
“දිවිතුරා” හි ටීනා විදිහට කවුරුත් ආදරේ කරන සංජානා ගමාරච්චිව ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ.
මේ දිනවලහි නිවේදන ශිල්පිනියක් විදිහටත් ඇය කටයුතු කරනවා.
පසුගිය දවසක ඇය ඇගේ වෙනස්ම විදිහේ ‘විවාහ ගිවිස ගැනීම’ ගැන මෙහෙම කතාවක් කියලා තිබුණා.
“ඒ එන්ගේජ්මන්ට් එක ගැන නිවුස් එක හිතුවෙවත් නැතුව නිදාගෙන නැගිටිද්දි හැමතැනම ගිහින්. මගේ එන්ගේජ්මන්ට් එක තිබ්බෙ පෝර්ට් සිටි එකේදි. හස්බන් සිංගප්පුරු ඉඳලා ආවා හදිසියේ. එයා මට ප්‍රපෝස් කළේ සිංගප්පූරුවේ දී. ඒ වගේම මට ප්‍රේක්ෂකයෝ ගොඩක් ආදරෙයි. මොකද මම ගොඩක් ආදරේ බලාපොරොත්තු වෙන කෙනෙක්. හොඳ සහ හොඳ නැති මිනිස්සු ඉන්නවා. කුහක අයත් ඉන්නවා. ගොඩක් හම්බෙලා තියනවා එහෙම කුහක අයත්. කමෙන්ට් බැලුවම බලාගන්න පුලුවන්.. මේ අවුරුද්දෙ විවාහ වෙන්න හිතන් ඉන්නවා. අපි අවුරුද්දක් හොරෙන් ආදරේ කළේ. පබ්ලික් දැම්මේ නෑ. එයාට හදිසියේ එන්ගේජ්මන්ට් එක ගන්න ඕනෙ වුණා. හරි හදිසියේ ගත්තේ. ඉතින් එයාගේ හිත රිද්දන්න බැරි නිසා ඒකට කැමති වුණා. හදිසියේ කරපු නිසා මට නිකන් හිතුණා මූදේ වගේ කරමුද කියලා. අපි සති දෙකක් වගේ කෙටි කාලෙකින් ඒ හීනේ හැබෑ කරගත්තා. ගොඩක් අය උදව් කළා ඒ හීනේ හැබෑ කරගන්න..”
පැරණි පුවත් – හරි සතුටින් හිනාවෙලා ඉන්නවා. නමුත් මම ඇතුළින් අඬනවා කෑ ගගහා..අද කියනකන් කවුරුත් මේක දන් නෑ – රිද්මා පිලපිටිය මෙතෙක් නොකී කතාව
රොෂාන් පිලපිටියගේ ආදරණීය බිරිඳ විදිහට ගොඩක් දෙනෙක් දැන අඳුනන රිද්මා පිලපිටිය කාලයක් නිර්මාණවලිනුත් දකින්න ලැබුණා.
නමුත් විවාහයෙන් පස්සෙ නම් ඇය නිර්මාණවලින් දකින්න ලැබුණේ නැහැ.
ඇගෙත් රොෂාන්ගෙත් ආදරණීය පුතා රාහුල්.
පසුගිය දවසක රිද්මා ඇය හෙළි නොකළ කතාවක් මේ විදිහට අනාවරණය කර තිබුණා.
“අම්මා කෙනෙක් විදිහට විශාදයට මුහුණ දුන්න කෙනෙක් මම”
අද මම කියනකන් කවුරුත් දන් නෑ. මගේ යූටියුබ් චැනල් එකේවත් මම කියලා නෑ. මම දරුවා හම්බෙලා ෆොටෝස් දානවා, වීඩියෝස් දානවා, හරි සතුටින් හිනාවෙලා ඉන්නවා. නමුත් මම ඇතුළින් අඬනවා කෑ ගගහා..
මගේ ෆොටෝ දකින කවුරුත් හිතන් නෑ මට ඩිප්‍රෙශන් කියලා. උපරිම මම විශාදයෙන් පෙලුණු කෙනෙක්. මම තනිවුණු අම්මා කෙනෙක්. හස්බන් එක්ක විතරයි. මට උදව්වට කවුරුත් නෑ. කොහොම ද මේ දරුවා ගොඩ නඟාගන්නෙ කියලා. දරුවා නාවන්න යද්දි කරදරයක් වෙයිද? දරුවාව හදාගන්නෙ කොහොමද ? කියලා මම බයවුණා. ඒ මොහොතේ මම, රිද්මා නෙවෙයි කියලා දැණුනා.
කොහොම හරි මම ගූගල් සර්ච් කරලා බැලුවා. මම ඩොක්ටර් කෙනෙක් හම්බුණා. නමුත් මම කිරි දෙන අම්මා කෙනෙක් නිසා බේත් ගන්න කැමති වුණේ නෑ. ගොඩක් පිරිමි අය කියනවනේ, වයිෆ් බබා හම්බුණාට පස්සෙ වෙනස් කියලා. ඒකට හේතුව මේ විශාදය…