නෝටන්බ්‍රිජ් දියගල මාර්ගයේ සිදු වු බස් රථ අනතුරෙන් පසු බස් රථයට යට වි සිටි තරුණයෙකුගේ සිරුරක් අද (20) ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහ නෝටන්බ්‍රිජ් පොලිසියේ නිලධාරින් විසින් සොයාගනු ලැබුහ.

මෙසේ සොයාගනු ලැබුවේ හික්කඩුව කලුපේ ප්‍රදේශයේ පදිංචි ඩිලාන් කෞෂල්‍ය (33) හැවිරිදි තරුණයකුගේ සිරුර බව පොලීසිය කියයි.

බස් රථ අනතුරෙන් 26 දෙනෙකු තුවාල ලබා තරුණියන් දෙදෙනෙකු ඊයේ (19) රාත්‍රි ජිවිතක්ෂයට පත් වි සිටි අතර , එම බස් රථයේ පැමිණි එක් අයෙකු අතුරුදහන් වි ඇති බවට සැල විමත් සමග අද (20) උදැසන යුද හමුදා භට පිරිස් සහ පොලිස් නිලධාරින් එක්ව බස් රථය පරික්ෂා කිරිමේදි අතුරුදහන්ව සිටි බස් රථයේ පැමිණි තරුණයාගේ සිරුර සොයාගනු ලැබුහ.

බස් රථයට යට වි මියගොස් සිටි තරුණයාගේ සිරුර වටවල ප්‍රාදේශිය රෝහල වෙත යොමු කිරිමට ආරක්ෂක අංශ නිලධාරින් පියවර ගැණින.

පැරණි පුවත් – සමහරු අහනවා මම කොටට අඳින්නේ නැත්තේ කකුල් කැත නිසාද කියලා

ප්‍රවේගය සිනමා නිර්මාණය හරහා කළා ක්ෂේත්‍රය පිවිසි දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදාරි පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඇයට නමට වඩා ඇයගේ රූපය තමයි බොහෝ දෙනෙකුට මතක. ඉතින් නිර්මාණ තුලින්ම නිරන්තරයෙන්ම දැකගන්න නොලැබුනත් දැන් ඇය කාටත් ආදර්ශමත් ලෙස ආදරණීය සැමියයි පුංචි පුතයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා.

ඒ වගේම පවුල තමයි ඇයගේ ජීවිතේ පළවෙනිම දේ. ඉතින් ඇයගේ පුතාගේ වයස අවුරුදු 8 යි. ඉතින් පෙනී ඉන්න අම්මා කෙනකුට වඩා වැඩ කරන අම්මා කියලා ඇයව දැනෙන අම්මා කෙනෙක් වෙන්නලු ඇයට ඕන. ඉතින් ඇයගේ මහත්තයා වුණත් එකිනෙකාට ගරු කරමින් ලස්සනට ජීවත් වෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ ලස්සන රැකගන්නට නම් පවුල වෙනුවෙන් කැප කිරීම් කරන්න ඕන කියලත් ඇය කියනවා. ඒ නිසා ලැබෙන හැම නිර්මාණයකටම නොයන්න ඒකත් හේතුවක් කියලයි උදාරි කියන්නේ.

ඒ වගේම ඇය වස‍ර ගණනාවක් ගුවන් සේවිකාවක් විදිහට වැඩ කළා. නමුත් ඇයට අවුරුදු 15 ක් 16 වගේ තේරුම් තියෙන කාලෙම ඕන වුණේ කවදා හරි විවාහ වුණාට පස්සේ දරුවෙක් හදන කාලෙට ඒ වෙනුවෙන්ම කාලය දෙන්නලු. ඒ වගේම දරුවා එක්කම ජීවත් වෙන්න, එයාව ගයිඩ් කරන්න, ඔය වගේ හේතු නිසා තමයි ඇය රැකියාවෙන් ඉවත් වෙලා තියෙන්නේ. නැතුව රංගනය නිසා නෙමෙයි. ඒ වගේම ඇය එම රැකියාව කරද්දී රටවල් 42කට ගොඩබැහැලා තියෙනවා.

ඒ වගේම ඇය කරන හැම දෙයක්ම තේරුම් ගන්න පුළුවන් හස්බන්ඩ් කෙනෙක් තමයි ඇයට ඉන්නේ. ඉතින් ඇය මොන දේ කරත් හරි දේ කරන්නේ කියලා ඔහු දන්නවා කියලයි උදාරි කියන්නේ. ඒ වගේම ඇයගේ පුතා ඇය කරන විලාසිතාවලට ගොඩක් ආසයි කියලත් උදාරි කියනවා. ඒ වගේම ඇය කොහොමත් වැඩිපුර ඇඟ පේන්න අඳින්නේ නැති නිසා එයා ඒකට කැමැතියිලු. කොහොම නමුත් සමහරු ඇයගෙන් අහනවාලු ඇයි කොටට අඳින්නේ නැත්තේ කකුල් කැතද කියලා. ඉතින් එහෙම නෙමෙයි ඇයට ලස්සන මේන්ටේන් කරන ශරීරයක් තියෙනවා කියලයි ඇය කියන්නේ. නමුත් එදා ඉඳලම ඇයගේ හා පවුලේ ගරුත්වය ගැන හිතලා වැඩ කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්