මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

ඊයේ (16) රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබේ.

මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත.ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

පැරණි පුවත් – මටනම් මේවා කියන්න ලජ්ජා නෑ, ඒ කාලේ තිබ්බ පීඩනය දන්නේ මම විතරයි – විවාහයට සමුදී තනිව ඉන්න පියුමි බොතේජු

රංගන ශිල්පිනියන් අතර වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි පියුමි බොතේජු කියලා කියන්නේ, කාලෙන් කාලෙට අලුත් මාතෘකා හරහා ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දිනාගන්න පියුමි සමගයි අද අපේ මේ කතාබහ ඉතින් පියුමි කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ ”මේ දවස්වල හරිම සතුටින් කාලය ගතකරනවා, ඒ වගේම මේ දවස්වල රූපවාහිනී නාලිකා කිහිපයකම මම රංගනයෙන් දායක වෙන නිර්මාණ විකාශනය වෙනවා, ඉතින් ඒ නිසා වෙනදට වඩා ටිකක් කාර්යබහුලයි හැබැයි සතුටින් ඉන්නවා”

අපි දකිනවා පියුමි ලස්සන ලස්සන විලාසිතා ගොඩක් කරනවා ”ඔව් මම විලාසිතා වලට ගොඩක්ම ආස කරන කෙනෙක්, ඒ වගේම මම මම ආස විලාසිතා මම ආස ඇඳුම් පැළඳුම් අරගෙන අඳින කෙනෙක්, විලාසිතා කිවුවම ඇඳුම් විතරක් නෙවෙයි කොන්ඩේ පාටකරන එක නියපොතු පාටකරන එක පවා විලාසිතාවක්, ඉතින් මම ඒ හැම විලාසිතාවක්ම කරනවා, ජීවත්වෙන පුංචි කාලේ හැමදෙයක්ම විඳින්න ඕන”

සාමාන්‍යයෙන් විලාසිතා කිරීමේදී ඔයා අනුගමනය කරන කරුණු මොනවද ”මෙහෙමයි ගැලපීම් ගැනනම් ගොඩක්ම හිතන කෙනෙක් මම, අනිත් කාරනාව තමයි අපි මිලදී ගන්නා දේවල් අපි ගෙවන මිල අපේ පෙනුම කොච්චර වැඩි කරනවද කියන එක ගැන මම සැලකිලිමත් වෙනවා ඒ වගේම තමයි මගේ අත් ටිකක් මහත නිසා මම විලාසිතා කරද්දී ඒ ගැනත් හිතනවා, ඒ වගේම මගේ හමේ පාටට ගැලපෙන්නත් ඕන ඒ වගේම මගේ ඇඟේ හැඩයට ගැලපෙන්නත් ඕන, ඔය දේවල් තමයි මම මුලිකව බලන්නේ”

පුංචි කාලේ ගැන මතක් කලොත් ”ඒ දවස්වල මොනතරම් දේවල් අඳින්න ආසාවෙන් හිටියත් ඒ කාලේ අපේ අම්මලා තාත්තලාට ඒ තරම් සල්ලි නෑ, මම ඉස්සර වැඩිපුරම ඇන්දේ අයියලගේ කලිසම් ෂර්ට්, ඒ කාලේ මගේ වයසේ ළමයි ලස්සන ඇඳුම් ඇඳලා මට පේන්න යද්දී මම අනන්තවත් අඬලා තියෙනවා ඒ වගේ ඇඳුම් ඉල්ලලා, මටනම් මේවා කියන්න ලජ්ජා නෑ, ඒ කාලේ තිබ්බ පීඩනය දන්නේ මම විතරයි ඉතින් අද මම මට ඒ පීඩනය දැනෙන්න දෙන්නේ නෑ මම ආස දේවල් මම කරනවා”

මෙන්න බලන්න තවත් පුවත්