
මුහුණු පොතෙන් හඳුනා ගත් අනියම් සැමියාට සිය හත් හැවිරිදි දියණියකට කරදර කිරිම සඳහා අනුබල දුන්බව කියන මවක් සහ අනියම් සැමියා අත් අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
කටුගස්තොට පොලිස් බල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගේ සැමියා වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර කාන්තාව මුහුණු පොත හරහා විවිධ පුද්ගලයන් හඳුනා ගෙන ඇසුරු කරන්නට පටන් ගෙන තිබේ.
මෙම පුද්ගලයන් අතර එක් පුද්ගලයෙකු සිය අනියම් සැමියා ලෙස යොදා ගෙන තිබේ.ඒ අනුව එම පුද්ගලයා නිරන්තරයෙන් ඇයගේ නිවසට පැමිණෙමින් ඇය සමඟ අනියම් ඇසුරක් පවත්වාගෙන ගොස් තිබේ.
මේ අතරතුර එක් දිනක ඇයගේ හත් හැවිරිදි දැරිය ට කරදර කිරීමට අනියම් සැමියා පෙළඹි ඇති අතර ඒ සඳහා දැරියගේ මව වන අනියම් බිරිඳ සිය අනියම් සැමියාට අනුබල දී තිබේ.
මේ සම්බන්ධයෙන් දැරිය සිය නැන්දාට පවසා ඇති අතර නැන්දා විසින් දැරියගේ මිත්තණියට පවසා පොලිසිය වෙත පැමිණිලි කැරනු ලැබ තිබේ.
මොහොමඩ් ආසික්
ලංකාදීප
පැරණි පුවත්එ – යාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට- උපේක්ෂා ස්වර්ණමාලි මෙතෙක් නොකියූ කතාව
උපේක්ෂා ස්වර්ණමාලි කියන්නෙ රංගන ශිල්පිනියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.
පස්සෙ කාලෙක ඇය දේශපාලන පිටියත් පිවිසුණා ඔබට මතක ඇති.
ඒ කොහොම වුණත් ඇය තමන්ගේ දේශපාලන ආගමනය ගැන ජනතාවගෙන් සමාව අයැද සිටියා.
ඇය කියා තිබුණේ ඇගේ එම තීරණය ඇගේ කැමැත්තකින් තොරව ගත් එකක් බවයි.
ඇය ඇගේ පියා ගැන මෑතක වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා තිබූ අතර, ඇය එහිදී සංවේදීව මෙසේ කියා තිබුණා.
“ඇත්තටම මම තාත්තා ගැන කතා කරන්න හරි ආසයි. මගේ තාත්තව මම දන් නෑ. ආශ්‍රයක් නෑ… මම අවුරුදු දෙක තුනකට කලින් කැනඩාවට ශෝ එකකට ගියා. තාත්තාගේ අක්කයි දුවයි මට කතා කළා. හැබැයි මගේ තාත්තා කතා කරන්න කැමති වුණේ නෑ. එයාගේ වර්තමාන බිරිඳ කැමති නෑ අපිත් එක්ක ගනුදෙනු කරනවට. මට ඒක තේරුම් ගන්න පුළුවන්. මගේ පවුලට උන හානිය ඒ පවුලට කරන්න අකැමැති නිසා මම කරදර දෙන්න ආස නෑ. තාත්තා ගැන ලොකුවට කතා කරන්න දෙයක් දන් නෑ. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මගෙ ඇඟේ ඒ දමිළ තාත්තගෙයි සිංහල අම්මගෙයි ලේ දුවනවා. ඒ හැඟීම වචනවලින් කියන්න තේරෙන් නෑ. මම දෙමළ දන්නෙත් නෑ. ඒත් ජානවලින් ආපුදේ නිසා ආසයි. තාත්තා හම්බුනොත් දවසක.. මව හැදුවට ස්තුතියි කියනවා. එයාව තේරුම් ගන්න මට බැරි කමක් නෑ…”