
පසුගිය දින දෙක තුළ සමාජ ජාලාවල සංසරණය වුණු පුවත් අතර මෝටර් රථයකට සුනඛ පැටවුන් දෙදෙනකු යටකර ඝාතනය කිරීමේ සිද්ධිය ඔබට මතක ඇති.
එය සිදු කළ සැකකාරිය පසුගිය 20 වැනිදා මතුරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇයව අධිකරණයට ඉදිරිපත් කර ඇප ලබාදුන්නා. මේ පිළිබඳව අප්‍රසාදය පළ කල බොහෝ දෙනා අතර සත්තුන්ට ආදරේ කරන ජනප්‍රිය නිළි පියුමි හංසමාලිත් විශේෂයි.
පියුමි හංසමාලි මේ ගැන අප්‍රසාදය පළ කරමින් ඇගේ සමාජ මාධ්‍ය වල ටිකක් සැර සටහනක් පළ කරලා තිබුනා.
පහත දැක්වෙන්නේ ඒ සටහනයි…..
“කවුද ඒ කාන්තාව පල කරනන්කො ඇගෙ පිංතුර අපි ආසයි. එ මුන ටිකක් බලන්න? ඇපත් ලැබිලාද? නිතියෙන් බෙරැනාට මම කර්මය විශ්වාස කරනවා මහා ගොඩාරියක්. කර්මය එනවා ආය පස්සෙන්. නලු නිලියන්ගෙ දෙවල් උනා නම් මහා ලොකුවට videos අරං අපිව නැති කරයි. මේ Media කො දැං මෙයාගෙ මුනක් වත් නැ. කොමද ඇගෙ නමක් වත් නැතුව මුනක් වත් නැතුව මෙක ඉවර උන හැටි. පවු අහිංසක කුකක්කො දෙන්නා.”
පැරණි පුවත් – මට ලස්සනයි කියලා හිතෙන ඕනෑම දෙයක් මම සල්ලි දීලා ගන්නවා – සප්නා පාදුක්ක
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක. ඇය ප්‍රේක්ෂක ආවධානය දිනා ගත්තේ මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍යයේ මානවී ලෙසින්. ඉතින් ඇය නිතරම ලස්සනට අඳින පළඳින ෆැෂන් කරන තරුණියක්.ඉතින් විලාසිතා ගැන ඇයගේ කැමැත්ත ගැන මේ විදිහට පැවසුවා. “ලොකු කැමැත්තක් තියෙනවා. නිතරම වගේ අලුත් අලුත් විලාසිතා කරන්න මම ආසයි. හැබැයි කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම වගේ මම කරන්න කැමති නැහැ. නමුත්, මට ගැළපෙන, හොඳයි කියල හිතෙන විලාසිතා විතරක් මම තෝරගෙන කරනවා.
මොකක් හරි උත්සවයක් විශේෂ දෙයක් තියෙන කොට ඇරෙන්න මම හැම වෙලාවේම ඇදුම් හා අනෙකුත් දේවල් ගන්නේ නැහැ. ඒ හින්දා මාසිකව මට මේ පමණ මුදලක් විලාසිතාවලට වියදම් වෙනවා කියලා කියන්න බැහැ.ගන්න ඇඳුමක් දෙතුන් පාරකට වැඩිය අඳින්නේ නැහැ. මට ලස්සනයි කියලා හිතෙන ඕනෑම දෙයක් මම මුදල ගැන හිතන්නේ නැතුව ගන්නවා. දැන් නම් ගොඩක් වෙලාවට ඔන්ලයින් ඇණවුම් කරලා තමයි ඇඳුමක්, සපත්තුවක් වගේ දෙයක් මම ගන්නේ. එහෙම නැත්නම Disel Fashion එකෙන් තමයි ඇඳුම් ගන්නේ. ගොඩක් වෙලාවට මම තනියම තමයි ඇඳුමක් ගන්න යන්නේ. මොකද එහෙම ගියොත් විතරයි මට හරියටම හරියන ඇඳුම තෝරගන්න පුළුවන් වෙන්නේ. මට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම Crop Top & Jeans. ගොඩක් අය කියනවා මට ඒ වගේ ඇඳුම් ලස්සනයි කියලා.”