
මේ දිනවල ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි සප්නා පාදුක්ක. ඇය ප්‍රේක්ෂක ආවධානය දිනා ගත්තේ මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන ඉතාමත්ම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන පාරදිගේ ටෙලි නාට්‍යයේ මානවී ලෙසින්. ඉතින් ඇය නිතරම ලස්සනට අඳින පළඳින ෆැෂන් කරන තරුණියක්.ඉතින් විලාසිතා ගැන ඇයගේ කැමැත්ත ගැන මේ විදිහට පැවසුවා. “ලොකු කැමැත්තක් තියෙනවා. නිතරම වගේ අලුත් අලුත් විලාසිතා කරන්න මම ආසයි. හැබැයි කාලෙන් කාලේට එන හැම විලාසිතාවක්ම වගේ මම කරන්න කැමති නැහැ. නමුත්, මට ගැළපෙන, හොඳයි කියල හිතෙන විලාසිතා විතරක් මම තෝරගෙන කරනවා.
මොකක් හරි උත්සවයක් විශේෂ දෙයක් තියෙන කොට ඇරෙන්න මම හැම වෙලාවේම ඇදුම් හා අනෙකුත් දේවල් ගන්නේ නැහැ. ඒ හින්දා මාසිකව මට මේ පමණ මුදලක් විලාසිතාවලට වියදම් වෙනවා කියලා කියන්න බැහැ.ගන්න ඇඳුමක් දෙතුන් පාරකට වැඩිය අඳින්නේ නැහැ. මට ලස්සනයි කියලා හිතෙන ඕනෑම දෙයක් මම මුදල ගැන හිතන්නේ නැතුව ගන්නවා. දැන් නම් ගොඩක් වෙලාවට ඔන්ලයින් ඇණවුම් කරලා තමයි ඇඳුමක්, සපත්තුවක් වගේ දෙයක් මම ගන්නේ. එහෙම නැත්නම Disel Fashion එකෙන් තමයි ඇඳුම් ගන්නේ. ගොඩක් වෙලාවට මම තනියම තමයි ඇඳුමක් ගන්න යන්නේ. මොකද එහෙම ගියොත් විතරයි මට හරියටම හරියන ඇඳුම තෝරගන්න පුළුවන් වෙන්නේ. මට වැඩියෙන්ම ගැළපෙන ඇඳුම Crop Top & Jeans. ගොඩක් අය කියනවා මට ඒ වගේ ඇඳුම් ලස්සනයි කියලා.”
පැරණි ලිපියක් – පාරදිගේ ටෙලි නාට්‍යයේ මානවී ලෙස ඔබ හමුවට එන සුරූපී නිලි සප්නා පාදුක්ක 23වෙනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි.
ස්වර්ණවාහිනියේ විකාශනය වෙන පාර දිගේ ටෙලි නාට්‍ය කියන්නේ අද වෙනකොට ප්‍රේක්ෂකයන් බොහෝ පිරිසකගේ අවදානය දිනාගත් ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යක්. ඉතින් මේ ටෙලි නාට්‍ය හරහා ඔබ හමුවට එන අපූරු චරිතයක් ගැන තමයි අපි අද කියන්නේ. ඇය නමින් සප්නා පාදුක්ක. පාර දිගේ ටෙලි නාට්‍යයේ මානවීගේ චරිතය හරහා තමයි බොහෝ දෙනෙක් අද ඇයව හදුනන්නේ. කුඩා කාලයේ ඉදලම නිළියක් වෙන්න සිහින දැකපු ඇයට කලාවට පිවිසෙන්න අවස්තාව ලැබෙන්නේ ස්වර්ණ කුමරිය අවසන් පහළොස් දෙනා අතරට තේරී පත් වීමත් සමගයි. ජා ඇළ ප්‍රදේශයේ පදිංචි ඇගේ පවුලේ ඉන්නේ අම්මා තාත්තා සහ අයියා. කඳාන ශාන්ත සෙබෙස්තියන් බාලිකා විදුහලෙන් තමයි ඇය අධ්‍යාපනය ලබලා තියෙන්නේ. අද වෙනකොට ඇයට වෙළද දැන්විම් සහ තවත් කලා නිර්මාණ සදහා ආරාධනා ගලාගෙන එනවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඉතින් මේ විදියට අදවෙනකොට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගෙන ඉන්න සප්නා පසුගිය දිනක ඇගේ 23 වෙනි උපන්දිනය සමරලා තිබුනා. ඇයට සුභ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඒ අවස්තාවේ අපූරු ඡායාරූප එකතුවක් තමයි අපි අද අරගෙන ආවේ.
පැරණි පුවත් – මම පෙන්නේ නැති තැන්වල තමයි ටැටූ ගහලා තියෙන්නේ – ජනප්‍රිය නිලි කාවින්ද්‍යා දුල්ශානි
කෝලම් කුට්ටම කියන්නේ මේ දවස්වල අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යක්, ඉතින් මේ නාට්‍යය හරහා ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, කාලෙන් කාලෙට එක එක මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න කාවින්ද්‍යා දුල්ෂානි සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, කාවින්ද්‍යා දැන් මැස්සා නාට්‍යයේ සහ කෝළංකුට්ටම කියන නාට්‍ය දෙකේම රංගන දායකත්වය ලබා දෙනවා, ඉතින් අපිට කියන්නකෝ වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නාට්‍යන්ද කියලා, ”මෙහෙමයි එහෙම හරියටම කියන්න බෑ, ඒ නාට්‍ය දෙකටම වෙන වෙනම ප්‍රේක්ෂක ආදරය ලැබෙනවා, මට හිතෙන්නේ දෙකම එක වගේ ජනප්‍රියයි,”
කෝළංකුට්ටම නාට්‍යයේදී ඔයා විශාල අනතුරකට මුහුණ දෙන්න වුනා නේද..? ”ඔව් එක දවසක් මාර වැඩක් වුනේ, චමීර අයියා දවසක් ඇවිත් කිවුවා එයාලා ගියපු ඔරුව පෙරලුනා ඔයාටත් එහෙම උනානම් මරු කියලා, ඊට පස්සේ දවසේ මට ෂූටින් තිබ්බා, ඒ ෂූටින් තිබ්බෙත් මාදු ගඟේ, අපිට තිබ්බ ඔරුව දෙන්නෙක්ට යන්න තිබ්බ ඔරුවක් හැබැයි අපි තුන්දෙනෙක් ගියා, ඒ මමයි චමීර අයියයි මෞලි අයියයි, එදා කිවුව දේ ඇත්ත වෙලා ඔරුව එකපාරම පෙරලුනා, මට පීනන්න පුළුවන් නිසා මම බයවුණේ නෑ, හැබැයි අවාසනාවට මගේ කකුල ඔරුවේ හිරවුනා, මගේ ඔලුව වතුරයට තිබ්බේ, ළඟ හිටපු අයියා තමයි ඒ වෙලාවේ මාව බේරාගත්තේ”
ගොඩක් රංගන ශිල්පිනියන්ට ක්‍ෂේත්‍රයේ කැපිලි කෙටිලි ගොඩක් එනවා, ඉතින් කොහොමද ඒවාට මුහුණ දෙන්නේ ”මෙහෙමයි ජනප්‍රිය වෙද්දී එහෙම වෙනවා කොහොමත් මේ ක්‍ෂේත්‍රයේ ගොඩක් අය එහෙමයි හොඳට හිනාවෙලා කතා කරලා හිටියට හදවතින් එහෙම නෑ, කවුරු මොනවා කිවුවත් මම ඒවා ගැන හිතන්නේ නෑ, මම පුළුවන් තරම් හැමෝම එක්ක සහයෝගයෙන් ඉන්න උත්සහ කරනවා එහෙම බැරිනම් මම නිහඬ වෙනවා, මම ගොඩක් ශක්තිමත් කෙල්ලෙක්, මාව වට්ටන්න ටිකක් අමාරුයි”
ඔයා ටැටූවලට ගොඩක් ආසයි නේද..? ”ඇත්තටම ඕවූ මම ටැටූ වලට ගොඩක්ම ආසයි, ඒක ගොඩක් සුන්දර කලාවක්, හැබැයි මගේ වෘත්තිය වෙලා තියෙන රංගනය නිසා මට ගොඩක් ටැටූ කරන්න බෑ, ඉතින් මම සීමාවක් ඇතුව වැඩිය පෙන්නේ නැති තැන්වල තමයි ටැටූ කරලා තියෙන්නේ, කොහොම වුනත් දැනට මම ටැටූ හතරක් කරලා තියෙනවා, ඒ වගේම තව එක ආට් එකක් කරන්න ආසාවෙන් ඉන්නේ”