ලංකාවේ ප්‍රථමවරට රාජ්‍ය ආයතනයක් විසින් දිරාපත්වන කසළවලින් විදුලිය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට එකතුකිරීමේ ‘දිරාපත්වන කසළවලින් විදුලිය’ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙල මෙම 21 දා පස්වරු. 3.00 ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කඩුවෙල වෙලේහන්දිය ‘රන්පැලැස්ස’ කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්වේ.

කසළවලින් නිපදවෙන ජීවවායු උපයෝගී කරගෙන උත්පාදනය කරන විදුලිය කිලෝ වොට් 35 ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීම එදින සිදුකෙරේ.

කඩුවෙල මහ නගර සභා බලප්‍රදේශය තුළ දිනකට කසළ ටොන් 100 කට ආසන්න ප්‍රමාණයක් එකතු කෙරෙන අතර ඉන් දිරාපත්වන කසළ ටොන් 10 කින් පමණ ජීවවායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයවේ.

කඩුවෙල මහ නගර සභාවේ නගරාධිපති බුද්ධික ජයවිලාල් මහතාගේ සංකල්පයකට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර එම ව්‍යාපෘතිය පිළිබඳව ජයවිලාල් මහතා මෙසේ ‘විදුසෙවණ’ට අදහස් පළකළේය.

“දිනකට කඩුවෙල නගර සභා බලප්‍රදේශයෙන් කසළ ටොන් 100 ක් පමණ එකතු වෙනවා. ඉන් දිරාපත්වන කසළ ටොන් 45 ක් පමණ වෙන් කෙරෙනවා. දැනට අප පවත්වාගෙන යන කසළ කළමනාකරණ මධ්‍යස්ථානය සිදුකෙරන කසළ කළමනාකරණ ක්‍රියාවලියට අමතරව එම දිරාපත්වන කසළවලින් ජීව වායු නිපදවා එමගින් විදුලිය උත්පාදනය කිරීමට පෙර සිටම අප සැලසුම් කර තිබුණා.

වර්තමානය වනවිට පවතින විදුලි අර්බුදයට හොඳ පිළියමක් ලෙස මෙම ව්‍යාපෘතිය අපට ක්‍රියාවට නඟන්න මෙය මහඟු අවස්ථාවක් වුණා. කසළ ටොන් 10 ක් පමණ දිරාපත්වීමට සලස්වා එමගින් නිපදවෙන ජීවවායු ටැංකිවල තැන්පත් කර එම ජීව වායුවලින් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය උපදවීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කාර්යයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන කමිටුව (යූ.එන්.ඩී.බී.) මගින් උපදේශන සේවා අපට සැපයීම සිදුකළා. පසුව කඩුවෙල නගර සභාවේ ප්‍රතිපාදනවලින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීමට අප තීරණය කළා. මෙම ව්‍යාපෘතියට රුපියල් මිලියන 200 ක් පමණ අප වැය කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ජනතාවට වාසි දෙකක් අත්වෙනවා. සාමාන්‍යයෙන් නගරසභා බලප්‍රදේශයේ කසළ එකතු කිරීම සඳහා ජනතාවගෙන් අපි මුදලක් අයකරනවා. මෙම ව්‍යාපෘතිය මගින් එම අයකිරීම් නතර කිරීමට බලාපොරොත්තු වන අතර අප විසින් උත්පාදනය කරන විදුලිය ජාතික විදුලි පද්ධතියට එකතු කිරීමෙන් පසුව එමගින් අපට ලැබෙන මුදල සභාවේ විදුලි බිලෙන් අඩුකිරිම සිදුකෙරෙනවා.

අනෙක් කාරණාව නම් නගරයේ කසළ කඳු ගොඩගැසීම අප නැත්තටම නැති කර තියෙනවා. ඒ වගේම කසළ එකතු කරන මුදලාලිලාට මුදල් වැය කිරීමට සිදුවීම ද නවත්වා විශාල මුදලක් ඉතිරි කරගෙන තියෙනවා. ඊට අමතරව අප විසින් නිපදවන ජීවවායු ගෑස් ගෘහස්ථ අවශ්‍යතා සදහා අවට ජනතාවට නළ මාර්ගයෙන් ලබාදීමටත් අප ඉදිරියේදී කටයුතු කරනවා.

අප සිදුකළ අත්හදාබැලීම්වලට අනුව පැහැදිලි වන්නේ කසළ ටොන් 10 කින් ඉතා සාර්ථකව විදුලිය උත්පාදනය කිරීමට හැකියාව ඇති බවයි. ඒ අනුව ඉදිරියේදී එය කසළ ටොන් 20 ක් දක්වා වැඩි කිරීමටත් වැඩි විදුලි ඒකක ප්‍රමාණයක් නිපදවීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මෙම ව්‍යාපෘතියට අමතරව මාසයකට ටොන් 35 ක පමණ කාබනික පොහොර නිපදවීම සිදුකරන අතර ප්‍රදේශයේ ගොවි ජනතාවට සහන මිලකට ලබාදීම සිදුකරනවා. ඊට අමතරව ඉවත දමන පොලිතින් නිසියාකාරව ඇසුරුම් කර සිමෙන්ති නිපදවන සමාගම්වලට ලබාදී සභාවට ආදායම් ඉපැයීම ද සිදුකරනවා.” යැයි ජයවිලාල් මහතා පැවැසීය.

පැරණි පුවත් – කොල්ලන්ව ආදරයෙන් රවට්ටලා අල්ලෙ නටවන, විවාහ වෙන්න කෙනෙක් නැති අලුත්ම යුරේනි

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන යුරේනි නොෂිකාව අමුතුවෙන් ඔබට හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. දඟකාර, කෙළිලොල් තරුණියක් වන යුරේනි රංගනයෙන් පාන හපන්කම්වලට අමතරව ඇගේ හඬ පෞර්ෂයෙන්ද පාන දස්කම් ඉදිරියේදි තිරගතවන ගජමෑන් චිත්‍රපටය හරහා ඔබට නරඹන්න පුළුවන්. ඉතින් ඒ ගැන වගේම ඇගේ කලා කටයුතු ගැන දැනගන්න අපි යුරේනි එක්ක කතා කළා.

යුරේනි, ගජමෑන් කියන්නේ මොන වගේ චිත්‍රපටයක්ද?

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කැමිලස් පෙරේරා පුවත්පත්වල පළකරපු ගජමෑන් කාටුන් අනුසාරයෙන් නව පරපුරේ අධ්‍යක්ෂවරයෙක් වන චානක පෙරේරා නිර්මාණය කරපු ප්‍රහසන චිත්‍රපටයක් තමයි ගජමෑන් කියන්නෙ. ඇත්තටම ගජමෑන් තරුණ, බාල, මහලු කාටත් බඩ අල්ලගෙන හිනාවෙන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක් කිව්වොත් හරි.

විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා
ඒ වගේම ලංකාවෙ සිනමාව ජාත්‍යන්තර මට්ටමට ගෙනයමින් නිර්මාණය වුණ ලංකාවේ පළමුවැනි ්බසප්එසදබ චිත්‍රපටය තමයි ගජමෑන් කියන්නේ. ඉතින් ලංකාවේ සිනමාව වෙනස් කරන හැරවුම් ලක්ෂ්‍යය වෙන්නත් ගජමෑන් ඉඩ තියෙනවා.

ගජමෑන් චිත්‍රපටයේ ඔබ හඬකවන චරිතය මොකක්ද ?

මම හඬකවන්නේ ප්‍රීති කියන තරුණියගේ චරිතයට. ප්‍රීති කියන්නේ බටහිර පන්නයට අඳිනපළඳින, ඉංග්‍රීසි ටිකක් පොෂ් විදිහට කතා කරන, ගමේ දේවල් හරි ගොඩේ කියලා හිතන, කොල්ලන්ව ආදරයෙන් රවට්ටලා අල්ලෙ නටවන තරුණියක්.විවාහ වෙන්න කෙනෙක් නෑ…. ප්‍රීති කොල්ලන්ව අල්ලේ නටවනවා

ගජමෑන් තිරගත වෙන්න ටිකක් කල්ගියා නේද ?

ඔව්. වසර කීපයකට කලින් තමයි ගජමෑන් තිරගත කිරීමට සැලසුම් කරලා තිබුණේ. නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් නිසා තිරගත කිරීම කල්දාන්න සිද්ධ වුණා.

සමහරු කිව්වා චිත්‍රපටය කල් ගිහින් තිරගත කරද්දි එය නරඹන්න සිනමාශාලාවලට සෙනඟ එන එකක් නැහැ කියලා. නමුත් පසුගියදා තිරගත කෙරුණ ගජමෑන් විශේෂ දර්ශනයේදී සිනමාශාලා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගියා. නිල වශයෙන් ගජමෑන් ලංකාවේ සියලුම සිනමාශාලාවල තිරගත කරන්න 2023 වසරේ ජනවාරි මාසයේදි සැලසුම් කරලා තියෙනවා. ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකින් වැටිලා තියෙන වෙලාවක මම හිතනවා සිනමා කර්මාන්තය නගාසිටුවන්න ගජමෑන් සමත්වෙයි කියලා.

යුරේනිට ආදරය කරන රසිකයෝ නිතර අහන ප්‍රශ්නයක් තමයි කූඹියෝ ටෙලිනාට්‍යයේ දෙවැනි කොටස කවද්ද එන්නෙ කියලා?

කූඹියෝ දෙවැනි කොටස නිර්මාණය කරනවා කියලා එහි අධ්‍යක්ෂක ලක්මාල් ධර්මරත්න මට කිව්වා. නමුත් මේ දවස්වල ඔහු චිත්‍රපටයකට කාර්යබහුල වෙලා ඉන්නෙ. ඒ චිත්‍රපටයේ වැඩ අවසන් වුණහම ගොඩක් දුරට කූඹියෝ දෙවැන්න රූගතකිරීම් ආරම්භ කරයි.

විවාහය ගැන ඔබ තාම තීරණයකට ඇවිත් නැද්ද ?

අහවල් පුද්ගලයා සමග මේ දවසේ විවාහ වෙනවා කියලා නම් මම තාම තීරණයකට ඇවිත් නැහැ. මොකද මට තාම විවාහ වෙන්න සහකරුවෙක් නැහැ. ඒකෙ තේරුම මම විවාහ නොවී හැමදාම තනිකඩව ඉන්නවා කියන එක නෙමෙයි. කවදාහරි හොඳ කෙනෙක් ලැබුණ දාට මම විවාහ වෙනවා.

ඉදිරියේදි රසිකයන්ට ඔබව දැකගත හැකි වෙනත් නිර්මාණ ගැනත් අපි කියමු ?

මම හඬදායකත්වය ලබාදීපු ගජමෑන් චිත්‍රපටය 2023 වසරේ ජනවාරි මාසයේදි තිරගත වීමට තිබෙනවා. ඊට අමතරව යාළුවොද? යාළුයිද? කියන චිත්‍රපටයේ මම රංගනයෙන් දායක වුණා. ඒ චිත්‍රපටයත් ලබන වසර මුල් කාර්තුවේදී තිරගතවීමට තිබෙනවා. ටෙලි නිර්මාණ පැත්තෙන් ගත්තොත් තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලිනාට්‍යයක රංගනයේ නිරතවීමට මට ආරාධනා ලැබිලා තියෙනවා. ඉතින් මෙවැනි නිර්මාණ හරහා රසිකයන්ට ඉදිරියේදී මාව දැකබලාගන්න පුළුවන්.

මෙන්න බලන්න තවත් පුවත්