
50 හැවිරිදි හෙදියක් සහ ඇගේ සැ මියා , ඔවුන් හදා වඩා ගත් හත් හැවිරිදි දැරියට පහර දී වද හිංසා කිරීමේ චෝදනා ව මත දිල්ලි පොලිසිය මඟින් ඊයේ රා ත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා ප්‍රදේශයේ පළා යමින් සිටිය දී උත්තරකාන්ද් හිරූ ර්කි ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ .මෙම සිද්ධියට සම්බන්ධයෙන් සැකකාර යුවළගේ පුතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන අතර තුර මොවුන් දෙදෙනා මෙලෙස පළා යෑමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ .රේණු කුමාරි නැමැති අදාළ කාන්තාව මධ්‍යම රජයේ රෝහලක හෙ දියක් ලෙස සේවය කරන තැනැතියක් වන අතර, ඇය සහ ඇයගේ සැමියා වන ආනන්ද් කුමාර් විසින් කලක සිට ඔවුන් හදා ගත් දැරියට මෙලෙස ශාරීරිකව දැඩිලෙස හිංසා කර ඇති බවයි අනවරණය වී ඇත්තේ .
සැකකාර හෙදිය වින්දිත දැරියගේ නැන්දා වන බවත්, ඇය විසින් දැරිය හදා වඩා ගැනීම සිදුකළ බවත් අනාවරණය වී තිබෙනවා. මේ අතර දැරියගේ සිරුරේ තුවාල සලකුණු ඇතිබව දුටු ඇයගේ පාසල් ගුරුවරිය ඒ පිළිබදව පො ලිසිය දැනුවත් කර තිබෙනවා. පසුව පොලිසිය පැමිණ දැරියගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඇය පවසා ඇත්තේ තමන් තම නැන්දා සමඟ ආර්කේ පුරම් හි ජීවත් වන බවත් පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන
බවත්ය.තමන් හදා ගැනීමට භාරගත් පළමු දිනයේ සිටම නැන්දා තමන්ට පහරදීමට පටන් ගත් බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.ඇය වැඩිදුරත් පවසා ඇත්තේ දෙසැම්බර් සහ ජනවාරි මාසවල ශීත ඍතුවේ දී ඇඳුමක් හෝ නොමැ තිව නිවසේ වහලයේ සහ බැල්කනියේ නිදා ගැනීමට නැන්දනිය විසින් සැලැස්වූ බවයි.
මේ අතර දැරියගේ වෛද්‍ය වාර්තාවෙන් ඇයගේ සිරුරේ තුවාල සලකුණු 18කට වැඩි ප්‍රමාණයක් ඇති බවට අනාවරණ වී තිබෙනවා .අත්අඩංගුවට ගැනුණු සැකකාර හෙදියක් සහ ඇගේ සැමියා සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු දිල්ලි පොලිසිය විසින් මෙහෙයවනු ලබනවා .කෙසේ වෙතත් දැරියගේ මව්පියන් සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර තිබූ ඉන්දීය මධ්‍ය කිසිඳු සඳහනක් නොකිරීම ද විශේෂත්වයක්.
පැරණි පුවත් – පොඩි කාලේ හදපු කතා එක්ක ඕවා මොනවද? මිත්තනියට නොසැලකූ ටනාශා දැන් කියන කතාව
ටනාශා සතරසිංහ කියන්නේ කලා ලෝකය තුළ ආදරණීය කලාකාරිනියක් විදියට ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර රංගන ශිල්පිනියක්. ඇය නීල පබලු ටෙලි නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.එනිසාම ප්‍රසිද්ධ වෙච්ච ඇය පසුගිය දවසක සමාජ මාධ්‍ය ජාලා උණුසුම් කරමින් බොහෝ දෙනෙක් අතර තව තවත් ප්‍රසිද්ධ වුණා.
ඒ විදිහට ඇය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඊයේ දින කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය විසින් ඇය කළ වැරැද්ද කට දඬුවමක් නියම වීමත් සමඟයි.මේක අධිකරණ තීන්දුවක් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ.ඇයට අධිකරණ තීන්දුවක් නිකුත් වෙන්නේ ඇය වෙසෙන් මිත්තනියගේ දේපල ලියාගෙන ඇයට නොසලකා හැරීම සම්බන්ධයෙන්.
දේපල ලියා ගත්තට පස්සේ ගෙදර වාහනේ පිළිසකර කරන්න ඕනි යැයි කියා ඇය මිත්තණියට ගෙදරින් ටිකදවසකට යන්න කියලා.හැබැයි ඊට පස්සේ ඈ හිටියද නැද්ද කියලවත් බලන්න ටනාෂා කෝල් එකක්වත් දීලා නැහැලු.ඒ වගේම තමයි මිත්තණිය සඳහන් කරන ආකාරයට ඇය තමන්ගේ ප්‍රාණ භුක්තිය තබා ගෙන ඉතිරි කොටස ඇයට පවරා තිබුනත් ඇයගේ මේ අකාරුණික හැසිරීම් රටාව නිසා කලකිරී මේ ආකාරයෙන් ඇයට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරනවා.
ඊට පස්සේ අධිකරණ විනිසුරුවරිය මිලියන 5 ක වන්දියක් ද නිවස යළි පවරා දෙන තෙක් මාසෙකට රුපියල් තිස්දාහකට බැගින් මිත්තණියට ගෙවිය යුතු යැයි ද මේ නිළියට නියෝග කළා.ඉතින් මේ විදිහට පුවත්පත්වලත් සමාජ මාධ්‍ය තුළත් හුවමාරු වෙන පුවත සහ වද පුවතක් බවට තමයි ඇය පුන පුනා සඳහන් කළේ.
ඊට පස්සේ ඇය වෙනුවෙන් සතුට බලන් ඉන්න බැරි ඉරිසියාව පුළුවන් තරම් අපිව වට්ටන්න දැඟළුවා ළමයි පොඩි කාලේ ඉඳන් දැන් ඒ ළමයට සතුට දරාගන්න බැරි ඉරිසියාව.” යනුවෙන් කමෙන්ට් එකක් එකතු කරල තිබුණු අතර ඒකට පිළිතුරු වශයෙන් ටනාෂා
“අනේ කමක් නෑ අම්මේ පොඩි කාලේ හදපු කතා එක්ක ඕ මොනවද ඒ කාලෙට වඩා දැන් ශක්තිමත් මං ඕවා ගණන් ගන්නේ නෑ ඔයාලා ගණන් ගන්න එපා” යනුවෙන් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා.ඒ වගේම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට “මිනිස්සු ගල් ගහන්නේ වට්ටන්න පුළුවන් සීමාවේ දී පමණයි. ඔබ සීමාව පසුකර ඉදිරියට ගියවිට දේ ගල් ගැසූ හැමෝම නරඹන්නන් වේවි එතෙක් පරිස්සමෙන් ඔබ ඔබේ ගමන යන්න” යන ආකාරයේ සටහනක්. මෙහි ඇත්ත තත්ත්වය අපි දන්නේ නැති වුණත් ඉතාමත් ඉක්මනින් සාධාරණත්වයක් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.