විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර ගැනීමට දේවාලයට පැමිණි තරුණියට අතවර කිරීමේ චෝදනාවට වැදකරුවු පූජකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අද (20) නියම කළේය.

වසර 10කට පෙර විත්තිකරු මෙම අපරාධය කරන අයුරූ ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාර කමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බවට පෙන්වා දුන් විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොටට ඇතැයි තීරණය කරමින් ඔහුට අදාළ දඬුවම නියම කළේය.

චෝදනාවන්ටට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන ගිය සනූන් බදුර් මොහොමඩ් නමැති කපු මහතෙකුටය.

2012 ජූනි මස 28 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඇගේ කැමැත්තකින් තොරව තරුණීයක අතවර කළ බවට විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී අතවර ලක් වු තරුණීය ඇගේ විවාහය සාර්ථක කර ගැනීම සඳහා දේව කන්නලව්වක් කර පුජාවක් පැවැත්වවීමට ඇගේ පෙම්වතාද සමඟ විත්තිකරු පවත්වාගෙන ගිය දේවාලයට ගොස් ඇති බවත් ඒ අවස්ථාවේදී විත්තිකරු පෙම්වතා දේවාලයෙන් බැහැරට යවා ඇති බවත් හෙළි විය.

පසුව නිවසේ සිටි විත්තිකරුගේ බිරිඳට කතා කොට පූජාවට බිත්තරයක් අවශ්‍ය බව පවසා ඇයද නිවසින් පිටතට යැවීමෙන් අනතුරුව දේවාලයේ දොර වසා පුජාව කර ගැනීමට පැමිණී තරුණීය අතවර කර ඇති බව නඩු විභාගයේදී හෙළි විය.

සිද්ධිය ඇසින් දුටු කිසිවකු නොමැති බව විත්තියෙන් තර්ක කළ අතර දූෂණය කළ බවට ඇසින් දුටු සාක්ෂි නොමැති වුවත් තරුණීයගේ ඇගේ තිබී සොයාගත් සම්පල සමඟ විත්තිකරුගේ ඩී එන් ඒ සාම්පල සැසඳෙන බවට පැමිණිල්ල මගින් සනාථ කර ඇතැයි තීන්දු කළ විනිසුරුවරයා සිය නීත්‍යානුකූල බිරිඳට හෝ බලහත්කාරකමක් කිරීම නීතිය ඉදිරියේ වරදක් බව අවධාරණය කළේය.

විවාහය සාර්ථක කරගැනීම සඳහා විත්තිකරුගේ දේවාලයට ගිය තරුණීය විත්තිකරු විසින් අතවර කර ඇති බව පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා අදාළ චෝදනාවන්ට විත්තිකරු වරදකරු කරමින් විත්තිකරුට වසර 15ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් 10000/-ක දඩයක් නියම කළ විනිසුරුවරයා දඩ මුදල නොගෙවුවහොත් අමතර මාස 06ක සිරදඬුවමකට ඔහු යටත් කළේය.

පැරණි පුවත් – ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා උදය අයියා කෑගැහුවා – පබෝදා සන්දීපනී

ලංකාවේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවදානය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි පබෝදා සංදීපනී කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ පබෝදා සමගයි අපි අද කතාකරන්න සූදානම් වෙන්නේ, ඔයාට පබෝදා කියන්නද නැත්තන් රශිප්‍රභා කියන්නද ”මට පබෝදා සංදීපනී කියලම කතා කරන්න, මගේ නම තියෙන්නේ රශ්මිනි පබෝදා සංදීපනී කියලා, මම පොඩි කාලේ ඔශීන් කියන චරිතයට හඬ කැවුවා, ඉතින් ඒ කාලේ අම්මා මගේ නම රශිප්‍රභා සංදීපනී කියලා ටිකක් වෙනස් කළා, පස්සේ මම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගේ ‘වෑකන්ද වලව්ව’ සම්බන්ද වෙනවා, ඒ කාලයේ ලෙස්ටර් සර් තමයි කිවුවේ පබෝදා සංදීපනී නමින් කළා ක්‍ෂේත්‍රයේ ඉදිරියට යන්න කියලා, ඉතින් එදා ඉඳන් මම පබෝදා සන්දීපනී වුනා”

පබෝදා දැනට අවුරුදු විස්සකට විතර කලින් ඔයාට යක්ෂනියකගේ චරිතයට ආරාධා කලාම ඔයාට මොකද හිතුනේ ”ඇත්තම කියනවනම් මම ඒ චරිතය ආසාවෙන් බාරගත්තා, ඒ දවස්වල මම හින්දි ෆිල්ම් එහෙම බලනවා ඉතින් ඒ වගේ චරිතයක් ලැබුනම මට ආස හිතුනා, මම ගින්දරී සිනමාපටයේ රඟපාන්න කලින් රඟපාලා තිබ්බේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘වෑකන්ද වලව්ව’ චිත්‍රපටයට විතරයි, හැබැයි මම අභියෝගයක් වුනත් ගින්දරී ෆිල්ම් එක බාරගත්තා, මොකද මම ඒ චරිතයට ආසා කළා,”

ඒ වෙද්දී ඔයා නවක රංගන ශිල්පිනියක් ඉතින් මතක නොවන සිදුවීම් එහෙම ඇති නේද..? ”ඔව් ගින්දරී රඟපාද්දී මම මේ ක්‍ෂේත්‍රයට නවකයෙක්, මට රඟපාලා ලොකු අත්දැකීමක් තිබ්බේ නෑ, ඉතින් ඒ නිසා නුගේගොඩ වගේ නගරවල තිබ්බ ෂූටින් තිබ්බම සෙනග ගොඩක් ඉන්න තැන රඟපාන්න මට ගොඩක් ලැජ්ජයි, ඒ වෙද්දී කට්ටිය මාව අඳුරන්නෙත් නෑ, කැමරාව ගොඩක් දුර තියලා රූගතකලේ, ඉතින් රෙද්දේ හැට්ටේ ඇඳගෙන නුගේගොඩ යද්දී හැමෝම නතරවෙලා බලන් ඉන්නවා, ඒ අස්සේ උදය අයියා ඔහොම බෑ නංගි තව හයියෙන් පද්දන්න කියලා කෑ ගහනවා, හැබැයි ගින්දරී – 2 කරද්දී එහෙම චකිතයක් තිබ්බේ නෑ”

පබෝදා වැඩිය පෙන්න නෑ ඇයි ඒ ”මෙහමයි මම ලැබෙන හැම චරිතයක්ම බාරගන්න කෙනෙක් නෙවෙයි, මම ගොඩක්ම කැමති විනමාවට, හැබැයි මට වැඩියෙන්ම ආරාධනා ලැබෙන්නේ ටෙලිනාට්‍ය වලට, ඉතින් මම නාට්‍යක් තෝරාගන්නේ ගොඩක් හිතලා බලලා, ඇත්තම කියනවනම් මට රංගනය වෘත්තියක් විදිහට ගන්න අමාරුයි, හැබැයි මේක මගේ වෘත්තිය මම ජීවත් වෙන්නේ රංගනයෙන්, හැබැයි මම ආස චරිතයක් නැතුව නිර්මාණයක් බාරගන්නේ නෑ, ඒ විදියට නිර්මාණ බාරගන්නේ නැතුව කිහිපයක්ම අත්හැරියා”

මෙන්න බලන්න තවත් පුවත්