
කැබිතිගොල්ලෑව – පූනෑව මාර්ගයේ මහකුඹුගොල්ලෑව හන්දිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි කුඩා දැරියක් මෝටර් රථයක ගැටී මියගොස් තිබේ.
සිය මව සමග මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති අතර තුවාල ලැබූ මව ද වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ 13 හැවිරිදි මහකුඹුගොල්ලෑව, පූනෑව ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියකි.
මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ධාවනය වූ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අදාළ මෝටර් රථයේ රියදුරුට හදිසියේ ඇති වු අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මැදවච්චිය රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි.
කැබිතිගොල්ලෑව පොලීසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
පැරණි පුවත් – මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ- පුංචි තිරයේ දගකාරිය දසුනි සෙනෙත්මා
රංගනයෙන් වගේම නර්ථනය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්මා කියන්නේ, මේ දවස්වල පුංචි තිරයෙන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දසුනි සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, දසුනි මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා නේද..? ”ඔව් අලුත් නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙන්න පටන් ගත්තා, ඒ දිව්‍යාදරී ටෙලි නිර්මාණය, ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි කියන නාට්‍යයේත් මම රඟපානවා, හිරු නාලිකාවේ විකාශනය වුන ‘මහවිරු පණ්ඩු’ නාට්‍යය නම් මේ වනවිට විකාශනය වෙලා අවසන්”
දසුනි කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම පොඩි කාලේ ඉඳලම කළා ක්‍ෂේත්‍රයට ගොඩක් කැමතියි, ඒ වගේම පාසල් කාලයේ ඉඳලම මම නර්ථනයට ගොඩක් දක්ෂයි, මම විතරක් නෙවෙයි මගේ පවුලේ ගොඩක් අය නර්තනයට දක්ෂයි, තාත්ත ඕන වුනේ මාව දෙරණ නාලිකාවේ little star කරන්න, මම ඒ තරඟයේ අන්තිම පස්දෙනා අතරට ආවා, එහෙම ආරම්භ කරපු ගමන වෙළඳ දැන්වීම් හරහා, වැඩසටහන් නිවේදිකාවක විදියට ඇවිත් දැන් මම රංගන ශිල්පිනියක්,”
දසුනිගේ ටාගට් එක වෙලා තිබ්බේ කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන එකද..? ”නැහැ මම ආසාවෙන් හිටියේ නර්ථන ගුරුවරියක් වෙන්න, ඒ වගේම මම ගණිතයට ගොඩක් දක්ෂයි ඉතින් මම ඉංජිනේරුවෙක් වෙන්නත් ගොඩක් ආස කලා, කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ මගේ තාත්තගේ ආසාවට, තාත්තට තමයි ඕන වුනේ මාව කළා තරුවක් කරන්න, අද එයාගේ හීනය සැබෑ වෙලා”
කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වීම ගැන මොකද හිතෙන්නේ ”මටනම් මේ ක්‍ෂේත්‍රයට සම්බන්දවීම ගැන ගොඩක්ම සතුටුයි, සමහර අයනම් කියනවා මේ ක්‍ෂේත්‍රයේ එක එක ප්‍රශ්න එනවා කියලා, අනේ මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ, ඉතින් මම නිතරම උත්සහ කරන්නේ මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න වගේම මගේ අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යන්න,”