
පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙකා පරයා ගමන් ධාවනයට කිරීමට ගොස් දඹුල්ල රෝහල් ඉදිරිපිට දී බස්රථ දෙක එකිනෙක යාවී පෞද්ගලික බසයේ සිටි මගින් 50 කට අධික පිරිස පැයට ආසන්න කාලයක් බස් තුළ සිරවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයට පත් වූහ.
අනුරාධපුරයේ සිට මහනුවර බලා ධාවනය වූ ලංගම බසයක් සහ පොලොන්නරුව අරුණපුර සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බසයක් මෙසේ අනතුරට ලක් විය.
දඹුල්ල නගරයෙන් මෙම බස් රථ දෙක එකම වේලාවට ධාවන ආරම්භ කොට නගරයේ සිට කිලෝ කිලෝමීටර් එකක් පමණ දුර එකිනෙකා ඉස්සර කිරීමට නොදී අපරික්ශාකාරිව ධාවනය වූ බව මගින් පවසති.
ඒ අනුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී ලංගම බස් රථය පසුකර යෑමට පෞද්ගලික බස් රථය සූදානම් වනවාත් සමඟ මෙම අනතුර සිදුව තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ බස්රථ දෙකේම මගින් සියයකට අධික පිරිසක් සිට තිබේ,පෞද්ගලික බස් රථය සිර වීමත් සමග එහි සිටි මගින් 50 කට අධික පිරිසක් බස් රථයෙන් බැස ගැනීමට නොහැකිව බස් රථයේ සිරවී සිටි බව බස් රථය තුළ ගමන් කරමින් සිටී භික්ෂූන් වහන්සේ නමක් අප සමග සඳහන් කළහ.
දඹුල්ල රථවාහන පොලිසියේ නිලධාරීන් පැමිණ පරීක්ෂා කොට පෞද්ගලික බස් රථයේ සිටි මගීන් කඩිනමින් එළියට ගැනීම සඳහා ලංගම බස් රථය ඉවත් කිරීමට පියවර ගත්තේය.
පැරණි පුවත් –මම දැන් විවාහ ජීවිතයෙන් අයින් වෙලා ඉන්නේ මට දුවලා ම තුන් දෙනෙක් ඉන්නවා
මෝටර් රථ දාවන ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දීපු අති දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් තමයි ඩිලන්ත මාලගමුව කියන්නේ. ඔහු තමයි මෝටර් රථ ධාවන තරගාවලි අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂතම මෝටර් රථ ධාවන සූරයා විදිහට අද වෙද්දි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ.
ඔහු කොයිතරම් දක්ෂද කියනවානම් ජාත්‍යන්තර තරඟවලදී දී සිය වතාවකට වඩා වැඩි වාර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ධජය ඉහළට ඔසවන්න තරම් සමත් ධාවකයෙක් බවට පත්වුණා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ සුන්දර චරිතයට එදා වගේම අදටත් ආදරෙයි.
ඩිලන්ත ගැන කතා කරද්දි මේ දවස් වල ඔහු මෝටර් රථ ක්ෂේත්‍රය වගේම ඔහුගේම කියලා ව්‍යාපාර කටයුතු වලටත් මුල් තැන දීලා කටයුතු කරනවා කියලා ආරංචියි.රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ව්‍යාපාර කටයුතු අඩපණ වුණත් ඔහු ඒ දේවලුත් ගිනි වලට කරන්න නිතරම උත්සහ ගන්නවා.
ඩිලන්ත සඳහන් කරන ආකාරයට මෝටර් රථ ධාවනය කියන්නේ කොහොමත් අපි වියදම් කරලා කරන්න ඕනි ගේම් එකක්. නමුත් රජය මූලික වෙලා මෝටර් රථ ධාවන ධාවන ශූරයින්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා නම් මේ ක්ෂේත්‍රය මීට වඩා ලස්සන වෙනවා කියලත් ඔහු සඳහන් කළා. සිය වතාවකට වඩා ජාත්‍යන්තර තරග නියෝජනය කරපු ඩිලන්ත ඔහුගේ අත්දැකීම් ගැන කිව්වේ මේ වගේ කතාවක්.
“තමන්ගේ ජාතික ධජය ඔසවන්නේ පළමු දෙවන හා තෙවන තරගකරුවන් සඳහා විතරයි. මම ඒ විදිහට දෙසීයකට වඩා එක දෙක තුන වෙලා තියෙනවා ඒ අවස්ථාවට මුළු ලෝකයම නියෝජනය වෙනවා. ඒ වගේම ලෝකයක් අපේ රට දකිනවා අපේ ධජය දකිනවා ජාත්‍යන්තරය නියෝජනය කරන්න ලැබීම ලොකු දෙයක් කියලා මම හිතනවා”
ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඔහුගේ පෞද්ගලික ජීවිතය දිහා චුට්ටක් බැලුවොත් හැම දේකටම ඔහුගේ ආදරණීය අම්මයි නංගියි ලඟම හිටියා කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි ඩිලන්තගේ විවාහ ජීවිතය ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.
“දැන් මම විවාහ ජීවිතයෙන් ඈත්වෙලා ඉන්නේ මට දුවලා ම තුන් දෙනෙක් ඉන්නවා එයාලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.කාලයක් දුවට තිබ්බා මෝටර් රථ ධාවන තරග සඳහා සම්බන්ධ වෙන්න.අන්තිමට එයා automobile ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තා”
ඉතින් විවාහ ජීවිතය ඔහු ඒ විදිහට ගත කරද්දී ඔහුගේ ධාවන තරග තුළින් තව තවත් ජයග්‍රහණ අත්පත් කර දෙන්නට හැකියාව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.