
ඖෂධයක් එන්නත් කිරීමෙන් පසුව එය විෂවී තරුණයකු මියයෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලම්පිටිය වෙන්නවත්ත ප්‍රදේශයේ ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝගයක් නිකුත් කළාය.
මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ දෙමටගොඩ පාර, කොළඹ 09 ලිපිනයැති ආයුර්වේද වෛද්‍ය හොමොමඩ් මහරුෆ් කරීම් මොහොමඩ් උවයිස් යන අයගේය.
මෙම තරුණයාගේ කෙටි පශචාත් මරණ පරික්ෂණ තීන්දුව විවෘත තීන්දුවක් ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් දෙනු ලැබ ඇති බවත්, ඔහුගේ මරණය සැක සහිත බවට මරණකරුගේ මව පැමිණිලිකර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත.
ඒ අනුව මෙම එන්නත ලබාදුන් වෛද්‍යවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
මෙම මරණය සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල යොමුකර ඇත්තේ අයි.ඩී.එච්. රෝහලෙන් බව ද වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර ඇත.
පැරණි පුවත් – එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි.අපි පොඩ්ඩක් අවුස්සලා ගමුද කියල කීවා.එයත් පස්සෙ දැම්මා-ශලනි හෙලිකල රහස
පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ මුණගැහෙන කවුරුත් ආදරේ කරන සුන්දර නිළියක් තමයි ශලනි තාරකා කියන්නෙ. ශලනි සමාජ මාධය තුළත් දකින්න පේන්න ඉන්න කෙනෙක්. ඒ වගේම ළගදීම ඇය විවාහ වෙන කතාවත් දැන් කාටවත් රහසක් නෙවෙයි. මේ තියෙන්නෙ මෑතක ඇය යූටියුබ් නාලිකාවක් එක්ක කරපු කතාබහක්.. “මම ආදරේ කරන්නෙ මට.. ඇක්ශන් කට් අස්සෙ විතරයි මම නිළිය වෙන්නෙ.
එතකන් මම මගේ විදිහට ඉන්නෙ. ලොකුවට මම එහෙම හිතන්නෙ නෑ. මා එක්ක සෙට් වෙන අය දන්නව මට පිස්සු කියලා. මම ඒ තරම් සතුටින් විනෝදෙන් ඉන්නෙ..” අද කාලේ අයට පැවැත්මක් නැත්තේ ඇයි ? සමහර අය මමත්වයෙන් ඉන්නවා? “ඒගොල්ලන් ඇචිව් කරගත්ත නැති නිසා වෙන්නැති ඒ මමත්වය. ඒක ඉතින් එක එක්කෙනා ගේ කැමැත්ත. මම සාමාන්‍යයෙන් පාටි දාගෙන ගොඩක් කට්ටිය එක්ක ඉන්න ආස කෙනෙක් නෙවේ…”
සචින් ලියනගේ ගැන ශලනි කිව්ව දේ.. “මට මල්ලි කෙනෙක් ඉන්නව නම් මම කැමති. සචින් මා එක්ක මාර ක්ලෝස්.. සෙට් එකේ වැඩ කරද්දි උනත් හැමදේම අහන කෙනෙක්. මුලින්ම අපි ෆොටෝ එකක් දැම්මා. ඒකට කමෙන්ට්ස් හාරදාස් ගාණක් ආවා. විශ් කරලා පවා දාලා තිබ්බා. අපි මියුසික් වීඩියෝ එකක් ශුට් කරන ගමන්.. එයත් මගේ ළඟ හිටියා ඒක දාද්දි.. මම කිව්ව බලන්නකෝ මේකේ කමෙන්ට්ස්.
අපි පොඩ්ඩක් අවුස්සලා ගමුද කියල. පස්සෙ එයත් දැම්මා. සමහර අය බැන්නා. සමහරු අය කිව්ව කපල් එකක්. වයස ප්‍රශ්නයක් නෑ. ගැළපෙනවා කියලා දාලා තිබ්බා. අපි දෙන්න හරි ඕපනින්.. මාර පිස්සු නටන්නෙ අපි එකතු වුණාම. එහෙම අයගෙන් හම්බෙලා ඉන්නේ සාරංග දිනක්ශි දෙන්නා.. සාරංග අයියා එක්ක රගපාද්දිත් එහෙම කතා ආව. මේකත් එහෙම කතාවක් තමා..”