වර්තමානයේ ලංකාවේ තරුන පරම්පරාවේ පවතින ප්‍රධානම ගැටළුව වන්නේ විරැකියාවයි. එය වර්තාමානයේ පවතින ආර්ථික උද්දමනය ආදී වත්මන් ආර්ථික ප්‍රශ්න උද්ගත වෙන්න පෙර සිට දශක ගණනක් පැවැතුණු බරපතළ සමාජ ආර්ථික ප්‍රශ්නයක්.

මේ විරැකියාව සමහර තරුනයන් තමන්ගේ ජීවිතය පවා අහිමි කරගන්නා තැනට පත් වන අවස්ථා අප ඕනෑ තරම් දැකලා තියෙනවා.

කොයිතරම් සමාජ ආර්ථික ප්‍රශ්න තිබුනත් තමන්ගේ උත්සාහයෙන් මහන්සියෙන් මුදල් උපයාගන්නට වෙරදරන තරුණ පරම්පරාවක් අපේ රටට ඉතිරිව තියෙනවා.. එවැනි තරුණයෙක් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ තමා ආරම්භ කළ කුණා ව්‍යාපාරය ගැන ඡායාරූප කීපයක් සටහන් කරමින් මෙසේ සටහන් කරලා තිබුනා.

ජීවිතය ඉදිරියට යාගත නොහැකිව කොයිතරම් වැටුනද උත්සාහය සහ ධෛර්‍යය පවතිනවා නම් කළ නොහැකි දෙයක් නොමැර්ති බව මේ තරුනයාගෙන් ඉගෙනගත හැකියි.

“මමත් දඹුල්ලේ කොලකැද බිස්නස් එකක් පටන් ගත්තා. ටෙක් යන්න පටන් ගත්ත සල්ලි නෑ අම්මලගෙන්ම ඉල්ලන්නත් බෑ ගමේ කොල ටික එහෙම තියන නිසා ආවා අදහස . පොඩියට පටන් ගත්තා ගමේ කොල්ලො ටික එහෙම පට්ට සප් එකක් දුන්න පලවෙනි දවසේ.. ටෙක් පටන් ගන්නෙ 8.30ට උදේ 6.00 ඉදල 7.20 වෙනකන් පාර අය්නෙ කොලකැද විකුනලා එහෙම්ම බස් එකේ නැගල ටෙක් යනවා .. දඹුලුඔය හන්දිය හරියෙන් යන එන කෙනෙක් ඉන්නවනම් උදේම කොලකැද වීදුරුවක් බීල යන්න…”

පැරණි පුවත් -පුංචි තිරයට ආධුනික රංගන ශිල්පිනියක් වන ඇය නිම්මි මනෝහාරි.

ඉතින් අපි අද ඔබට කියන්න යන්නේ ඇයි ඉස්කෝල කාලෙදී ගත කරපු ඒ සුන්දර ජීවිතය පිළිබඳව අත්දැකීම් කීපයක්. නිම්මි කියනවාටත් වඩා ගොඩක් දෙනෙක් ඇයව දන්නේ නාඩගම් කාරයෝ ටෙලි නාට්‍යයේ පොඩ්ඩි කියන චරිතය හරහා. ඉතින් මේ පොඩ්ඩි කියන චරිතයට ඇයට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා කියලා නිම්මි සඳහන් කරනවා.

ඉතින් ඒ සුන්දර චරිතය ඉස්කෝලෙ යන කාලෙදි ඒ ගත කරපු සොඳුරු පාසල් කාලය ගැන අදහස් කිහිපයක් පුවත්පතකට ඉදිරිපත් කරලා තිබුණා.ඉතින් එයින් විශේෂිත කරුණු කීපයක් අපි හිතුවා ඔබත් සමග බෙදා හදා ගන්න.

“මම 1 වසරේ ඉදන් 13 වසර දක්වා ම ඉගෙන ගත්තෙ මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලයේ. මට මතකයි මම ඉස්කෝලේ ගිය පළවෙනිම දවස අම්මයි තාත්තයි දෙන්නම එක්ක තමයි ගියේ එදා ගොඩක් දෙනෙක් ඇඩුවා ඒත් මම නං ඇඬුවෙ නැහැ. එදා අඬපු අය සනසපු එක තමයි මම කළේ ඒ තරමට මම ඒ කාලේ forward චරිතයක්. ඕනෙම කෙනෙක් එක්ක කතා බහ කරලා ඉන්නවා බයක් කියන දේ ගෑවිලා වත් නෑ ඒ වගේම ගොඩක් දඟයි.

එකම යාළුවොත් එක්ක ඉන්න ඕනේ කියලා මට හැඟීමක් තිබුණේ නැහැ සමස්තයක් විදිහට පුංචි කාලේ ඉඳන් ප්‍රාථමික කනිෂ්ඨ ජේෂ්ඨ අධ්‍යාපනය ලබද්දී හැම දෙනා එක්කම මගේ ලොකු ෆිට් එකක් තිබුණා. කොහොමත් මම ඉස්කෝලේ කැපී පෙනෙන චරිතයක් කිසි දෙයකට බය නැහැ. ඕනෑම දේකට ඉදිරිපත් වීමේ හැකියාවක් තිබුණා පාසලේ මාධ්‍ය අංශයේ සාහිත්‍ය සංගම්,කලා සංගමය හැමදේකම මූලිකත්වය අරගෙන වැඩ කළා. ඒ නිසාම ඉස්කෝලේ මගේ වයස සහෝදරියනුත් මට වැඩිමල් පිරිසක් බාල පිරිසක් මට ගොඩක් ආදරෙයි.”

ඒ විදිහට අදහස් දක්වන නිම්මිට ගොඩක් දෙනෙක් ඉස්කෝලෙ යන කාලෙදි කතා කරලා තියෙන්නෙ ආදරේට ප්‍රියා කියන ආදරණීය නමින්. ඇය පාසල් ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරපු සාමාජිකාවක් වන අතර ඉස්කෝලෙ යන කාලෙදි නර්තනය හදාරන්නත් අමතක කරලා නැහැ. ඒ දේවල් එක්කම පාසල් වෙදිකාවේ අයට ලොකු ඉඩකඩක් වෙන් වෙලා තියෙනවා. නමුත් ඉස්කෝලේ යන කාලේ නම් ලොකුවට රංගනයත් එක්ක ඇයත් සම්බන්ධ වෙලා නැහැ. පසුකාලීනව තමයි අය කලා ලෝකයත් එක්ක වැඩ කටයුතු කරන්න තීරණය කරන්නේ. මුලින්ම අපි කිව්වනේ නිම්මි කියන්නේ ඉස්කෝලේ කාලෙදී ටිකක් දඟ චරිතයක් කියලා. ඉතින් මේ දඟ චරිත යට ඉස්කෝලෙදි හිත ගියපු පිරිමි ළමයෙක් එහෙම හිටියද කියලා අහපුවාම ඇය සඳහන් කළේ මේ වගේ පිළිතුරක්.

“ඇත්තටම දඟ වැඩ කළා මිසක් මට ඒ කාලේ පාසල් ප්‍රේමයක්වත් තිබිලා නැහැ මට පිරිමි යාළුවො ඕනෙතරම් ඉන්නවා. ගෑනු යාළුවොන්ටත් වඩා ඉන්නේ පිරිමි යාළුවො යාලු ෆිට් එකට මිසක් මට ආදරණීය ඇරැයුම් නම් වැඩිපුර ඇවිල්ලා නැහැ. ඒ දේවල් වලට මගෙ යොමුවීමත් තිබුනෙත් නැහැ නමුත් ලස්සන කොල්ලො දිහා බලනවා.”

ඉතින් ඒ පාසල් කාලය සොඳුරු අත්දැකීම් කීපයක් පිළිබඳව ඇය විදිහට තමයි අදහස් හුවමාරු කරගෙන තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්