යතුරුපැදි අනතුරකින් බරපතළ තුවාල ලබා ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි 15 හැවිරිදි පාසල් දැරිය පසුගිය 15 දා තවත් ජීවිත ගණනක් වෙනුවෙන් තම ශරීර අවයව දන් දී මෙලොවින් සමු ගත්තාය.

මෙසේ දිවියෙන් සමු ගත්තේ නිසලී ලෝසඳී කිරිවැන්දල නමැති පනාගොඩ ශ්‍රී පරාක්‍රම විදුහලේ 10 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි පාසල් දැරියකි.

පසුගිය 03දා අමතර පන්තියකට සහභාගි වී මිතුරකු සමඟ යතුරුපැදියකින් පැමිණෙමින් සිටියදී වටරැක දුම්රිය ස්ථානය ආසන්නයේදී මීගොඩ පාදුක්ක මාර්ගයේදී ත්‍රිරෝද රථයක ගැටීමෙන් ඇය මේ අනතුරට මුහුණ පෑවාය.

තම දියණියගේ හදවත, වකුගඩු, පෙණහලු, ඇටමිදුළු, ඇස් ඇතුළු ශරීර අවයව කොටස් අටක් තවත් ජීවිත ගණනක් වෙනුව‍ෙන් දන් දුන් බව මව ප්‍රියදර්ශනී අමරසේකර මහත්මිය හා පියා දිනේෂ් හේමන්ත කිරිවැන්දල මහතා පැවසූහ.

පනාගොඩ – ඇන්ටන් ප්‍රනාන්දු
දිනමිණ

පැරණි පුවත් – මම පන වගේ ආදරේ කරපු දෙන්නම මාව දාලා යන්නම යන්න ගියා – සුරාජ් මාපා

ලංකා ඉතිහාසයේ වැඩියෙන්ම ජනප්‍රිය වුන ටෙලිනාට්‍යක් තමයි ‘ඕලු’ ටෙලිනාට්‍ය කියන්නේ, ඉතින් මේ නාට්‍ය හරහා කාගේත් ආදරේ දිනාගත්ත චරිතයක් ඉන්නවා, ඒ තමයි ඕලුට ආදරේ කරන අසංක සර්, මේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්වන තරුණියන්ගේ සිහින කුමාරයා විදියට හඳුන්වන්න පුළුවන් සුරාජ් මාපා විසින්, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන සුරාජ් මාපායි, සුරාජ් අපි ඔබව දකින්නේ රංගන ශිල්පියෙක් විදියට,

හැබැයි අපි දැන් ඔයාව දකින්නේ අධ්‍යක්ෂක කෙනෙක් විදියට ඉතින් කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් ”ඇත්තම කියනවනම් මම ටෙලිනාට්‍යක් අධ්‍යක්ෂණය කරන්න මම හීනෙකින්වත් බලාපොරොත්තු වුනේ නෑ, හැබැයි නොනිමි කියන නාට්‍ය නිෂ්පාධනය කලේ මගේ යාලුවෙක්, ඉතින් මම ඒ නාට්‍යයේ අධ්‍යෂණය බාරගත්තා, මම ඒ නාට්‍යයේ රඟපාන නිසා සම අධ්‍යක්ෂණය කිරීමට චන්දන ජයසිංහ අයියා එකතු වුණා. ඒක මට ලොකු ශක්තියක්”

සුරාජ් ගොඩක් දක්ෂයි නර්ථනයට ඉතින් දැන් සුරාජ් මාපා කියන නර්ථන ශිල්පියා ඔබෙන් ගිහිලාද..? ” මෙහෙමයි සමහර නර්ථන නිර්මාණ ලංකාව තුලින් දකින්න ලැබෙන්නේ නෑ, මම නර්ථනයෙන් දායක වෙන සමහර නිර්මාණ ජාත්‍යන්තර මට්ටමෙන් වෙනම ප්රෙක්ෂයකන් පිරිසකට විතරක් සිදුකරනවා, ඒ නිසා ගොඩක් අයට ඒවා පේන්නේ නෑ, මම මේ දවස්වල මගේ කාලයෙන් වැඩි කොටසක් යොදවලා තියෙන්නේ රංගනයට, හැබැයි මේ වනවිට සුරාජ් කියන නර්ථන ශිල්පියා ටිකක් පස්සට වෙලා ඉන්නේ, සමහර කාලවලට මම නර්ථනයට වැඩි අවධානයක් දෙනවා, සමහර කාලවලට මම රංගනයට සම්බන්දව වැඩි කාලයක් ගත කරනවා, ඒ මගේ හැටි”

දැන් තනියම හිටියා ඇති කියලා හිතෙන්නේ නැද්ද..? මෙහෙමයි අද මම මේ දක්වා ආව කාලයේ මගේ ජීවිතේට එක එක අය ආවා, සමහර අය කාලයක් හිටියා, සමහර අය ආවගමන් ගියා, හැබැයි මගේ ජීවිතේ හැම තැනකම හිටියේ මගේ අම්මා තාත්තා විතරයි, ඒ දෙන්නා මට ලොකු ශක්තියක් වුනා, හැබැයි ඒ දෙන්නම මාව දාලා යන්නම යන්න ගියා, මම මගේ ජීවිතේ පන වගේ ආදරේ කලේ ඒ දෙන්නට, දැන් මට මගේ ශක්තිය වෙලා තියෙන්නේ මගේ සහෝදරියන් දෙදෙනා, ඒ නිසා මට ශක්තිය ධෛර්යය මට උපරිමයෙන්ම ලැබෙනවා, මම මගේ අනාගත සැලසුම් කරන්නේ නෑ,”

මෙන්න බලන්න තවත් පුවත්