රකට දමිළ නළු මයිල්සාමි (Mayilsamy) දිවිගමන නිමකළ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

මියයන විට ඔහු 57 වන වියෙහි පසුවුණා.

ඔහු දමිළ සිනමාවේ ප්‍රකට හාස්‍ය නළුවෙක් ලෙස මහත් රසික ආකර්ෂණයක් දිනූවෙකි.

ඔහු අද අලුයම චෙන්නායිහිදී මිය ගිය බවයි වාර්තා වන්නේ. හෘදයාබාධයකට ගොදුරු වීම නිසා ඔහු මෙලෙස මියගිය බවයි විදෙස් මාධ්‍යය තවදුරටත් පවසන්නේ.

මයිල්සාමිගේ වියෝව දමිළ සිනමාව තුළ විශාල හිඩසක් ඇති කරනු ඇත.

පැරණි පුවත් – මාලනි ෆොන්සේකලා සබීතල මේවා කරාද හෝටල් වල නිතර ඉන්නේ – දිල්හානි කියන සැර කතාව

චිත්‍රපට ක්ෂේත්‍රයෙන් නමගිය කලාකාරිනියක් විදියටත් සම්මානනීය රංගන ශිල්පිනියක් විදිහටත් හඳුන්වන්න පුළුවන් සුන්දර කලාකාරිනියක් තමයි දිල්හනි ඒකනායක කියන්නේ. අසූව දශකයේ අග භාගයේ දී රිදී තිරයට පෑයූ ලස්සන සමනළිය ඇය කිව්වොත් නිවැරදියි. ඇය කොයිතරම් දක්ෂ රංගන ශිල්පිනියක් ද කියනවා නම් පළමු රංගනයෙන්ම සරසවි සිනමා උළලේදී හොඳම නැගී එන නිළිය ලෙසත් ජනප්‍රියම නිළිය ලෙසත් සම්මාන ලබාගන්න වාසනාවන්ත වුණා.

මෑත කාලයේ බොහෝ දෙනෙක්ගේ මතකඋඒ තියෙන නිර්මාණ විදිහට හඳුන්වන්න පුළුවන් ජංගි හොරා චිත්‍රපටය,ධර්ම යුද්ධය,නිලම්බරේ ආදරේ සිනමාපටයෙන් රැසකට ඇය තමන්ගේ රංගනය ලබා දුන්නා. ඉතින් මේ දවස් වල දිල්හානි ඒකනායක මහත්මිය නිරන්තරයෙන්ම තමන්ගේ ආදරණීය ලේලි පොඩ්ඩත් එක්ක අරගල භූමියට වෙලා කාලය ගත කරනවා කියන්න ගොඩක් දෙනෙක් දන්නවා.

මේ දවස් වල ඇත්තටම ඇයට කලා කටයුතු මුකුත් නෑ ආයෙ වැඩ කරන්න තියෙන්නේ අගෝස්තු මැද හරියේ ලු. ඒ නිසා නිදහසේ කාලේ ටිකක් ගත කරන්නත් ඇයට අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඉස්සර කවුරු හරි හම්බ උනහම චිත්‍රපටි ගැන කතා කරාට දැන් හම්බෙන හැමෝම තෙල් ප්‍රශ්න gas ප්‍රශ්න පිටි ප්‍රශ්න ආදි දේවල් පිළිබඳව විතරමයි කතා කරන්නේ කියලා ඇය සඳහන් කළා. ඇත්තටම මේ නිසා කලාව කියන දේ යන්නෙත් වලපල්ලට. ඒ සම්බන්ධයෙන් දිල්හානි කිව්වේ මේ වගේ කතාවක්.

“කලාව විතරක් නෙවෙයි මුළු රටක්ම කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නෙක අපි ඉන්නේ. කලාව කියන්නේ ඒක එක කොටසක් විතරයි වෙන රටවල සිනමා කර්මාන්තයට විශාල තැනක් තියෙනවා කලාකරුවන් එක රකිනවා. ඒත් අපේ අතපසු වන කොටස තමයි කලාව කියන්නේ. බලන්න සරසවි සම්මාන උළෙල පවා වසර කී වසරකින් තිබ්බෙ නැද්ද එතකොට ජනාධිපති සම්මාන උළෙල අනෙක් උළෙලවල් කලාව් එච්චර ලොකු දෙයක් නොවෙන තැනට වැටිලා. ඔහේ පණ ඇද ඇද තියනවා ඔය ටෙලිවිෂන් නාලිකා ටික ඔස්සේ තමයි කලාව ඇදගෙන යන්නේ”

ඒ විදිහට අදහස් දක්වන ඇය කියනවා ඉස්සර තිබ්බ සිනමාවට වඩා අද තියෙන සිනමාව උඩු යටිකුරු වෙලා තියෙනවා කියන දේ. ඒ නිසාම බොහෝ අලුතින් නවකයන් විදිහට එන කලාකරුවන් ක්ෂේත්රය තුළ හැසිරෙන්නේ ඉස්සර කාලෙත් කලාවට ආදරය කරපු පුද්ගලයන් හා සමානව නෙවෙයි කියලා ඇය සඳහන් කළා.

“අලුතින් එම ජනප්‍රිය වෙන්න දඟලන celebrities ලා හැටියට නමගිය හොඳ රංගන දායකත්වයක් ශේත්‍රයට සැපයූ අය මේ දේවල් කරන්නේ නැහැ මාලනි ෆොන්සේකා සබීතා පෙරේරා මේ දේවල් කරාද. ඔවුන්ට තමන්ගේ රංගන වෘත්තීන් හැදුනු නමක් ජනප්‍රියත්වයක් තියෙනවා හොඳට බලන්න මොකුත්ම වැඩක් හරියට කරල නැති නළු නිළියෝ තමයි මේවා කරන්නේ. ඔවුන් රංගන ශිල්පීන් නෙවෙයි හැබැයි ලස්සනයි සුදුයි කාර් බාර් වල යන්නේ හොඳම ඇඳුම් අඳින්නේ හෝටල් වල නිතර ඉන්නෙ හැබැයි රංගන දායකත්වය? ස්වර්ණා මල්ලවාරච්චි වගේ අයට එහෙම වැඩිය දඟලන්න ඕනේ ද පිරුණු පිරුණු කලේ දිය නොසැලේ කියන්නෙ ඒකට තමයි”

ඇය වර්තමානයේ පවතින කලාව සහ ඉස්සර පැවතුණු කලාව පිළිබඳව ඒ විදිහට තමයි අදහස් දක්වලා තිබුණේ. කෙසේ නමුත් ඉදිරියට හරවත් නිර්මාණ රැසකින් ම තවදුරටත් ප්‍රේක්ෂකයන් සතුටු කරන්නට ඇයට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු

මෙන්න බලන්න තවත් පුවත්