
මේ දිනවල ලංකාවේ ට්‍රෙන්ඩින්ම කපල් එක විදියට කවුරුත් ආදරය කරන ඒ යුවළ තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ. ඉතින් ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සහ මේ දිනවල රූපවාහිනියේ විවිධ නාලිකාවල සිදු කරන වැඩ සටහන් ගණනාවකම මේ ආදරණීය යුවළ දැක ගන්න පුලුවන්.
ඉතින් කාලයක් හොදම යාලුවන් වෙලා හිටපු සංගීත් දිනී යුවළ මුණ ගැහුණේ ශිවගුරුනාදන් මහතාගේ ටෙලිනාට්‍යයකදී. ඉන් පසුව දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව හිටපු මේ දෙන්නා හොදම යාලුවන් බවට පත් වෙනවා. ඉතින් මේ යාලුකම ආදරයක් බවට පත්වෙලා මේ වන විට දෙමාපියන්ගේ ආශිර්වාදයත් එක්කයි සතුටින් ඉන්නවා.
ඉතින් පුංචි තිරය හරහා වගේම සංගීත් දිනී යුවළ අපිට දැක ගන්න පුලුවන් සමාජ මාධ්‍ය හරහා. සංගීත් දිනී ව්ලොග්ස් හරහ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ආදරයට බාහිරින් එන බලපෑම් ගැන මේ විදියටයි මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” අපි දෙන්නට දෙන්නා පෙන්නන්න බැරුව හිටියට අපි කාලෙකදි හොදම යාලුවෝ වෙනවා. ඉතින් අපි දෙන්නට දෙන්නා හොදින්ම ගැලපෙනවා කියලා දැනෙනකොට මම දිනීගෙන් ඇහුවා. නමුත් එයා කිව්වේ අපි මෙහෙම ඉදලා බලමු කියලා. මේ ගැන සමාජය දැන ගන්නටකොට අපි දෙන්නා හුගක් දුර ගිහින් ඉවරයි. එතකොට අපිට මිනිස්සු මොනවා කිව්වත් අපි දෙන්නා බැදිලා ඉවරයි. මිනිස්සු කියන නරක දේවල් අපි ගණන් ගන්නෙ නෑ. අපේ අම්මලා පවුලෙ අය කැමතිනම් අපිට අනිත් අයගෙන් වැඩක්ම නෑ.”
මේ විදියටයි සංගීත් දිනී ආදර කතාව ගැන ප්‍රේක්ෂකයන් සමගින් තොරතුරු බෙදාගෙන තිබුණේ.
පැරණි පුවත් – මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ – හින්දි නිලියක් වගේ ලස්සන පියුමි ශ්‍රී නායක
මේ දවස්වල ලංකාවේ බහුතරයක් නරඹන ආදරණීය ටෙලිනාට්‍යක් තමයි ස්වර්නවානිනී නාලිකාවේ විකාශනය ‘පාරදිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍ය හරහා හැමෝගේම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි ශ්‍රීනායක කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ දුටුවන්ගේ නෙත් වශී කරනවන සුන්දර රුවකට හිමිකම් කියන පියුමි ශ්‍රීනායක සමග,
ඔබට හිතෙන විදියට ඔයාට ගැලපෙනම විලාසිතා මොනවද..?
‘මට ගැලපෙනම විලාසිතා තමයි ඉන්දියානු විලාසිතා, මගේ මුහුණේ හැඩයි ඇඟේ පැහැයයි නිසා මම හින්දි විලාසිතා කරද්දී ගොඩක් අය කියනවා මම හින්දි නිලියක් වගේ කියලා, මම විලාසිතා කරද්දී දුඹුරු පාට හැරෙන්න ලෝකේ තියෙන ඕනෑම පාටක ඇඳුම් අඳිනවා මම දුඹුරු පාට ඒවා පෙන්න බෑ, අනිත් හැම පාටක්ම මට ලස්සනයි කියලයි මට හිතෙන්නේ,”
අපි දකිනවා ඔබ ඔබටම ආවේනික විලාසිතා කරනවා, ඉතින් ඒ ඇඳුම් නිර්මාණය කරගන්නේ ඔබමද..?
”ඇත්තම කියනවනම් නැහැ, මට මම වෙනුවෙන්ම ඇඳුම් නිර්මාණය කරන කෙනෙක් ඉන්නවා, එයා තමයි රුවන් චාමර මල්ලි, එයා මට නිර්මාණය කරලා දෙන එක ඇඳුමක් මම අඳින්නේ එක පාරයි, ඉතින් ඒ නිසා එයා අලුත් අලුත් ඇඳුම් ගොඩක් මට හදලා දෙනවා, ඇත්තම කියනවනම් එයා අති දක්ෂයෙක්”
විලාසිතා වෙනුවෙන් ලොකු මුදලක් වැය කරනවා ඇති නේද එහෙනම්
අනේ නෑ, මම නිතරම බලන්නේ අඩු මුදලකින් ලස්සනට අඳින්න පළදින්න, මම කොහොමත් බ්‍රැන්ඩඩ් ඇඳුම් විතරක් අඳින කෙනෙක් නෙවෙයි, මම මට ගැලපෙන ඕනෑම ඇඳුමක් අඳිනවා, මට එහෙම මානසික මට්ටමක් නෑ, පොඩි ගානකට ලස්සන ඇඳුමක් හම්බවුනොත් මම ඒකත් අරන් අදිනවා, ඒක පාටියකට හොඳයි කියලා හිතුනොත් මම පාටියකටත් ඒක අඳිනවා,”