ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ අනන්‍යතාවයන් හතරක් භාවිත කරමින් ශුක්‍රාණු පරිත්‍යාග කළ ශුක්‍රාණු දායකයකු දරුවන් 60 දෙනකුගේ පියෙක් බව අනාවරණය වී ඇතැයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇත.

තමන් දෙමාපියන් වීමේ සතුට වෙනුවෙන් ඕස්ට්‍රේලියානු සමරිසි ප්‍රජාව උත්සවයක් සංවිධානය කර ඇත. එහිදී ඔවුන්ගේ දරුවන්ගෙන් බොහොමයකගේ දේහ ලක්ෂණ එක හා සමාන බව සමරිසි දෙමාපියන්ට දක්නට ලැබී ඇත.ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වලින් දෙමාපියන් විමසීමක් කර තිබේ.එහිදී මෙම පුද්ගලයා ව්‍යාජ නම් හා තොරතුරු භාවිත කරමින් නිල හා නිල නොවන ආකාරයෙන් ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු බැංකු වෙත ශුක්‍රාණු පරිත්‍යාග කර ඇති බවත් ඒ වෙනුවෙන් ඔහු තෑගිභෝග ලබාගෙන ඇති බවත් අනාවරණය වී ඇත.

ඕස්ට්‍රේලියාවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීම වෙනුවෙන් තෑගිභෝග ලබා ගැනීම අපරාධමය වරදක් වන අතර ඒ සඳහා වසර 15 කට නොවැඩි සිර දඬුවමක් ලබා දිය හැක.කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ අනන්‍යතාවය තවමත් ඕස්ට්‍රේලියානු බලධාරීන් හෙළි කර නොමැත.

පැරණි පුවත් – ගමන් ගාස්තුව වෙනුවට සුද්දීයෙක්ගෙන් අමුතු විදිහේ ගෙවීමක් ඉල්ලු ත්‍රිරෝද රථ රියදුරා

ප්‍රංශ ජාතික කාන්තාවකගෙන් කුලී ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට එක්වන්නැයි අරාධනා කළ ත්‍රිරෝද රථ රියැදුරකු ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අංක 06 මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත නිදහස් කර තිබේ.

එසේ නිදහස් කළ සැකකරු ඊයේ (12) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණි. පසුගිය ජනවාරි 02 දා සිදුවී තිබූ මෙම සිද්ධිය පැමිණිල්ලට අනුව සැකෙවින් මෙසේය.

රැකියා වීසා මත මෙරට රැඳී සිටි 35 හැවිරිදි අදාළ ප්‍රංශ ජාතික කාන්තාව සිද්ධිය වූ දින කොල්ලුපිටිය ප්‍රදේශයේදී කුලී ගමනක් සඳහා කුලී ගමන් සේවා සපයන ආයතනයකට ලබාදුන් පණිවිඩයට අනුව පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ගමනාන්තය සඳහන් කර බැංකු කාඩ්පතක් මගින් මුදල් ගෙවිය හැකිබව පවසා තිබේ. මෙහිදී එය ප්‍රතිෂේප කර තිබෙන රියදුරු ගමන් ගාස්තුව වෙනුවට අයථා ක්‍රියාවලියකට ඇයට ආරාධනා කර තිබේ.

මෙහිදී එම රියැදුරුට බැණවැදී එලවා දැමු ඇය අදාළ සිද්ධිය ඉන් දින දෙකකට පසු එනම් ජනවාරි 04 දා ළමා හා කාන්තා කාර්යාංශය වෙත පැමිණිලි කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ එම කාර්යාංශය අකුරණ පදිංචිකරුවකු වන 28 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ති රේණුකා මහත්මියගේ මෙහෙයවීම යටතේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක චතුරංග ඇතළු නිලධාරින් පිරිසක් විසින් පරීක්‍ෂණ කටයුතු සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්