
බලපිටිය මූලික රෝහලේ රසායනික දව්‍ය ගබඩා ඒකකයේ දැන් හදිසි ගින්නක් හට ගෙන ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි.
මේ වනවිට එම ඒකකයේ දුමාරයෙන් වැසී ඇති බවද පොලීසිය කියයි.
ගින්න නිවීම සදහා ගාල්ල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය කැදවීමට කටයුතු කළ බවද පොලීසිය කියයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණයවී නැති බවද පොලීසිය කියයි.
අම්බලන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පැරණි පුවත් -සිරීපාදේ නැගලා මහන්සි නිසා අපි ඔක්කෝම නිදා ගත්තා… එක පාරටම බස් එක පෙරලෙනකොට තමයි අපට ඇහැරුණේ” තිදෙනෙකුට මරු කැඳවූ නෝට්න්බ්‍රිජ් මාරක අනතුරේ ඇත්ත කතාව
ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නියේ සිට මහරගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් තිදෙනෙකුට ජීවිතය අහිමි වුණු බවත් තවත් රැසකට බරපතල තුවාල සහිත බවත් දැනටමත් ඔබ දන්නව ඇති.
එම අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී බස් රථයේ ගමන් ගත් 26 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එම තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
බස් රථ අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු තරුණියන් දෙදෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් සිටි බවත්, අනෙක් තරුණයාගේ සිරුර (20) දින බස් රථයට යට වී තිබියදී නෝටන්බි්‍රජ් පොලිසියේ නිලධාරින්, යුද හමුදා භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන එම සිරුර ද වටවල ප්‍රාදේශීය රෝහල වෙත යොමු කර ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මාතර අකුරේගොඩ පදිංචි කසුනි ඉමන්තිකා ජයලත් (33), මාතර උඩුකුඹුර ප්‍රදේශයේ පදිංචි නයනාරත්න කුමාරි රත්නායක (35), හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය නානායක්කාර (33) යන අයයි.
අනතුර සිදු වී ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝටන්බි්‍රජ් හුළං වංගුව ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයකට ඉඩ ලබා දීමට යාමේදී මාර්ගයේ කොටසක් කැඩීගොස් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇති බව නෝටන්බ්‍රජ් පොලිසිය කියා සිටියේය.
අනතුරින් තුවාල ලැබූ වන්දනාකරුවන් යුද හමුදා භට පිරිස් , පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කරනු ලැබූහ.
වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණු තුවාල කරුවන් 26 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු එම තුවාලකරුවන් අතරින් තුවාල කරුවන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ නිසා ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල් වෙත යොමු කර ඇත.
තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරාද සිටින බව පොලිසිය කියා සිටියේය.
වටවල ප්‍රාදේශීය රෝහලේ සිට තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීම සඳහා අවට පිහිටි ප්‍රාදේශීය රෝහල් වල ගිලන් රථ සහ පොලිස් ස්ථාන වලට අනුයුක්ත කර ඇති සුවසැරිය ගිලන් රථවල සහාය ද ලබාගෙන ඇත.
අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ පැමිණි තරුණයෙකු කියා සිටියේ “අපි රත්මලාන ප්‍රදේශයේ බිස්කට් කර්මාන්ත ශාලාවක සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය. අපි අපේ යහලුවන් එක්ක මහරගමින් බස් රථයක් කුලියට අරගෙන 17 දින නල්ලතන්නියට ආවා ශ්‍රී පාදේ යන්න. අපේ බස් එකේ ආපු කට්ටිය 28 දෙනෙක් විතර හිටියා. ඒ අය මහරගම බෝඩින් වෙලා හිටියේ. ලංකාවේ එක එක පැති වල පදිංචි අය සිටියා. ශ්‍රී පාදේ නගිනකොට අපේ නඩේ කට්ටිය වරින් වර මග හැරුණා සමහර අයට ශ්‍රී පාද මළුවට යන්න වුණේ නෑ. කොහොම හරි අපි ටික වරින් වර නල්ලතන්නියට ඇවිල්ලා බස් එකට නැග්ගා.
බස් එක 19 දින රාත්‍රි 8.00 ට පමණ නල්ලතන්නියෙන් පිටත් වුණා. ශ්‍රී පාදේ නැගලා මහන්සි නිසා අපි ඔක්කෝම බස් එකේ නිදා ගත්තා. එක පාරටම බස් එක පෙරලෙනකොට තමයි අපට ඇහැරුණේ.
මගෙත් ඔළුවේ තුවාලයක් තියෙනවා. අනිත් අයටත් තුවාලයි. මොනවද වුණේ කියලා හිතා ගන්න බෑ” යනුවෙන් පැවසීය.
අනතුරට පත් බස් රථයේ අයිතිකාරිනිය වන හෝකන්දර පදිංචි ඩී.එම්. ශාමින්දි දිල්රුක්ෂි කියා සිටියේ “මගේ බස් එක තමයි අනතුරට පත් වෙලා තියෙන්නේ. මගේ බස් එකේ රියදුරා සමග හිතවත්කමක් ඇති තුවාල ලබලා ඉන්න මල්ලි කෙනෙක් තමයි ශ්‍රී පාදේ යන්න
රු 75000/= කට බස් එක හයර් කරලා තියෙන්නේ.
ඒ බස් රථයේ බිස්කට් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩ කරන 28 දෙනයි බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ඇවිල්ලා තියෙනවා.
අනතුරෙන් තුවාල ලැබු රියදුරා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලෙත් කොන්දොස්තරවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
එ දෙන්නම මීට ඉස්සර කිහිප වතාවක්ම ශ්‍රී පාදේ වන්දනාකරුවන් අරන් ඇවිල්ලා තියෙනවා මේ පාරේම.
හොඳ පලපුරුදු රියදුරෙක්, අනතුර සිදු වුණාට පස්සේ තුවාල ලබලා හිටපු කොන්දොස්තරවරයා මගේ අම්මට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා බස් එක පෙරලුණා කියලා.
ඊට පස්සේ අම්මා තමයි මට කිව්වේ බස් එක පෙරලිලා කියලා” යනුවෙන් පැවසීය.
මියගිය තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් රැගෙන නල්ලතන්නියේ සිට මහරගම දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100 ක් පමණ ප්‍රපාතයට පෙරළීමෙන් එම බස් රථයේ ගමන් ගත් තිදෙනෙකුට ජීවිතය අහිමි වුණු බවත් තවත් රැසකට බරපතල තුවාල සහිත බවත් දැනටමත් ඔබ දන්නව ඇති.
එම අනතුරෙන් තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු ජීවිතක්ෂයට පත් වී බස් රථයේ ගමන් ගත් 26 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එම තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
බස් රථ අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු තරුණියන් දෙදෙනෙකු වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් සිටි බවත්, අනෙක් තරුණයාගේ සිරුර (20) දින බස් රථයට යට වී තිබියදී නෝටන්බි්‍රජ් පොලිසියේ නිලධාරින්, යුද හමුදා භටයින් සහ ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන එම සිරුර ද වටවල ප්‍රාදේශීය රෝහල වෙත යොමු කර ඇත.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ මාතර අකුරේගොඩ පදිංචි කසුනි ඉමන්තිකා ජයලත් (33), මාතර උඩුකුඹුර ප්‍රදේශයේ පදිංචි නයනාරත්න කුමාරි රත්නායක (35), හික්කඩුව ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය නානායක්කාර (33) යන අයයි.
අනතුර සිදු වී ඇත්තේ නල්ලතන්නිය ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝටන්බි්‍රජ් හුළං වංගුව ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ බස් රථයට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් බස් රථයකට ඉඩ ලබා දීමට යාමේදී මාර්ගයේ කොටසක් කැඩීගොස් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරළී ඇති බව නෝටන්බ්‍රජ් පොලිසිය කියා සිටියේය.
අනතුරින් තුවාල ලැබූ වන්දනාකරුවන් යුද හමුදා භට පිරිස් , පොලිස් නිලධාරින් සහ ප්‍රදේශවාසීන් එක්ව රෝහල් ගත කරනු ලැබූහ.
වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කෙරුණු තුවාල කරුවන් 26 දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසු එම තුවාලකරුවන් අතරින් තුවාල කරුවන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ නිසා ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර සහ පේරාදෙණිය ශික්ෂණ රෝහල් වෙත යොමු කර ඇත.
තුවාලකරුවන් අතර බස් රථයේ රියදුරාද සිටින බව පොලිසිය කියා සිටියේය.
වටවල ප්‍රාදේශීය රෝහලේ සිට තුවාලකරුවන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යැවීම සඳහා අවට පිහිටි ප්‍රාදේශීය රෝහල් වල ගිලන් රථ සහ පොලිස් ස්ථාන වලට අනුයුක්ත කර ඇති සුවසැරිය ගිලන් රථවල සහාය ද ලබාගෙන ඇත.
අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ පැමිණි තරුණයෙකු කියා සිටියේ “අපි රත්මලාන ප්‍රදේශයේ බිස්කට් කර්මාන්ත ශාලාවක සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අය. අපි අපේ යහලුවන් එක්ක මහරගමින් බස් රථයක් කුලියට අරගෙන 17 දින නල්ලතන්නියට ආවා ශ්‍රී පාදේ යන්න. අපේ බස් එකේ ආපු කට්ටිය 28 දෙනෙක් විතර හිටියා. ඒ අය මහරගම බෝඩින් වෙලා හිටියේ. ලංකාවේ එක එක පැති වල පදිංචි අය සිටියා. ශ්‍රී පාදේ නගිනකොට අපේ නඩේ කට්ටිය වරින් වර මග හැරුණා සමහර අයට ශ්‍රී පාද මළුවට යන්න වුණේ නෑ. කොහොම හරි අපි ටික වරින් වර නල්ලතන්නියට ඇවිල්ලා බස් එකට නැග්ගා.
බස් එක 19 දින රාත්‍රි 8.00 ට පමණ නල්ලතන්නියෙන් පිටත් වුණා. ශ්‍රී පාදේ නැගලා මහන්සි නිසා අපි ඔක්කෝම බස් එකේ නිදා ගත්තා. එක පාරටම බස් එක පෙරලෙනකොට තමයි අපට ඇහැරුණේ.
මගෙත් ඔළුවේ තුවාලයක් තියෙනවා. අනිත් අයටත් තුවාලයි. මොනවද වුණේ කියලා හිතා ගන්න බෑ” යනුවෙන් පැවසීය.
අනතුරට පත් බස් රථයේ අයිතිකාරිනිය වන හෝකන්දර පදිංචි ඩී.එම්. ශාමින්දි දිල්රුක්ෂි කියා සිටියේ “මගේ බස් එක තමයි අනතුරට පත් වෙලා තියෙන්නේ. මගේ බස් එකේ රියදුරා සමග හිතවත්කමක් ඇති තුවාල ලබලා ඉන්න මල්ලි කෙනෙක් තමයි ශ්‍රී පාදේ යන්න
රු 75000/= කට බස් එක හයර් කරලා තියෙන්නේ.
ඒ බස් රථයේ බිස්කට් සහ ඇඟළුම් කර්මාන්ත ශාලාවක වැඩ කරන 28 දෙනයි බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයා ඇවිල්ලා තියෙනවා.
අනතුරෙන් තුවාල ලැබු රියදුරා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලෙත් කොන්දොස්තරවරයා පේරාදෙණිය ශික්ෂණ රෝහලේත් ප්‍රතිකාර ලබනවා.
එ දෙන්නම මීට ඉස්සර කිහිප වතාවක්ම ශ්‍රී පාදේ වන්දනාකරුවන් අරන් ඇවිල්ලා තියෙනවා මේ පාරේම.
හොඳ පලපුරුදු රියදුරෙක්, අනතුර සිදු වුණාට පස්සේ තුවාල ලබලා හිටපු කොන්දොස්තරවරයා මගේ අම්මට දුරකථනයෙන් කතා කරලා කියලා තියෙනවා බස් එක පෙරලුණා කියලා.
ඊට පස්සේ අම්මා තමයි මට කිව්වේ බස් එක පෙරලිලා කියලා” යනුවෙන් පැවසීය.
මියගිය තිදෙනාගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇත.