
“පුතේ සල්ලි දෙන්න නැහැ. ශ්‍රී පාදයේ යන්න එපා යැයි මවුපියන් කියද්දී, මට ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා” කියා ශ්‍රී පාද වන්දනාවේ ගිය 17 හැවිරිදි අයෙක් ආපසු එද්දී පල්ලෙබැද්ද ප්‍රදේශයේදී වූ අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගොස් ඇත්තේ බෙරලපනාතර, කැකුන්දෙණිය, උඩුහුපිටිය පදිංචි බෙරලපනාතර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි ජී. එච්. තුෂාන් තරින්දක නමැති පාසල් සිසුවෙකි. ඔහුගේ අවසන් කටයුතු ඉකුත් 17 දින විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණි.
මියගිය සිසුවා මීට පෙර අවස්ථා තුනකදී ශ්‍රී පාදයේ ගොස් ඇති බවත් හතරවැනි පාරට ගොස් එන අතරතුර මේ අවාසනාවන්ත සිද්ධිය වී ඇතැයි ඥාතීහු පවසති. රන්ත ප්‍රදේශයේ පදිංචිව සිටින මවගේ නැඟණිය, පුංචි අම්මා ශ්‍රී පාදයේ යන බවත් මමත් යන්නද කියා මවුපියන්ගෙන් විමසූ විට කියා ඇත්තේ පුතේ මේ දවස්වල සල්ලි නැහැ වෙන දවසක යමු යනුවෙනි. එහෙත් සිසුවා කියා ඇත්තේ පුංචි අම්මලත් සමඟ ශ්‍රී පාදයේ යන්න දෙන්නේ නැත්නම් මම මැරෙනවා කියාය. ඒ නිසාම නිවෙසේ තිබූ ගොරකා ටිකක් සහ ඉරටු විකුණා ඒ මුදල් ලබාදීමෙන් පසු පසුගිය 13 වැනිදා ඔහු රත්න ප්‍රදේශයේ පුංචි අම්මාගේ නිවෙසට ගොස් ඊට පසු දින ගමේ 75 දෙනකු පමණ බස් රථයක් කුලියට ගෙන ශ්‍රී පාද වන්දනාවේ ගොස් තිබේ.
ශ්‍රී පාදය වන්දනා කරගෙන පිරිස නැවැත ඇඹිලිපිටිය හරහා රන්න ප්‍රදේශයට පැමිණීම සඳහා පිටත්ව ඇත. ශ්‍රී පාදය වැඳගෙන එන අතරතුර පිරිසේ වැඩි පිරිසක් ගමන් විඩාව නිසාම නින්දට වැටී සිටි අතර තවත් පිරිසක් බස් රථයේ අවදියෙන් සිට තිබේ. බස් රථයේ වාඩිවී ගමන් කළ හැකි ප්‍රමාණයටත් වැඩියෙන් පිරිසක් බස් රථයේ ගමන් කර ඇති අතර තුෂාන් තරින්දක දරුවාත් ඒ අතර සිට ඇත.
ගමන් මහන්සියත් සමඟ අධික නිදිමත පැවැතීම හේතුවෙන් ඔහු වාඩි වීමටත් ඉඩ නොමැති නිසා රියැදුරු සිටින අසල එන්ජිම උඩ පෙට්ටිය මත ඉඳගෙන පැමිණ තිබේ. අලුයම 4.30-5.00 අතර කාලයේ ඇඹිලිපිටිය, පල්ලෙබැද්ද, කරුවලවංගුව ප්‍රදේශයේදී බස් රථයේ රියැදුරුට නින්ද යෑම හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ ඉවුරේ වැදී බසය නතරවී ඇත. බස් රථය ඉවුරේ වැදීමත් සමඟම මොහොතකට ඇස් පියවූ රියැදුරු නැවත ඇස් අරින විට සියල්ල වී අවසන්ය.
අනතුරෙන් බස් රථයට හානිවී ඇති ආකාරය රියැදුරුට පෙනුණත් බස් රථයේ ගමන් ගත් අයට අනතුරක් වී නැති බව සිතා බස් රථය නැවත මාර්ගයට ගැනීමට උත්සාහ කිරීමේදී බස් රථයේ ඉදිරිපස වාඩිවී සිටි තුෂාන් තරින්දක සිසුවා බස් රථයේ නොමැති බවට පිරිස පැවැසීමත් සමඟ සොයා බැලීමේදී බසයේ ඉදිරිපස වීදුරුව කැඩී බස් රථයට ඉදිරියෙන් තිබූ කොන්ක්‍රීට් කානුවට ඔහු වැටී සිටිනු දැක ඇත. තුවාල ලද සිසුවා පල්ලෙබැද්ද රජයේ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තත් තරින්දක ඒ වන විටත් මියගොස් සිට ඇත.
තරින්දකගේ පියා චමින්ද අජිත් කුමාර මහතාටත්, මව පද්මලතා මහත්මියටත් සිය එකම පිරිමි දරුවාගේ මේ අකල් මරණය දරා ගැනීමට නොහැකිව සිටිති. ඔහුට වයස අවුරුදු 11ක සහෝදරියක්ද සිටී.
ශ්‍රී පාද වන්දනාවේ යන්න දෙන්නේ නැත්නම් මැරෙනවයි කී සිසුවා ශ්‍රී පාද වන්දනාවේ ගොස් එන අතරතුර අවාසනාවන්ත ලෙස මියයෑම දරා ගැනීමට නොහැකිව මවුපියන්, සහෝදරිය, ඥාතීන්, මිතුරන් හඬා වැලපෙති. තුෂාන් තරින්දික සිසුවාගේ අවමංගල්‍යයට ප්‍රදේශවාසී විශාල ජන සමූහයක් සහභාගි වූහ.
මව්බිම
පැරණි පුවත් – මගේ පළමු චිත්‍රපටයම සජිත වගේ හොඳ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුනේ මගේ වාසනාවට – ඩිනාරා පුංචිහේවා
මේ දිනවල රිදී තිරය ඔස්සේ දිග හැරෙන ‘ගාඩි’ චිත්‍රපටයේ ටිකිරිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි ඩිනාරා පුංචිහේවා කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඇය පුංචි කාලේ ඉඳන්ම ආස කළේ රංගන ශිල්පිනියක් වෙන්න කියලයි ඩිනාරා නම් කියන්නේ. ඒ නිසා පාසලේදි සහ විශ්වවිද්‍යාලයේදීත් ඇය හැදෑරලා තියෙන්නේ නාට්‍යය හා රංග කලාව. කොහොම නමුත් ඇය ගාඩි චිත්‍රපටයේ රංගනයේ යෙදෙන්නේ ජනප්‍රිය නළු සජිත අනුත්තර සමඟයි. ඉතින් සජිත කියන්නෙ රංගනය මැනවින් අවබෝධ කරගත් කෙනෙක් කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔහුට තියෙන සිනමාව ගැන අත්දැකීම් නිසාම නවක නිළියක් හැටියට ඇයගේ රංගනය සාර්ථකයි කියලා කෙනෙක් කියනවා නම් එහි ගෞරවය සජිතටත් හිමිවෙන්න ඕනේ කියලත් ඇය කියනවා. ඒත් එක්කම සජිත කියන්නෙ දැන් ඇයගේ හොඳ යාළුවෙක් නිසා හරිම සැහැල්ලුවෙන් විනෝදයෙන් වැඩ කරන්න පුළුවන් වුණා කියලත් ඇය කියනවා.
ඉතින් ඇය සතුටු වෙනවාලු ඇයගේ පළමුවැනි චිත්‍රපටයේ සජිත වගේ කෙනෙක් එක්ක රඟපාන්න ලැබුණු එක ගැන. ඉතින් ඒ වගේම මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් අධ්‍යක්ෂණය කළ ‘සහෝ’ චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘ආසු’ සහ ‘Peacock Lement’ ඉදිරියේදී චිත්‍රපට එන්න තියෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයට සිනමාව වෘත්තීමය ජීවිතේ කර ගන්න ඉස්සර ඉදන්ම ලොකු ආසාවක් තිබ්බා කියලත් ඇය කියනවා. නමුත් රටේ පවතින තත්ත්වය නිසාත් ඇය දැනට ජාත්‍යන්තර පාසලක රංගනය උගන්වන ගුරුවරියක් විදියට සේවය කරනවා කියලයි ඇය කියන්නේ.
ඒ වගේම ඇය කැමති ඇයට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් චරිත තෝරාගෙන කරන්නලු. ඉතින් ඇයගේ සැමියා ගුවන් නියමුවෙක් වුනත් ඔවුන් දෙන්නට දෙන්නා ඔවුන්ගේ රැකියාවන් ගැන හොඳ අවබෝධයකින් ඉන්න නිසා ඇයගේ කලා කටයුතුවලට ඔහු ඇයට උපරිම සහයෝගය ලබා දෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.