
ගණේමුල්ල අමුණුගොඩ නිවසක පැවති උපන්දින සාදයක දී අතිවූ ගැටුමක් අතර ගැබිණි කාන්තාවගේ උදරයට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදාවේ සෙබළෙක් ගනේමුල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
පා පහර කෑ සිවු මස් ගැබිනියක බොරැල්ල ද සොයිසා රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඇයගේ කලලය පා පහරවැදීමෙන් විනාශයට පත්ව ඇති බවට එම රෝහලෙන් දැනුම් දී ඇති බවත් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
සැකකාර නාවික හමුදා සෙබළාගේ සහෝදරියකගේ නිවසේ උපන්දින සාදයක් පවත්වා ඇති අතර එයට මෙම නාවික සෙබළා ද සහභාගි වී තිබේ.
මෙම නාවික සෙබළාගේ සහෝදරියගේ සැමියගේ සහෝදරයකු සහ නාවික සෙබළ අතර බහින්බස් වීමක් සිදු වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකාර සෙබළා ඔහුට ද පහර දී ඔහුගේ ගැබිණි බිරිඳගේ උදර ප්‍රදේශයට ද වැරෙන් පා පහරවල් කිහිපයක් එල්ල කර ඇතැයි එම පොලිස් නිලධාරියා කීය.
පා පහර කෑමට ලක් වූ සිවු මස් ගැබිනිය බිම ඇද වැටී ඇතැයි ද පැවසේ ගැබිණි කාන්තාවට පා පහර එල්ල කළ බව කියන නාවික හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් අතර ඔහු පුල්මුඩේ ප්‍රදේශයේ කඳවුරක රාජකාරි කරන අයෙකි.
ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ මහතාගේ විශේෂ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ටි. ඒ. ඩී. ටී. සේනානායක මහතාගේ මෙහෙයවීම යටතේ ගනේමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ. පී. එස්. ප්‍රියංග මහතාගේ ප්‍රධානත්වයෙන්මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
පැරණි පුවත් – මම පිරිමි ළමයි එක්ක රඟපානවට එයා කැමති උනේ නැහැ.පස්සේ මම එයාව අයින් කලා
මේ දිනවල බොහෝ දෙනාගේ ආදරය දිනාගත්තු ටෙලි නාට්‍යයක් තමයි හිතලග හිනා උනා ටෙලිනාට්‍යය. ඒ ටෙලි නාට්‍යය තුළ කාගේත් නෙත් සිත් වසඟ කරපු රංගන ශිල්පිනියක් හිටියා. ඇය තමයි දඟකාර කටකාර කිරුලි. කතාවට කිරුලි කියලා හැදින්වූවාට මේ සුන්දර කෙල්ලගේ නම තමයි ෂෙනායා ඇනීෂා වැනොෆ්. ඒ වගේම ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට එන්න කලින් ඇය විවිධ ආකාරයේ වෙළෙඳ දැන්වීම් ඇතුළු වැඩ කටයුතුත් සමඟ පුංචි තිරයෙන් අපිට දැක බලා ගන්න අවස්ථාව උදා වුණා. ඒ අතරින් නැන්දම්මා දැක දැක නොදැක්කා යනවා වගේ කියන ස්පයිසි ක්‍රැකර් වෙළඳ දැන්වීම හරහා ෂෙනායා තවත් ප්‍රසිද්ධ වුණා.
සාමාන්‍ය පෙළ දක්වා පමණක් අධ්‍යාපනය හදාරපු ෂෙනායා අදහස් කරලා තියෙන්නෙ ෆැෂන් ඩිසයින් වලින් හා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න. නමුත් ඒ කාර්යය සාර්ථකව කරගන්න ඇයට හැකියාව ලැබිලා නැහැ. හේතුව මුල ඉඳන්ම මාමා සහ අම්මා තාත්තා ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන හින්දා ඇයට බලපෑම් කරලා තියෙනවා එහාට එන්න කියලා. නමුත් ඇය කැමති වෙලා නෑ එහෙ යන්න.
ඉතින් නයිඑෆ් එම් අපි ඔබට මේ කියන්න යන්නේ ෂෙනායා ආදරය ඒ වගේම පෙම්වතා පිළිබඳව පුවත්පතකට ඉදිරිපත් කළ සංවේදී කරුණු කීපයක් ගැනයි. අම්මා තාත්තා ඇතුළු පිරිස ඒ විදිහට ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ජීවත් වෙන්න කියලා ෂෙනායාට අඬ ගහද්දි ඇයට යන්න බැරිවෙලා තියෙන්නෙ ඒ වෙද්දී ආදර සම්බන්ධතාවයක් ඇය ගොඩනගාගෙන තිබුණු නිසා කියලා සඳහන් කරලා තිබුනා. නමුත් ඒ නිසා ඇය අවාසනාවන්ත සිදුවීම් රැසකට මුහුණ දීලා තියෙනවා ඒ වගේම ජීවිතය විඳින්න ඕනි කාලෙදි ඇයට ඒ සියලුම දේ අහිමි වෙලා තියෙනවා. ඒ පිළිබඳව ෂෙනායා අදහස් දක්වන්නෙ මේ විදිහටයි.
“ආදරය කරපු කෙනා ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් අපේ සම්බන්ධයක් පටන් ගත්තට පස්සෙ මම මේ වැඩ වලට සම්බන්ධ වෙනවට එයා කැමති වුණේ නැහැ. මම පිරිමි ළමයි එක්ක රඟපානවට එයා කැමති උනේ නැහැ. ඒ නිසා තනියම කරන කමර්ශල් විතරක් කරා. එහෙම ඉඳගෙන එයා කරන කියන විදිහට මම මගේ ජීවිතේ ජීවිතය ගොඩනඟා ගත්තා. වසර දෙකක් විතර මම ඒ වගේ කටයුතු වලින් අයින් වෙලා හිටියා. ඊට පස්සේ පස්සේ අපි දෙන්නා වෙන් වුණා. එතකොට මහේෂ් අයියා මට මේ චරිතය ගැන කිව්වා. කටකාර දඟකාර කිරුලි ගැන ඒ චරිතය රඟපාන්න මම කැමැති වුණා.
අශේන් සිරිවර්ධන අයියා මුණ ගැහුණා ඔහු තමයි මට කිව්වේ මාව මහේෂ් අය්යාගෙන් නිර්මාණයකට හොයනවා කියලා. ඔහු මාව වෙලා තිබුණ 2017 වර්ෂයේ ඒත් ඒ කාලෙ හිටිය මගේ බොයි ෆෙන්ඩ් කියලා මාව නිර්මාණවලට ඉල්ලුවත් ඔහු ඒකට කැමති වෙලා තිබුණෙ නැහැ කියලා.
ඒ වගේම මේ ආදර සම්බන්ධතාවය අවසන් වුණාට පස්සේ ඇය තනිකඩව කාලය ගත කළත් නැවත වතාවක් ආදරය කරන්න පටන් ගන්නවා. ඒ තුලිනුත් ඇයට ලැබෙන්නේ දුකක් විතරයි.
“මට ආදර සම්බන්ධතා තුනක් විතර තිබුණා. මුලින්ම කෙනෙක් මගෙන් ඇහුවා මම කිව්වා ගෙදරින් අහන්න කියලා බලනකොට එයා අපේ අම්මලගෙ යහලුවෙක්ගේ පුතෙක්. ඉතින් අපි නිකන් කතා කළා විතරයි ඉතින් එක ආදර සම්බන්ධතාවක් කියන්න බැහැ මාස දෙකකට පස්සේ ඒක නැවතුනා. අනිත් එක ඊට පස්සේ ඒක තිබුනෙ මාසයක් විතර වගේ ඒත් ඒක නම් මගේ හිතට ගොඩක් දැනුනා. එයා ක්ෂේත්රයේ කෙනෙක් ඒ ගැනයි මම කල්පනා කරන්නේ.
ඉතින් ඇගේ අවසන් ආදර සම්බන්ධතාවය තියෙන්නෙ ඒ පෙම්වතා ඇයට බොරු කරපු නිසාලු. ඒ වගේම නැවතත් ඇය එවැනි ආකාරයෙර් ආදර සම්බන්ධතා ගොඩනඟා ගන්න සූදානමින් නැහැ කියලා සඳහන් කළා. කෙසේ නමුත් ඉදිරියට ඇගේ අත ගන්න බලාපොරොත්තු වන සුන්දර තරුණයෙකු ඉතාමත් ඉක්මනින් ෂෙනායාට මුණගැසේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.