ජනප්‍රිය රංගන ශිල්පිනි ටනාෂා හතරසිංහ ගැන ගෙවුණු දිනවල වැඩි වශයෙන් කතාබහට ලක්වුණා.

ඊට එක හේතුවක් ඇය සහ ඇයගේ ආදරණීය නැඟණියක් විවාහ දිවියට පිවිසීම. ටනාෂා වගේම තමයි ඇයගේ මවත් සමාජ මාධ්‍යයේ ඉතාමත් ජනප්‍රියයි. ඒ ඇය සිය දියණිවරු ගැන තබන සටහන් සහ ඡායාරූප තුළින්.

අපි කවුරුත් අපේ හිතට දැනෙන සටහන් සමාජ මාධ්‍යය තුළ හුවමාරු කරගන්න දෙපාරක් හිතන්නෙ නෑනෙ. ඔන්න ඉතින් ටනාෂාගේ මවත් ඒ විදියට සටහනක් හුවමාරු කරගෙන තිබුණා.

පහතින් දැක්වෙන්නේ ඇය එලෙස හුවමාරු කරගෙන තිබූ සටහනයි…

“කෙල්ලෙක්නම්,ඉපදුණේ ලංකාවේ නම් උබ සාර්ථකත්වයේ හිනි පෙත්තටම ගියපු මොහොතේදී උබේ වීඩියෝ එකක් උඹ ගැන ⁣පට්ට ගොසිප් එකක් ලීක් වුණේ නැත්තම් එක්කො මේක ලංකාව නෙවෙයි එක්කො උබ තාම සාර්ථක නෑ..කෙනෙක්ව ප්‍රශංසාවට ලක්වෙන කාලේ තමයි ඒ කෙනාව නින්දා කරලා වට්ටල නැති කරල දාන්න පුළුවන් හොඳම කාලේ..

ලීක් වුණ වීඩියෝ එකක් හොයාගන්න බැරිම නම් ඇයට කටින් ගහන්න පුළුවන් ගොසිප් එකක් හරි එකක් හොයාගත්තොත් තමයි මේ වැඩේ සාර්ථක වෙන්නේ. අනේ ඉතින් මිනිස්සුන්ට වෙන වැඩ නෑනේ එක එකා වට්ටන්න වීඩියෝස් ගොසිප් හොය හොය ඉන්න?
එහෙම හිතුනනම් උබ තාම සකල සිරින් පිරි සිරිලංකාවේ අයියලා අක්කලා ගැන අවබෝධයක් නැති එකෙක්.

හරි හමන් අධ්‍යාපනයක් නැති රටක, මෝඩ ලිං මැඩි රැලකට ස්මාට් ෆෝන් එක ඇති උන්ට ලංවෙන්න බැරි චරිත වලට රැල්ලට පිනුම් ගහලා ඇරියස් කවර් කරන්න මැජික් එකක් වුණ රටක ලීක් වීඩියෝ එකකින් ගොසිප් එකකින් කෙල්ලෙක්ව නැති කරන්න පුළුවන් එකත් පුදුමයක් නෙවෙයි…

අවසාන වශයෙන් කියන්න තියෙන්නේ උඹලට අම්මලා අක්කලා නැද්ද කියල නම් නෙවෙයි උඹලා හරි පව් බං පහුගිය කාලේ පුරාවට උඹලාගෙ ඩේටා පුච්චන් මඩ ගහලා වට්ටන්න දගලපු චරිත තව තවත් සාර්ථකත්වයෙ හිමි පෙත්තටම ඉගිලුනා මිසක් වැටිච්ච එකෙක් නම් නෑ

(උපුටා ගැනීමක්)

පැරණි පුවත් – මම කඩාගන්නේ නැතුව මේ ක්‍ෂේත්‍රයේ ඉස්සරහට යනවා – සුරඟනක් වගේ හැඩකාර දුනේෂා

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ, මේ වනවිට නාඩගම්කාරයෝ නාට්‍ය විකාශනය වෙලා අවසන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ආදරේ කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ටීනක්කි සමග, දුනේෂා ඔයා පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුනා, මොකද දැන් පේන්න නැත්තේ රංගනය එපා වෙලාද ”අනේ නැහැ මම මේ දවස්වල මගේ අධ්යාපනයට් මුල් තැන දීලා තියෙන්නේ ඒ නිසා මම ලැබෙන නිර්මාණ බාරගත්තේ නෑ, මේ වැඩ ඉවර වුනාට පස්සේ ආයෙමත් රංගනයට සම්බන්ද වෙනවා”

දුනේෂා මොනවද ඉගනගන්නේ ”මම මේ දවස්වල ෆාමසි කෝස් එකක් කරනවා, ඉතින් මම අනාගතයේදී ඒ පැත්තට යොමුවෙන්න හිතාගෙන ඉන්නේ, හැබැයි රංගන යකියන්නේ මගේ ජීවිතේ වගේ, ඒක මගේ ඇඟේම තියෙන දෙයක්, ඒ නිසා මම කීයටවත් රංගනයෙන් ඈත් වෙන්නේ නෑ, මගේ පොඩි කාලේ ඉඳලම ලොකු ටාගට් එකක් තිබ්බා ඩොක්ටර් කෙනෙක් වෙන්න, හැබැයි ඒ හීනෙට යන්න මට ලකුණු මදි වුනා, ඒ නිසා මම ෆාමසි කොස් එකක් කරලා නාගතයේ බෙහෙත් නිෂ්පාධනය කරන්න කැමැත්තෙන් ඉන්නවා, හැබැයි මොන දේ කලත් මම රංගනය අත්හරින්නේ නෑ,”

දුනේෂා කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම මුලින්ම එන්නේ 2016 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරඟය හරහා, එකෙන් මම අවසන් වටයට තේරෙනවා, 2017 වසරේත් ඒ තරඟයෙන් මම අවසන් වටයට තේරෙනවා, හැබැයි 2018 වසරේදී මම තුන්වෙනි තැන ලබා ගන්නවා, 2018 වර්ෂයේ මිස් ඩයමන්ඩ් ක්වීන් ලෙස අභිෂේක ලබනවා, 2019 වසරේදී රීජන්සි ක්වීන් වෙනවා එහෙම තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ,

පැජන්ට් වලින් දිනුවට අවුරුදු කුමරිය තරඟ වලින් දිනන්න බැරි වුනා නේද..? මෙහෙමයි නේ අවුරුදු කුමරිය තරඟයේදී බලන්නේ ලස්සන විතරයි, හැබැයි නිරූපිකාව විදියට පැජන්ට් එකකට ගියාම ඊටවඩා ගොඩක් දේවල් බලනවා, එතන මූනේ ලස්සන විතරක් මදි ඇඟේ හැඩය වගේම තව තව දේවල් ගොඩක් බලනවා, ඒකට බොහෝ කුසලතා තියෙන්න ඕන.”

රංගන ක්‍ෂේත්‍රයේදී ප්‍රශ්න ඇවිත් නැද්ද..? ”අම්මෝ ඕන තරම් ප්‍රශ්න ඇවිත් තියෙනවා, එක එක අයගේ පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඇවිත් අපට දාලා බුලි කරලා තියෙනවා, තැනකට යන්න හදද්දී එක එක කටකතා හදලා පලටම ඇදලා දැම්ම අයත් ඉන්නවා, හමයි මම විශ්වාස කරලා හිත කඩාගන්නේ ගන්නේ නැතුව ඉස්සරහට යනවා, මගේ මේ ගමන පිටිපස්සේ ඉන්නේ මගේ අම්මා, අවුරුදු කුමාරි තරගවලට ඉල්ලුම් කළෙත් එයාමයි. තාත්තගෙත් අකැමැත්තක් නැහැ. ඒ නිසා මට බයක් නෑ”

මෙන්න බලන්න තවත් පුවත්