ප්‍රේමය වෙනුවෙන් කළ නොහැකි දෙයක් මිහිමත නැති තරම්. ඇතැමෙකුට උමතුවක් ලෙස පෙනෙන දේ පවා කරන්නට සමහරු පෙළෙඹෙන්නේ ප්‍රේමයේ නාමයෙන්. මේ 2012 වසරේදී තායිලන්තයෙන් වාර්තා වූ එවැනි කතාවක්.

28 හැවිරිදි Chadil Deffy, මෝටර් රථ අනතුරකින් මිය ගිය පසු තම පෙම්වතිය විවාහ කර ගැනීමට තීරණය කිරීම සමහරෙකුට අසාමාන්‍ය සහ අප්‍රසන්න හැඟීම් ද සමහර අය ඉතා සංවේදී හැඟීම් ද උපදවන්නක්

Deffy සහ පෙම්වතිය වන 29 හැවිරිදි Sarinya Kamsook ඒ වසරේ විවාහ වීමට නියමිතව සිටියා.විවාහ මංගල්‍යයක් කාන්තාවකගේ ජීවිතයේ සුවිශේෂීම සිදුවීමක්. එය සාරින්‍යාට ද වෙනසක් වූයේ නැහැ. ඇය තම විවාහ මංගල්‍යයට උනන්දුවෙන් දින ගණන් කරමින් සිටියද, දෛවය තරුණ යුවළ වෙනුවෙන් වෙනත් සැලසුමක් තිබුණා. විවාහ මංගල්‍යයට දින කිහිපයකට පෙර සාරින්යා රිය අනතුරකට ලක් වූ අතර ඇය දැඩි ලෙස තුවාල ලැබුවා.දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඇය ජීවිතයෙන් සමු ගත්තේ ඩෙෆීව දරුණු වේදනාවකට ඇද දමමින්.

Deffy සහ Sarinya වසර දහයක් ආදරය කළ යුවළක්.Eastern Asia university හිදී ඔවුන් මුණ ගැසී තිබුණා.එතරම් දීර්ඝ කාලයකට පසු විවාහ වී එකට ජීවත් වීමට ඔවුන් සැලසුම් කළේ පුදුමාකාර සතුටකින් සහ ආදරයකින්. ඔවුන්ගේ කාර්යබහුල කාලසටහන් ද විවාහ වීමට පෙර තම අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට ඩෙෆීට අවශ්‍ය වීම හේතුවෙන් ද ඔවුන් විවාහ මංගල්‍යය කිහිප වතාවක් කල් දමා තිබුණා.එහෙත් මේ අනතුර සිදු වෙද්දී ඔවුන්ගේ ඒ සිහින විවාහ මංගල්‍යයට ඉතිරි වී තිබුණේ ඉතාම අල්ප දින ගණනක්.

සාරින්යාගේ අකල් මරණයෙන් පසු ඇයගේ ගැඹුරු ආශාව ඉටු නොකර ඇයට යන්නට ඔහුට නොහැකි වුණා. ඇය ඔහුගේ බිරිඳ වන්නට දස වසරක්ම බලා සිටි බවත් ඒ වෙනුවෙන් දීර්ඝ කාලීනව කැප කිරීම් කළ ආකාරයත් ඩෙෆීට අමතක කරන්නට පහසු වූයේ නැහැ.එබැවින් ඔහු කෙසේ හෝ ඇයව විවාහ කර ගැනීමට තීරණය කළා.

2012 ජනවාරි 4 වන දින, බෞද්ධ චාරිතානුකූල විවාහ මංගල්‍යයකදී ඩෙෆී තම පෙම්වතියගේ මළ සිරුර සමඟ විවාහ වුණා. උතුරු තායිලන්තයේ සූරින් නගරයේදී මෙම උත්සවය පැවැත්වුණා.විවාහ උත්සවයේදී ඔහු සාරින්යා කෙරෙහි තම ගැඹුරු ආදරය ප්‍රකාශ කරන්නට අමතක කළේ ද නැහැ. මෙම විවාහ මංගල්‍යයට මිතුරන් සහ ඥාතීන් කිහිප දෙනෙකු සහභාගී වුණා. විශේෂම කාරණාව වූයේ මේ අපූරු විවාහය තායිලන්තයේ ජාතික රූපවාහිනියේ පවා විකාශය වුණා.මනාලයෙකුගේ ඇඳුමෙන් ඩෙෆී සැරසී සිටි අතර සාරින්‍යා ලේස් සහ මුතු වලින් සැරසුණු සුදු සැටින් ගවුමකින් සැරසී සිටියා. ඇගේ දෑත් මත මල් කළඹක් ද තබා තිබුණා.මනාලයා තම මනාලිය කෙරෙහි ඇති නොමැකෙන ආදරය ප්‍රකාශ කර, ඔහුගේ සදාකාලික ප්‍රේමයේ සංකේතාත්මක නිරූපණයක් ලෙස ඔහු ඇගේ ඇඟිල්ලට දියමන්ති මුද්දක් ද දමනු ලැබුවා. උත්සවය අවසන් වූ වහාම කම්සූක්ගේ භූමදානය සිදු වූ අතර මියගිය මනාලියට ගෞරව දැක්වීම සඳහා යුවළ සහභාගී වූ විශ්ව විද්‍යාල භූමිය පුරා මල් වඩම් තබා තිබුණා.

සැබෑවටම ඔහු මේ විවාහය සිදු කරන්නට හේතුව ඉමහත් බලාපොරොත්තු සුන්වීම සහ පසුතැවිල්ල නිසා බව කියැවෙනවා. ජීවිතයේ අරමුණු හඹා යද්දී තම පෙම්වතියගේ ඉල්ලීමට ද කන් දුන්නානම් ඇයට මංගලෝත්සවයක සතුට සහ ඔහු සමඟ ජීවත් වීමේ ප්‍රහර්ෂය අත් කරදෙන්නට තිබූ බව ඔහු සිතන්නට වුණා. ඒ නිසා ඩෙෆී මේ විවාහ උත්සවය සිදු කළේ ඒ පසුතැවීමෙන් ගැලවෙන්නට බවත් කියැවෙනවා.

ආදරය වෙනුවෙන් කළ නොහැක්කක් නැහැ.නමුත් සමහර දේ කරන්නට ප්‍රමාද වීම ම අපට සදාකල් වේදනාවක් අත් කර දෙන බව නොකියාම බැහැ.

ඔබේ ප්‍රේමය වෙනුවෙන් හැකි සෑම දෙයක්ම කරන්නට මොහොතක් හෝ පමා වෙන්නට එපා.

පැරණි පුවත් – අපි දෙන්නා දරුවෙක් හදන්න කල් ගත්තේ රට හොද වෙනකම්, වැඩේ හරියන්නෑ වගේ

ටෙලි තිරය සහ සිනමාව තුළ කැපී පෙනෙන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි පුබුදු චතුරංග කියන්නේ. ඔහු රංගනය කල චිත්‍රපට අතර එක දවසක අපි, මායා, දැවෙන විහගුන්, ප්‍රවේගය, ජංගි හොරා, දෙවැනි යුද්ධය, සුරංගනා ලොවින් ඇවිල්ලා වැනි වර්ථමානයේ ජනප්‍රියම චිත්‍රපට ගණනාවකම ඔහුට රංගන වරම් ලැබෙනවා.

ඉතින් දක්ෂ රංගන ශිල්පියෙක් වගේම පුබුදු දක්ෂ අධ්‍යක්ෂකවරයෙක් විදියටත් ප්‍රේක්ෂක හමුවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ ඔහුගේ අධ්‍යක්ෂණයෙන් යුතු නිර්මාණයක් රසිකයින් ලබා දීමටයි ඔහු සූදානමින් ඉන්නේ. ඉතින් සම්මානනීය රංගන ශිල්පියෙක් වන පුබුදු රංගනයට වගේම නිවේදනයටත් ඒ හා සමානව දක්ෂතා දක්වන කලා ශිල්පියෙක්.

ඉතින් කලා කටයුතු මේ විදියට කරගෙන යන පුබුදුගේ තිරයේ විවිධ පෙම්වතියන් සිටියට ඔහුගේ සැබෑ ජීවිතයේ හිමිකාරිය ඔහුගේ ආදරණීය බිරිද තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. ඇයත් සුරූපිනියක් වගේම රංගන ශිල්පිනියක් විදියටත් කාගෙත් අවධානය දින ගන්නවා. ඉතින් මාෂිගේ සහ පුබුදුගේ සුන්දර කැදැල්ල ගැන හැමෝම විමසිල්ලෙන් බලන් ඉන්නේ කවද්ද මේ දෙන්නා තුන් දෙනා වෙන්නෙ කියලා. ඒ ගැන පුබුදු එක්තරා මාධ්‍ය හමුවකදී අදහස් දක්වලා තිබුණා.

” අපි බැලුවෙ රට ටිකක් හොද තත්වයකට එනකම් තුන් දෙනෙක් වෙන්න. මොකද අපි හොද රටකට තමයි අපේ අනාගත පරපුර දායාද කරන්න ඕන. නමුත් මේ යන තත්වෙත් එක්ක එහෙම රට සුභදායි වෙන්නෙ නෑ වගේ. ඒ නිසා දැන් ඒක ගැන පොඩ්ඩක් හිතන්න කාලෙ හරි වගේ. රට හොද වෙනකම් දිගු කාලයක් ඉදලා බෑනේ.”

මේ විදියටයි පුබුදු චතුරංග අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔවුන් දෙදෙනාගේ බලාපොරොත්තු ඒ විදියටම ඉටු වෙන්නට අපි සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්