
ජපානයේ රැකියා සඳහා හැකිතාක් නොමිලේ ශ්‍රි ලාංකිකයින් බඳවාගන්නා ලෙස අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජපානයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජපානයට පුහුණු ශ්‍රමිකයන් පිටත් කර යැවීම සඳහා වන ද්විපාර්ශ්වීය අවබෝධතා ගිවිසුමකට අද (17) අත්සන් කරමින් ඔහු මේ බව කියා සිටියා.
අදාළ ගිවිසුම හරහා පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කිරීමට නියමිතයි
එමෙන්ම ඔවුන්ගේ සුරක්ෂිතාවය තහවුරු කිරීම සඳහා ජපන් රජය සමග සමීපව කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා
මීට අමතරව ඉදිරියේදී විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් පමණක් පිටත් කර යැවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා පැවසුවා
පැරණි පුවත් – මට ඕන දෙයක් කියන්න හැබැයි මගේ රත්තරන් මහත්තයට එක එක කතා කියන්න එපා – හර්ෂි රසංගා
මේ වෙද්දී ලංකාවේ හැමෝම අතර කතාවෙන ආදරණීය යුවලක් තමයි හර්ෂි රසංගා සහ මහේන් යුවල කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ පහුගිය දිනක විවාහ වුන හර්ෂි රසංගා සමග, හර්ෂි පහුගිය දවසක ජීවිතේ අලුත්ම පිටුවක් පෙරළුවා, පුංචි වයසට ගත්ත තීරණය බර වැඩියි කියලා හිතෙන්නේ නැද්ද..? පහුගිය කාලයේ හැමෝමට මට කිවුවා මම කරන්න වයසට වඩා පැහිච්ච වැඩ කියලා, ඒ කතාව ඇත්ත, මම පොඩි වයසින් ජීවිතේ ගැන වෙනස්ම විදියට හිතලා වැඩ කරන්න ගත්ත කෙනෙක්, විවාහයෙන් පස්සේ එයා එක්ක සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා මට දැනුනා ඉතින් මම එයා එක්ක විවාහ වුනා, මහේන් මට වඩා අවුරුදු හයක් වැඩිමල්, එයත් මමවගේම කෙනෙක්, ඉතින් අපේ ජීවිතේ බර නෑ, අපි අපේ ප්‍රශ්න විසඳගෙන සතුටින් ජීවත් වෙනවා, එහෙම කරන්න පුළුවන් කියලා මට විශ්වාසයි”
හර්ශිගේ ආදරේ නිසා ඔයා ගොඩක් ආදරේ කරන නිලිකම නැතිවෙනවා නේද..? ”ගොඩක් අය හිතාගෙන ඉන්නේ එහෙමයි මම රංගනයෙන් ඉවත් වෙන්නේ එයා නිසා කියල, අනේ ඇත්තමයි එයා මට විහිළුවටවත් කියලා නෑ රඟපාන්න එපා කියලා, මේක මම ගත්ත තීරණයක්, මම උසස්පෙළ කලේ නැහැ, ඒ විදෙස් අධ්‍යාපනය හදාරන්න හිතාගෙන, ඉතින් මම මහේන් එක්ක ඉක්මනට විවාහ වුනේ රට ගිහින් ඉගන ගන්න පුළුවන් නිසා, මම කොහොමත් ආයේ ලංකාවට ඇවිත් අපේ වෙඩින් එක ගන්නවා, ඒ වගේම අනිවාර්යෙන් කියන්න ඕන මම නිළිකම අත් හරියේ මට ඒ ගැන ලොකු කලකිරීමක් ඇතිවුනා, රටින් යන්නත් හේතුව ඒක වෙන්න පුළුවන්, මට මොනවා කිවුවත් කමක් නෑ හැබැයි මගේ සැමියාට එක එක කතා හදන්න එපා, මම ආසම නෑ ඒකට”
අපිට ආරංචියි සැමියා කෝටිපතියෙක් කියලා, ”කවුද අනේ ඔයවගේ කතා කියන්නේ, එයා කෝටිපතියෙක් නෙවෙයි මම වගේම සාමාන්‍ය කෙනෙක්, අපි ලස්සනට අඳිනවා ෆැෂන් කරනවා, එයා හරිම ආසයි මම ලස්සනට පිළිවෙලට අන්දිනවට, ඉතින් අපි ෆැෂන් කරනවා දැක්කම අනිත් අය හිතනවා ඇති අපි පට්ට කෝටිපතියෝ කියලා අනේ එහෙම නෑ, අපි උපයන මුදලින් සතුටින් ජීවිතේ විඳිනවා එච්චරයි”
හර්ෂි සම්පුර්ණයෙන්ම කලාවට සමු දෙනවද..? ” නැහැ මම රංගනයෙන් ඉවත් වෙනවා විතරයි, හැබැයි මම ගායනය පැත්තෙන් වැඩ ටිකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා, ඒ වගේම අලුත් ගීත දෙකක් මම මේ දවස්වල කරමින් ඉන්නවා, ඒ වගේම ළඟදීම ඒවා එළිදක්වනවා, මම කලින් කරපු නාට්‍ය කිහිපයක්ම එන්නත් තියෙනවා, මම හිතනවා මගේ රසිකයන්ට මම නැති වුනාට ඒ අඩුව දැනෙන එකක් නෑ කියලා, කොහොම වුනත් ඒ දේවල් විකාශනය වෙද්දී ලැබෙන ප්‍රතිචාර ලබන්න මම ලංකාවේ නැති එක මට හරිම කනගාටුයි”