බයිබලය අනුගමනය කරමින් දින 40ක උපවාසයක් පැවැත්වීමට උත්සාහ කළ මොසැම්බික් හි දේවගැතිවරයෙක් මිය ගොස් තිබෙනවා.

ඔහුට දියර ආහාර ලබා දීමට උත්සාහ කළ නමුත් අවසානයේ ඔහු මිය මිය ගොස් තිබෙනවා.

Santa Trindade පල්ලියේ සාමාජිකයන්, දේවගැතිවරයා සහ ඔහුගේ අනුගාමිකයන් බොහෝ විට උපවාස කරන නමුත් මෙවැනි ලෙස දිගු කාලයක් නොකරන බව පල්ලියේ බලධාරීහු සඳහන් කළා.

2006 දී ලන්ඩන්හිදී මෙවැනිම උපවාසයක් අතරතුර කාන්තාවක් මිය ගිය බව වාර්තා වනවා.

පැරණි පුවත් – එකපාරයි ඉන්දියාවට ගියේ දැන් එහේ නළුවොත් මට වශීවෙලා – රශිප්‍රභා

මේ දවස්වල බාල මහලු හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ සත්සරණිගේ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශීප්‍රභා සන්දීපනි කියන්නේ, හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිසා අපි හිතුවා රශීප්‍රභාගේ විස්තර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න,

රශීප්‍රභා පහුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ නේද..? ”ඔව් මම කාලයක් ලංකාවේ හිටියේ නෑ, මම පසුගිය කාලයේ හිටියේ ඉන්දියාවේ, ඉන්දියාවේ අධ්‍යක්ෂවරයෙක් වන දුෂ්‍යන්ත් ප්‍රතාප් සිං මට අවුරුද්දකට කලින් එයාගේ නිර්මාණයකට සම්බන්ද වෙන්න ආරාධනා කළා, ඒ මම දීපාවලී දවසක කරපු පොටෝ ෂූට් එකක් දැකලා, හැබැයි මම ඒක ගැන ගොඩක් ලොකුවට හිතුවේ නෑ, එහෙම කාලයක් යද්දී එතුමා කලින් අධ්‍යක්ෂණය කරලා තිබ්බ ෆිල්ම් එකක ප්‍රචාරණ ගීතයටක සම්බන්ද වෙන්න මට අවස්තාවක් ලැබෙනවා, ඊටපස්සේ ඒ අය ලංකාවට ඇවිත් ගිවිසුම අත්සන් කළා, ඉතින් ඒකෙ වැඩ ටිකකට තමයි මම ඉන්දියාවේ ගියේ”

ඉන්දියාවෙන් කොහොමද ලැබුන පිළිගැනීම ”ගුවන්තොටුපලට ගිය වෙලාවේ ඉඳලම මට ගොඩක් ලොකු පිළිගැනීමක් තිබ්බා, ඒ වගේම ඉදියාවේ මාධ්‍යවලින් මගේ සම්මුඛ සාකච්ඡා ගොඩක් ගත්තා, ඒ නිර්මාණයේ වැඩ කරද්දීත් එහෙ අයගෙන් ලොකු සපෝර්ට් එකක් ලැබුනා, ඇත්තටම එහෙ අය මට ගොඩක් ආදරෙයි එකපාරයි ඉන්දියාවට ගියේ දැන් එහේ නළුවොත් මට වශීවෙලා ඉන්නේ”

ඔබ දැන් පෙම්වතියක් ද.? ”අම්මෝ නෑ මම දැන් පෙම්වතියක් නෙවෙයි, මම ඒ ගැන හිතන්නෙවත් නෑ, සමහර වෙලාවට මම ආයේ විවාහ වෙන්නේ නැතිවෙයි, මගේ ජීවිතේ වැරදිච්ච තැන් එකයි තියෙන්නේ, මම දැන් සම්පූර්ණයෙන්ම වැඩ කරන්නේ මගේ ඉලක්කවලට විතරයි, වෙන කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන ආදරේ මම මටම දෙනවා, හැබැයි ඉතින් මට හරියන කෙනෙක් ලැබුනොත් ඒ අදහස වෙනස් වෙයි”

මෙන්න බලන්න තවත් පුවත්