුට්ටම නාට්‍යයේදී ඔයා විශාල අනතුරකට මුහුණ දෙන්න වුනා නේද..? ”ඔව් එක දවසක් මාර වැඩක් වුනේ, චමීර අයියා දවසක් ඇවිත් කිවුවා එයාලා ගියපු ඔරුව පෙරලුනා ඔයාටත් එහෙම උනානම් මරු කියලා, ඊට පස්සේ දවසේ මට ෂූටින් තිබ්බා, ඒ ෂූටින් තිබ්බෙත් මාදු ගඟේ, අපිට තිබ්බ ඔරුව දෙන්නෙක්ට යන්න තිබ්බ ඔරුවක් හැබැයි අපි තුන්දෙනෙක් ගියා, ඒ මමයි චමීර අයියයි මෞලි අයියයි, එදා කිවුව දේ ඇත්ත වෙලා ඔරුව එකපාරම පෙරලුනා, මට පීනන්න පුළුවන් නිසා මම බයවුණේ නෑ, හැබැයි අවාසනාවට මගේ කකුල ඔරුවේ හිරවුනා, මගේ ඔලුව වතුරයට තිබ්බේ, ළඟ හිටපු අයියා තමයි ඒ වෙලාවේ මාව බේරාගත්තේ”

ගොඩක් රංගන ශිල්පිනියන්ට ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගොඩක් එනවා, ඉතින් කොහොමද ඒවාට මුහුණ දෙන්නේ ”මෙහෙමයි ජනප්‍රිය වෙද්දී එහෙම වෙනවා කොහොමත් මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් අය එහෙමයි හොඳට හිනාවෙලා කතා කරලා හිටියට හදවතින් එහෙම නෑ, කවුරු මොනවා කිවුවත් මම ඒවා ගැන හිතන්නේ නෑ, මම පුළුවන් තරම් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න උත්සහ කරනවා එහෙම බැරිනම් මම නිහඬ වෙනවා, මම ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්, මාව වට්ටන්න ටිකක් අමාරුයි”

ඔයා ටැටූවලට ගොඩක් ආසයි නේද..? ”ඇත්තටම ඕවූ මම ටැටූ වලට ගොඩක්ම ආසයි, ඒක ගොඩක් සුන්දර කලාවක්, හැබැයි මගේ වෘත්තිය වෙලා තියෙන රංගනය නිසා මට ගොඩක් ටැටූ කරන්න බෑ, ඉතින් මම සීමාවක් ඇතුව වැඩිය පෙන්නේ නැති තැන්වල තමයි ටැටූ කරලා තියෙන්නේ, කොහොම වුනත් දැනට මම ටැටූ හතරක් කරලා තියෙනවා, ඒ වගේම තව එක ආට් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ”

මෙන්න බලන්න තවත් පුවත්