බණ්ඩාරවෙළ කිරිඔරුව මාර්ගයේ අයිස්ලෙබ් ප්‍රදේශයේදි ලොරි රථයක් මාර්ගය හරහා පෙරළියෑමෙන් එහි ගමන් ගත් වතු කම්කරුවන් 21 දෙනකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.

අනතුරින් තුවාල ලැබු කාන්තාවන්19ක් හා පිරිම් පුද්ගලයන් තිදෙනෙකු බණ්ඩාරවෙළ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු බරපතල තුවාල ලබා සිටි කාන්තාවන් හත්දෙනකු වැඩිදුර ප්‍රතිකාර සදහා දියතලාව මුලික රෝහලට මාරුකර යවා තිබෙන බව පොලිසිය කියයි,

අනතුරින් වාහනයේ රියදුරාත් තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

බණ්ඩාරවෙළ සෙන්ජේන් වත්තේ වැඩ නිමවීමෙන් පසු කම්කරුවන් නැවත නිවෙස් වෙත ගෙන යද්දී අනතුර සිදුව තිබේන බව පොලිිය කියයි.

පැරණි පුවත් – අපේ ආච්චි නැති වුනේ වයස 86දී, ආච්චි 72 ක් වෙනකම් වාහන පැද්දා

සංගීත ක්ශේෂ්ත්‍රයේ ඉන්න දැවැන්තයි දෙදෙනෙක් විදියට හදුන්වන්න පුලුවන් ජනප්‍රිය ගායන යුවළක් තමයි සමිතා එරන්දතී සහ අතුල අධිකාරි කියන්නේ. ඔවුන් දෙදෙනා ලොකු දුව වෙනුවෙන් නිර්මාණය කරලා ගායනා කරපු ගීතයක් තමයි සදතරු මල් ගීතය. අදටත් කවුරුත් ආදරය කරන මේ ගීතය රසිකයින් ආදරයෙන් වැළදාගත් ගීතයක්.

ඉතින් සමිතා සහ අතුල නීතියෙන් වෙන්වීමත් එක්ක සමිතගේ ආදරය සොරාගන්නේ චිරනත විසින්. මේ වන විට සමිතා, චිරන්ත, කාවින්ද්‍යා සහ ශේන් සතුටින් ජීවත් වෙනවා. නමුත් අතුල , අමායා, සමිතා ඉතාම සුහදශීලීව ජිවත් වෙනවා. ඒ නිසාම මෙම පවුල වෙතට සසමාජ මාධ්‍යයේ ආකර්ෂණය නිතරම ලැබෙන්නේ. ප්‍රේක්ෂකයන්ගේ විවිධ කතා බහට ලක්වෙන සමිතගේ පවුලේ කාවින්ද්‍යා වැඩිපුරම ආදරය කරපු කෙනෙක් තමයි සමිතගේ අම්මා ඒ කියන්නේ කාවින්ද්‍යාගේ මම්මා.

මම්මගේ වියෝවත් එක්ක කාවින්ද්‍යා සමිතා ඉතාම සංවේගයට පත් වෙනවා. අම්මත් තාත්තත් කලා ක්ශේෂ්ත්‍රයේ කාර්යබහුල නිසා ඇයට වැඩිපුරම රැකවරණය ලබා දුන්නේ ආච්චි අම්මා බවයි කාවින්ද්‍යා කියන්නේ. ඉතින් ආච්චි අම්මගේ සුන්දර රැකවරණය ගැන කාවින්ද්‍යා එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ මම්මගේ ආදරය ගැන වචනයෙන් කියන්න බෑ. ඒ තරමටම එයා මාව බලා ගත්තා. අපේ අම්මයි තාත්තයි ශෝ වලට යන නිසා ගොඩක් කාර්යබහුලයිනේ. ඒ නිසා මගේ අධ්‍යාපනය, ක්‍රීඩා මේ හැමදේම ගැන බැලුවෙ මම්මා විසින්. එයා මම එක්ක හැම තැනම යන්න ආවා. එයා නැතිවෙද්දි අවුරුදු 86 යි. 72ක් වෙනකම් එයා වාහනේ පැද්දා.”

මේ විදියටයි කාවින්ද්‍යා අධිකාරි ආච්චි අම්මගේ ආදරය ගැන කියලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්