
Street Food සංස්කෘතිය ලංකාවේ දීර්ඝ කාලයක සිට පැවැතුණද එය ජනප්‍රිය වූයේ මෑතකදියි. තරුන තරුණියන් බොහෝ දෙනා රාත්‍රී Street Food සංස්කෘතියට ඇලුම් කරන අතර ඒ නිසාම මේ Street Food සංස්කෘතියට විවිධ අලුත් ආහාර වර්ගත් එකතු වුණා.
Street Food සංස්කෘතිය ජනප්‍රිය අගනගරයේ හැමෝම ඇළුම් කළ තැනක් තමයි තලවතුගොඩ, කිබුලාවල Street Foods කියන්නේ. දැනට මෙතන කෑම කඩ 30කට වඩා තියෙනවා. ලංකාවේ හැම පැත්තකින්ම වගේ ලොකු සෙනගක් එනවා මෙතනට.
මේ වෙළදසැල් හිමියන්ට මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දීලා තියෙනවා 2023 පෙබරවාරි 24 වෙනකොට දැනට තියෙන සියලුම Foods Stalls ඉවත් කරගන්න කියලා. එයට හේතුව ලෙස අමාත්‍ය බන්දුල ගුනවර්ධන මේ මාර්ගයේ යන අතරවරයේදී ඔහුව වාහන තදබදයකට හසුවීම නිසා ඒවා ඉවත් කරන්නයැයි ඔහු පවසා තිබීම බව වාර්ථා වෙනවා.
Street Foodවලට ආස කරන අපේ කොල්ලන්ට කෙල්ලන්ට නම් මේක ඒ තරම් හොඳ ආරංචියක් නෙමෙයි…
පැරණි පුවත් – මම නැවත විවාහයක් ගැන කිසිසේත් හිතන්නේ නැහැ- සංගිත්ගේ හිටපු බිරිද කලකිරීමෙන් පැවසු දේ
නිරූපණ ක්ෂේත්රය තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්තු ආදරණීය නිරුපිකාවක් තමයි උදාරි කෞශල්‍යයා කියන්නේ. ඇය හරිම සුරූපී රූමත් නිරූපිකාවක්. ඒ වගේම තමයි නිරූපණයට අමතරව උදාරි රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.
මේ වන විටත් පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණයන් වල හරි අපූරු චරිත නිරූපණය කරන්න ඇයට අවස්ථාව උදාවෙලා තියෙනවා.උදාරි ගැන කතා කරද්දි කොයි කවුරුත් දන්නවා උදාරි විවාහ වෙලා හිටියෙ ශ්‍රේෂ්ත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමග.
නමුත් ආදරේ කියන්නේ පරිත්‍යාගය කියලා හැම වෙලාවෙම හිතන්න පුරුදු වෙච්ච උදාරි විවාහ ජීවිතයේ ඇතිවුණු යම් කිසි ගැටලු සහගත තත්ත්වයන් නිසාත් එය තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරි නිසාත් සංගීත් ගෙන් වෙන් වෙන්න තීරණය කරනවා..එතැන් පටන් ස්වාධීන වෙච්ච ඇය මේ වන විට කලා ලෝකය තුළ ඇගේම කියලා ගමනක් ආරම්භ කරලා අවසන්..ඉතින් එක්තරා අවස්ථාවකදී රූපවාහිනිය වැඩසටහනක් සමග එකතු වන ඇය ජීවිතය ,ආදරය සහ විවාහය ගැන හරි අපූරු අදහස් කීපයක් හුවමාරු කරගත්තා. එහිදී උදාරී කිව්වේ මේ වගේ සංවේදී ඒ වගේම දෙපාරක් හිතන්න පුළුවන් කතාවක්.
“ආදරය කියලා මම දකින්නේ පරිත්‍යාගශීලීත්වය සහ කැපකිරීම. ඒකෙන් තෘප්තියක් ලබනවා මම. විවාහය ගැන එහෙම ලොකු නිර්වචනයක් දෙන්න මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා විවාහය කියන්නේ ආත්මගත බැඳීමක් කියලා. ඒක සංසාරික පුරුද්දක්. හැම ගැහැනියකටම විවාහ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ.
මම නැවත විවාහයක් ගැන කොහෙත්ම හිතන්නේ නැහැ.විවාහ ජීවිතෙන් පස්සෙ වුණත් දෙදෙන ගලපගෙන නමයි තමයි ජීවත් වෙන්න ඕනේ.හැම කෙනෙකුගේ ම අංග සම්පූර්ණ යක් අපි දකින්නේ නැහැ. දෙදෙනාගේ ම අඩුපාඩු වැරදි තියෙනවා. ඒ දේවල් නොගැලපීම් ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන ජීවත් වුනොත් විවාහය දික්කසාදයකින් කෙළවර වෙයි කියලා මම හිතන්නේ නැහැ.”
ඊට පස්සේ ඇය කිව්වේ විවාහ ජීවිතයක් අසාර්ථක වෙනවා නම් ඒ දෙන්නගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයන් මත තමයි එහෙම වෙන්නේ කියන දේ. ඒ වගේම දික්කසාදය කියන දේ වැරදි ඇතිවත් වැරදි නැතුවත් ඕනෙම පුද්ගලයෙක් ගන්න තීරණය කියලත් ඇය සඳහන් කළා. නමුත් වැරැද්දක් නැතුව ගන්න ඒ තීරණය ගැන අනිවාර්යෙන්ම දෙපාරක් හිතන්න ඕනි කියලත් උදාරී ප්‍රකාශ කළා.
කෙසේ නමුත් තවමත් තනිකඩව ජීවත් වන ඇය කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා කිව්වත් හිත ගිය ආදරණීය සහකරුවෙක් ජීවිතය ඇයට මුණ ගැසේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.