ටනාශා සතරසිංහ කියන්නේ කලා ලෝකය තුළ ආදරණීය කලාකාරිනියක් විදියට ප්‍රේක්ෂකයන් හමුවට ආපු සුන්දර රංගන ශිල්පිනියක්. ඇය නීල පබලු ටෙලි නිර්මාණය හරහා තමයි ප්‍රේක්ෂකයන් හමුවට ආවේ.එනිසාම ප්‍රසිද්ධ වෙච්ච ඇය පසුගිය දවසක සමාජ මාධ්‍ය ජාලා උණුසුම් කරමින් බොහෝ දෙනෙක් අතර තව තවත් ප්‍රසිද්ධ වුණා.

ඒ විදිහට ඇය ප්‍රසිද්ධ වෙන්න පටන් ගත්තේ ඊයේ දින කොළඹ ප්‍රධාන දිසා විනිසුරුවරිය විසින් ඇය කළ වැරැද්ද කට දඬුවමක් නියම වීමත් සමඟයි.මේක අධිකරණ තීන්දුවක් විදිහට තමයි නිකුත් වෙලා තියෙන්නේ.ඇයට අධිකරණ තීන්දුවක් නිකුත් වෙන්නේ ඇය වෙසෙන් මිත්තනියගේ දේපල ලියාගෙන ඇයට නොසලකා හැරීම සම්බන්ධයෙන්.

දේපල ලියා ගත්තට පස්සේ ගෙදර වාහනේ පිළිසකර කරන්න ඕනි යැයි කියා ඇය මිත්තණියට ගෙදරින් ටිකදවසකට යන්න කියලා.හැබැයි ඊට පස්සේ ඈ හිටියද නැද්ද කියලවත් බලන්න ටනාෂා කෝල් එකක්වත් දීලා නැහැලු.ඒ වගේම තමයි මිත්තණිය සඳහන් කරන ආකාරයට ඇය තමන්ගේ ප්‍රාණ භුක්තිය තබා ගෙන ඉතිරි කොටස ඇයට පවරා තිබුනත් ඇයගේ මේ අකාරුණික හැසිරීම් රටාව නිසා කලකිරී මේ ආකාරයෙන් ඇයට විරුද්ධව පැමිණිල්ලක් ගොනු කරනවා.

ඊට පස්සේ අධිකරණ විනිසුරුවරිය මිලියන 5 ක වන්දියක් ද නිවස යළි පවරා දෙන තෙක් මාසෙකට රුපියල් තිස්දාහකට බැගින් මිත්තණියට ගෙවිය යුතු යැයි ද මේ නිළියට නියෝග කළා.ඉතින් මේ විදිහට පුවත්පත්වලත් සමාජ මාධ්‍ය තුළත් හුවමාරු වෙන පුවත සහ වද පුවතක් බවට තමයි ඇය පුන පුනා සඳහන් කළේ.

ඊට පස්සේ ඇය වෙනුවෙන් සතුට බලන් ඉන්න බැරි ඉරිසියාව පුළුවන් තරම් අපිව වට්ටන්න දැඟළුවා ළමයි පොඩි කාලේ ඉඳන් දැන් ඒ ළමයට සතුට දරාගන්න බැරි ඉරිසියාව.” යනුවෙන් කමෙන්ට් එකක් එකතු කරල තිබුණු අතර ඒකට පිළිතුරු වශයෙන් ටනාෂා

“අනේ කමක් නෑ අම්මේ පොඩි කාලේ හදපු කතා එක්ක ඕ මොනවද ඒ කාලෙට වඩා දැන් ශක්තිමත් මං ඕවා ගණන් ගන්නේ නෑ ඔයාලා ගණන් ගන්න එපා” යනුවෙන් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා.ඒ වගේම ඇගේ සමාජ මාධ්‍ය ගිණුමට “මිනිස්සු ගල් ගහන්නේ වට්ටන්න පුළුවන් සීමාවේ දී පමණයි. ඔබ සීමාව පසුකර ඉදිරියට ගියවිට දේ ගල් ගැසූ හැමෝම නරඹන්නන් වේවි එතෙක් පරිස්සමෙන් ඔබ ඔබේ ගමන යන්න” යන ආකාරයේ සටහනක්. මෙහි ඇත්ත තත්ත්වය අපි දන්නේ නැති වුණත් ඉතාමත් ඉක්මනින් සාධාරණත්වයක් ඉෂ්ට වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

පැරණි පුවත් – අපේ ලංකාව තවම දූපත් මානසිකත්වයෙන් මිදිල නැහැ. කෙනෙක් ජාත්‍යන්තර තලයට යන්න හිතනව නම් ලංකාව දාල යන්න වෙනව

චුලක්‍ෂි රණතුංග… සිංහල සිනමාවේ නව පරපුරේ තරු අතර ඈ ගිනි සිළුවක් වැනියි.

ආකර්ෂණීය රුවකට හිමිකම් කියන ඈට කවුරුත් බෙහෙවින් ඇලුම් කරන බව රහසක් නෙවෙයි.

මේ ඇය සති අන්ත පුවත්පතකට දැක්වූ අදහස් කිහිපයක්…

ගින්දරී 3 චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොම?

මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ මෞද්‍රි කියන චරිතයට. මේක මනඃකල්පිත” රොමෑන්ටික්” ෆැන්ටසි මූවි එකක්. මේ වර්ගයේ චිත්‍රපට ලංකාවේ හැදෙනවා හරි අඩුයි. ඇවටර්” ස්පයිඩර් මෑන්” වොන්ඩර් වුමන් වගේ චිත්‍රපට අපේ රටේත් බොහොම ජනප්‍රියයි. මෙවැනි චිත්‍රපට අතර අපේ රටේ නිර්මාණකරුවෙක් විදිහට උදයකාන්ත වර්ණසූරිය ගත්ත සාර්ථක

උත්සාහයක තුන්වැනි අදියර තමයි අපිට ගින්දරී 3 හරහා දැකබලා ගන්න ලැබෙන්නෙ.

අවුරුදු හතකට පස්සෙ ලාංකීය සිනමාවේ ආදායම් වාර්තා බිඳ දැමූ නිර්මාණයකට ඔබටත් දායක වෙන්න අවස්ථාව ලැබුණා?

ඇත්තටම ආරාධනයක් භාරගන්න කලින් මම මුලින්ම හිතන්නෙ නිර්මාණයේ ගුණාත්මක බව ගැන. මොන ආකාරයෙක් ප්‍රේක්‍ෂකයන් භාරගනීවිද කියන දේ ගැන මම සැළකිලිමත් වෙනව. මම මේ නිර්මාණයේ රඟපාන්නෙ සෙකන්ඩ් රෝල් එකක්. කොහොම වුණත් මම හිතනව මම ගත්ත තීරණය හරි කියල.

අපූරු සිදුවීම්වලටත් මුහුණ දෙන්න ඇති?

මට රූගතකිරීම්වලට සහභාගි වෙන්න තිබුණෙ පිටකොටුවෙදි. ඒක බොහොම ජනාකීර්ණ නගරයක්. කොස්ටියුම් එහෙමත් ඇඳගෙන ඉන්න හරි අමාරුයි. තිරයේ ලස්සනට පෙණුනට රූගතකිරීම්වලදි විවිධ වෙනස්කම්වලට යන්න වුණාම අභියෝග රැසකට මුහුණ දෙන්න සිදු වුණා. මොකද අපිට රඟපාන්න තියෙන්නෙ යක්‍ෂ චරිත. පහසුකම් තිබුණ නම් මීටත් වඩා හොඳට චරිතය ඉදිරිපත් කරන්න තිබුණ.

අධ්‍යක්‍ෂවරයාගේ ප්‍රතිචාරය මොන වගේද?

අධ්‍යක්‍ෂවරයා මුලින්ම කිව්වෙ මට මේ චරිතය කරල දෙන්න කියල විතරයි. නිර්මාණය තුළ මට දෙබස් ගොඩක් කියන්න නැහැ. නමුත් මම දන්නව මේ චිත්‍රපටය සාර්ථක වෙනව කියල. උදයකාන්ත කියන අධ්‍යක්‍ෂවරයාගේ 25 වැනි චිත්‍රපටය වුණ ‘ගිනිමල් පොකුරු. සඳහාත් මම රංගනයෙන් දායක වුණා. ඇත්තටම කිව්වොත් ඔහු ගැන මම කතාකරනවාට වඩා ප්‍රේක්‍ෂකයන්ගෙන් ඇහුවොත් දැනගන්න පුළුවන් වෙයි.

මේ ආරාධනය භාරගන්නෙ මොන විදිහටද?

මෞද්‍රි කියන්නෙ යක්කුන්ගෙ ලෝකයේ නායිකාව. ඉන්ටර්විෂන් එකෙන් පස්සෙ තමයි එයා එන්නෙ. මේ චිත්‍රපටයේ කාස්ට් එකේ වැලිව් එක වැඩිකරගන්න තමයි ඔහුට මාව ඕනෑ වුණේ. මේ ආරාධනය ප්‍රතික්‍ෂේප කරන්න හේතුවක් මට තිබුණෙ නැති නිසා බොහොම කැමැත්තෙන් භාරගත්ත.

ඉදිරියේදී තිරගත වෙන්න තිබෙන නිර්මාණ?

මම ක්‍ෂේත්‍රයට ඇවිත් තවම සුළු කාලයයි. මේ වන විට චිත්‍රපට නවයකට විතර රංගන දායකත්වය ලබා දීල තියෙනව. එයින් හයක් පමණ තිරගත වෙන්න නියමිතව තියෙනව.

ඔබ ක්‍ෂේත්‍රය දකින්නෙ මොන විදිහටද?

සිනමාව කියන්නෙ මම ආසා කරන” හරි ලස්සන” මිනිස්සුන්ගෙ ආතතිය නැතිකරන්න පුළුවන් ක්‍ෂේත්‍රයක්. ඇත්තම කිව්වොත් මේ අවස්ථාවේ සිනමා කර්මාන්තය කඩාවැටිලයි තියෙන්නෙ. සිනමාහල් වැසීගෙන යනවා. පසුගිය කාලයේ ඇතිවුණ වසංගත තත්ත්වයන් සහ ආර්ථික අර්බුද මේකට ප්‍රධානම හේතුවක් වෙලා. අනාගතයේදී සිනමා කර්මාන්තයට එහෙම නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. මොකද ඒ තරමටම හොඳ චිත්‍රපට ගණනාවක් ඉදිරියේදී තිරගතවීමට නියමිතව තියෙනව.

ටෙලි නාට්‍ය ආරාධනා ප්‍රතික්‍ෂේප කරනවද?

ටෙලි නාට්‍යවලට මට ගොඩක් ආරාධනා ලැබෙනව කියල කියන්නෙ නැහැ. නමුත් ආරාධනයක් ලැබුණොත් මම බලනව චුලක්‍ෂි කියන චරිතයෙන් මිදිල වෙන චුලක්‍ෂි කෙනෙක් සමස්ත සමාජයට පෙන්වන්න පුළුවන්නම් අනිවාර්යයෙන්ම ඒ චරිතය භාරගන්නව.

චරිතවලට සීමා මායිම් තියෙනවද?

චරිතවලට කියල විශේෂ සීමා දාගෙන නැහැ. මොකද මම වෘත්තීය රංගන ශිල්පිණියක්. ඒ වෘත්තියට ගොඩක් ගරු කරනව.

නිරූපණයෙන් ඈත් වෙලාද?

නැහැ… නැහැ… තවමත් මම නිරූපණ ක්‍ෂේත්‍රයේ වැඩ කරනව.

නිරූපණ ක්‍ෂේත්‍රය ගැන මොන වගේ හැඟීමක්ද තියෙන්නෙ?

අපි හැමදේම බලන්නෙ සාමානාත්මක තත්ත්වයකින්. ලංකාව සමාන කරනවා ජාත්‍යන්තරය එක්ක. එතැනට යන්න පහසුකම් තිබුණත්” ඒ තත්ත්වයට ළඟා වෙන්න හරි අමාරුයි. රංගන ශිල්පිණියක් හෝ නිරූපිකාවකට ජාත්‍යන්තරයට යනකොට බාධක ගොඩක් තියෙනව. මොකද අපේ ලංකාව තවම දූපත් මානසිකත්වයෙන් මිදිල නැහැ. කෙනෙක් ජාත්‍යන්තර තලයට යන්න හිතනව නම් ලංකාව දාල යන්න වෙනව.

මෙන්න බලන්න තවත් පුවත්