ජැක්සන් ඇන්තනීගේ ආදරණීය දියණිය විදිහට කවුරුත් දැන අඳුනන මාධවී වත්සලාගේ නවතම සේයාරුවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ සංසරණය වනවා.

ඇය සමඟ මේ ඡායාරූපයේ පෙනී සිටින්නේ තරුණ නිර්මාණකරුවෙකු මෙන්ම ගී පද රචකයෙකු ද කසුන් මහේන්ද්‍ර හීනටිගල යි.

මෙම ඡායාරූපය කසුන් සිය ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත්තේ පහත සටහන ද සමඟිනු යි.

“ඇය ඔබගේ පළමු කෙනාවත් , ඔබ ඇයට සිටි එකම කෙනාවත් නොවිය හැකිය. නමුත් ඇය දැන් ඔබේ ය. ආදරය එසේය. කොන්දේසි විරහිතව පෙම් කරන්න. ප්‍රාණසමව රකින්න !”

මෙම සටහන ම මාධවී ඇගේ ‘ස්ටෝරි’ සඳහා ද එක් කර ඇති අතර, කසුන්ගේ පෝස්ටුවට පිළිතුරු ලෙසින් ඇය කමෙන්ටුවක් ද පළ කර තිබුණා.

මාධවී ඇන්තනී සිය දෙවැනි විවාහයෙන් ද නීත්‍යානූකූලව වෙන් වූ බව පසුගිය දිනෙක මුල්වරට අනාවරණය කළා.

එම විවාහයට තිත තබන්නට හේතු වූයේ යම් යම් නොගැළපීම් බවයි ඇය කියා තිබුණේ.

කෙසේ වෙතත්, සමාජ මාධ්‍යයේ මෙම සටහන් වලින් පෙන්නුම් කරන්නෙ මාධවීගේ අලුත්ම පෙම් කතාව ඇර‍ඹ ඇත්තේ කසුන් මහේන්ද්‍ර සමඟින් බවයි.

මාධවීට වඩා ඔහු වසර කිහිපයක් වයසින් බාල වීම ත් විශේෂත්වයක්.

අතිශය ජනප්‍රිය “මගේනේ”, “රඟපානා දඩබ්බර කෙල්ලො” වැනි ගී රැසකම පද රචකයා වන කසුන් මහේන්ද්‍ර මුහුණු පොතෙත් රසවත් ලියන්නෙක් විදිහට කතාබහට ලක්වන කෙනෙක්.

පැරණි පුවත් – දෙවන වරට මල්ලි කෙනෙක් සමග විවාහවී ඒ විවාහයටත් සමුදුන් උපේක්ෂා ස්වර්ණමාලි

රංගන ශිල්පිනියක විදියට කාගේත් හදවත් දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂ ස්වර්ණමාලි කියන්නේ, උපේක්ශාගේ තියෙන සුන්දර රුව නිසා ඇයට වශී නොවුන ලාංකියයෙක් නොමැති තරම්, ඉතින් අද අපි අපේ කතාබහට එකතු කරගත්තේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේක්ෂා ස්වර්නමාලිවයි, උපේක්ෂා කොහොමද දැන් ජීවිතේ ”ජීවිතේ සුන්දර විදියට ගලාගෙන යනවා, ජීවිතේ වැඩිම කාලයක් වෙන්කරලා තියෙන්නේ දුවගේ වැඩ වලට, ඒ වගේම පොඩි පොඩි නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, වෙන ඉතින් විශේෂ දෙයක් නෑ, ගොඩක් සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා කාටවත් කරදරයක් නැතුව”

උපේක්ෂා කියෙන්නේ ලංකාවේ අංක එකට ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඔයා ආස නැද්ද ඔයාගේ දුවත් ලංකාවේ ඉන්න දක්ෂ නිලියක් කරන්න ”මෙමෙ මේ ක්‍ෂේත්‍රයට ආව විදිය කවුරුවත් දන්නේ නෑ, දන්නවනේ ඉතින් මේ ක්‍ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න, ඉතින් ඒ ප්‍රශ්න අතරේ තමයි මම අද මේ ඉන්න තැනට ඇවිත් තියෙන්නේ, මම මුලින්ම කරන්නේ මගේ දුවට හොඳට උගන්වන එක, එයාට උගත්කම දීලා තමයි එයාගේ කැමැත්තට ඉඩදෙන්නේ, මම ආසයි මගේ දුව කවදා හරි පුජා උමාශංකර් ජැක්ලින් වගේ නිලියක් වෙනවට, මම ඒ තැනට එන්න උත්සහ කරන්නේ නෑ, කරලත් නෑ, හැබැයි මම මගේ දුව ඒ වගේ තැනකට එනවට ගොඩක් ආසයි,”

උපේක්ෂට ජීවිතේ වැරදුනාද..? ”ඔව් මට මගේ ජීවිතේ තැන් දෙකක වැරදුනා, මගේ පලවෙනි විවාහය අසාර්ථක වුනා, ඊටපස්සේ මම බැන්දේ මල්ලි කෙනෙක්, දැන් එයත් නෑ, උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතයේ ජීවිතය දෙපාරක්ම විනාස වුනා, කඩාකප්පල් වුනා, ඉතින් එහෙම වෙලා ඉතිරිවෙලා තියෙන ටික තමයි මම මේ ඇදගෙන යන්නේ, මගේ තරුණ කාලය සම්පුර්ණයෙන්ම අපතේ ගියා, මට හිතාගන්න බැරි විදියට ඒක කණපිට හැරවුනා, මම මට පුළුවන් දේවල් කලේ නෑ, මම කලේ අනවශ්‍ය දේවල්, දැන් ඒ ගැන මම පසුතැවෙනවා”

දුව ගැන මොකද හිතෙන්නේ ”දෙයියනේ එයාට තාම වයස අවුරුදු පහයි, ඇත්තම කියනවනම් මම බලාපොරොත්තු උනාට වඩා එයා මට ආදරේ දෙනවා, අපි පෙම්වතෙක් එක්ක ඉද්දී හැම වෙලාවේම අපි බලාපොරොත්තු වෙන්නේ පෙම්වතා තමයි අපිට ගොඩක්ම ආදරේ වෙන්නේ කියලනේ හැබැයි ඒ හැමදේකටම වඩා මට දරුවන්ගෙන් ආදරේ ලැබෙනවා, ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ, හැබැයි දුව තාත්තට වඩා මට ආදරෙයි කියල මට දැනෙනවා”

මෙන්න බලන්න තවත් පුවත්