
සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් දෙ පිරිසක් කළ පහර දිමකින් පළමු වසරේ සිසුන් 09 දෙනෙකු තුවාල ලබා බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවැසීය.
03 වැනි වසරේ සහ 04 වැනි වසරේ කළමනාකාර පිඨයේ ඉගනුම ලබන සිසුන් දෙපිරිසක් විසින් ඊයේ (15) රාත්‍රීයේදී මෙම පහර දිම සිදුකර ඇති බවට අනාවරණය වන බව පොලිසිය කියයි.
පහර කැමට ලක්ව ඇති සිසුන් පිරිස සබරගමුව විශ්වවිද්‍යාලයේ දයාසාන්ති නේවාසිගාරයේ රැදි සිට ඇති අතර ජ්‍යෙෂ්ඨ සිසුන් එම නේවාසිගාරයට ඇතුළු වි නවක සිසුන් කොණ්ඩා සහ රැවිලා බා නොමැති බව පවසා මෙලෙස පහර දි ඇති බවට වාර්තා වී ඇතැයි පොලීසිය කියයි.
පහර දුන් සිද්ධියට සමිබන්ද මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සමනල වැව පොලිසිය පරික්ෂණ සිදු කරයි.
සිද්ධියෙන් රෝහල් ගත කර ඇති සිසුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවැසීය.
පැරණි පුවත් – හාමුදුරුවන්ගෙ චරිත සහතිකේට ඡන්ද අපේක්ෂක අතුරුදහන් වෙලා
මෙදා පාර පළාත් පාලන මැතිවරණයට නාම යෝජනාදී පක්ෂයේ දිස්ත්‍රික් නායකයා සමග පළමුවෙන්ම ආශිර්වාද ලබා ගැනීමට ගමේ විහාරස්ථානයට ගිය අපේක්ෂකයකුට විහාරස්ථානයේදීම එර්දිවීමට සිදුවූ පුවතක් ගාලු දිසාවෙන් අසන්නට ලැබේ.
නායක හාමුදුරුවන් ගිය සැනින්ම දිස්ත්‍රික් නායකයා හඳුනාගත්තේය. ‘හා මහත්තයෝ කොහොමද ? මොකද ! මේ පැත්තේ’ යැයි දිස්ත්‍රික් නායක තැනගෙන් ඇසුවේ ඔහු සමග ගිය ගමේ තැනැත්තාද උන්වහන්සේගේ දෙනෙත්වලට ග්‍රහණය කරගෙනය.
‘කවුද මහත්තයෝ මේ’ යැයි නායක හාමුදුරුවන් ඇසුවේ ඔහු පෙන්වමිනි.
‘ඇයි හාමුදුරුවනේ මෙයා මේ ගමේ කෙනෙක්නේ, අඳුනන්නේ නැද්ද?’ යයි දිස්ත්‍රික් නායකයා නාහිමියන්ගෙන් ඇසුවේය. ‘මෙයා තමයි මෙදා පාර මේ ගමෙන් අපේ පක්ෂයෙන් ඡන්දය ඉල්ලන්නේ’ දිස්ත්‍රික් නායකයා කීවේය.
‘මහත්තයෝ මෙයා මේ ගමේ වුණාට මම හිතන්නේ මේ පන්සලට ආපු පළමු වතාව වෙන්න ඇති’. උන්වහන්සේ ඔහු දිහා බලාගෙන කීවේ ඔහුගේ මුහුණ කරත්තයට හසුවූ කජු ලෙල්ලක් බවට පත්කරවමිනි.
‘මම හිතන්නේ ඔය මහත්තයා පිටගම්කාරයෙක් වුණත් මෙයාට වඩා මේ පන්සලට ඇවිල්ලා ඇති ’ නායක හාමුදුරුවන් ඔහුගේ දෙනෙත් දෙස බලාගෙන කීවේ ඔහුගේ ඉහමොළ රත් කරමිනි.
‘කියමුකො බලන්න මේ ළමයාගේ තාත්තාගේ නම’ ‘මම හාමුදුරුවනේ අර අසවලාගේ පුතානේ’ යැයි ඔහු සිය පියා ගැන හඳුන්වා දුන්නේය. ‘හා උන්නැහෙත් ඉතින් පන්සල පැත්ත පළාතක එන්නේ නැහැනේ’ යැයි ද ලොකු හාමුදුරුවන් පැවැසුවේ ගානකට මිම්මකට නැතිවය.
මේ කතා අස්සේ ඔහු සිය අපේක්ෂකයා සෙව්වේ නායක හාමුදුරුවන්ට වැඳ අවසර ගන්න යද්දීය. ඔහු ඒ වනවිටත් පන්සලෙන් එර්දිවී අවසාන ලු.