
අලුත විවාහ වූ යුවළක් හිටි හැටියේම මියගොස් සිටි පුවතක් වාර්තා වෙනවා.
මේ කතාව අපිට ආරංචි වන්නේ ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයෙන්.
ඒ අනුව අලුත විවාහ වූ යුවලක් මෙලෙස ඔවුන්ගේ විවාහ මංගල උත්සවයට පෙර මියගොස් තිබෙනවා.
චත්තිස්ගාර්හි අගනුවර වන රයිපූර් හි ඔවුන්ගේ මංගල භෝජන සංග්‍රහයට මොහොතකට පෙර ඔවුන්ගේ නිවසේ කාමරයක් තුළ ඔවුන් සිරුරේ පි. ඇනුම් තුවාල සහිතව මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කරන්නේ.
දෙදෙනා අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පුද්ගලයා සිය බිරිඳට පි හිය කින් ඇන ඝාතනය කර ඇති බවට පොලිසිය සැක කරන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
Aslam (24) සහ Kahkasha Bano (22) ඉරිදා විවාහ වී ඇති අතර ඔවුන්ගේ විවාහ උත්සවය අඟහරුවාදා රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබී ඇත.
ඔවුන් තම කාමරය තුළ උත්සවයට සූදානම් වෙමින් සිටියදී මනාලයාගේ මව මනාලියගේ කෑගැසීම් ඇසී එහි දිව ගිය බවයි සඳහන් වන්නේ.
පසුව කාමරය ඇතුළතින් අගුළු දමා තිබී ඇති අතර ඔවුන් ප්‍රතිචාර නොදැක්වීම සිසා පවුලේ සාමාජිකයන් ජනේලයකින් එබී බලා ඇත.
එවිට නව යුවළ ලේ විලක් මැද සිහිසුන්ව වැටී සිටිනු දැක පසුව පොලිසියට දන්වා ඇත.
පොලිසිය දොර කඩා විවෘත කර පි/හි ඇනුමෙන් තුවාල ලැබූ ඔවුන්ගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යවා තිබෙනවා.
අඹුසැමියන් අතර ඇති වූ ආරවුලක් නිසාවෙන් මෙය සිදුව ඇති බවත්,
“පළමු බැල්මට පෙනෙන්නේ අඹුසැමියන් අතර බහින්බස්වීමක් ඇති වූ බවත්, එම පුද්ගලයා තම බිරිඳට පිහියකින් පහර දී සියදිවි නසාගෙන ඇති බවත්” යන්නෙන් වැඩිදුරටත් සඳහන් කරයි.
පැරණි පුවත් – අපි දෙන්නම මස් මාලු කන්නෙ නෑ, රුපියල් 40ක වඩේ අරන් දුන්නොත් කස්තුරිට හොදටම ඇති
පුංචි තිරයේ ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සංගීත් ප්‍රභූ කියන්නේ. ඔහු රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය අතරින් ඉහල රසික ආදරයක් ලැබුණ් ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යය හරහායි. එහි කවඩියා විදියට අවුරුත් දැන හදුන ගත්ත සංගීත් සම්මානනීය රංගන ශිල්පියෙක්.
පසු ගිය දා පැවත් වුණු සුමති සම්මාන උළෙලේ වසරේ හොදම නැගී එන ටෙලිනාට්‍යය නළුවා විදියට සම්මානයක් හිමි කරගන්නට වාසනාවන්ත වුණු සංගීත් ප්‍රභූ මේ වන විට ආදරවන්තයෙක් කියලා ඔහුට ආදරය අරන බොහෝ දෙනෙක් දන්නවා.
ඉතින් සංගීත් ප්‍රභූ ඔහුගේ ආදරය කාලයක් ප්‍රේක්ෂකයින්ට රහසක් විදියට කරගෙන ගියත් මේ වන විට ඔහුගේ සිහින කුමාරිය ජනප්‍රිය රංගන ශිල්පිනී කස්තුරි ජයවර්ධන කියලා දන්නවා. ඉතින් කස්තුරිත් සංගීත් ආදරය පටන් අරන් වසර කිහිපයක් වෙනවා. ඉතින් ඒ දෙන්නගේ හොදම ගැලපීම ගැන සංගීත් සහභාගි වුණු එක්තරා රූපවාහිනී මාධ්‍ය හමුවකදී කියලා තිබුණේ මේ විදියටයි.
” අපි දෙන්නගෙ හොදම ගැලපීම තමයි අපි දෙන්නම වෙජිටේරියන්. ඉතින් කස්තුරි රගපාපු පළවෙනි ටෙලිනාට්‍යයට ඇයට ආරාධනා කලේ මම. ඒ ටෙලිනාට්‍යයේ අපි සෙට් එකේ කෑම කන්න ඉන්නකොට කස්තුරිත් මස් මාලු කන්නෙ නෑ කිව්වා. ඊට පස්සේ ටික ටික කතා බහ කලේ. කස්තුරිට ඉස්සර රුපියල් 40ක වඩේ අරන් දුන්නොත් හොදටම ඇති. මොකද එයා වෙජිටේරියන් නිසා. දැන්නම් එයා වෙජිරෝල් එකයි අයිස් කොෆි බොන්නෙ. දැන් 700 ගානක් යනවා.”
මේ විදියටයි කඩවසම් නළු සංගීත් ප්‍රභූ ඔහුගේ සහ කස්තුරිගෙ ආදර කතාවෙ රසමුසු තැන් ගැන කියලා තිබුණේ.