
ධරනි ටෙලිනාට්‍යයේ කවුරුත් කතා බහ කරන චරිතයක් රංගනය කරපු ඒ සුරූපී යුවතිය තමයි හේෂානි ලියදිපිට කියන්නේ. ඇය රංගනයට වගේම නර්තනයටත් ඉතා දක්ෂ කෙනෙක්. ඒ වගේම හේෂානි රංගනය කරන වීඩියෝ ඇගේ සමාජ මාධ්‍ය හරහා ඇයට ආදරය කරන රසිකයින්ට දැක බලා ගන්න පුලුවන්.
ඉතින් හේෂානි රංගනය කරන වෙනස්ම චරිත රංගනයක් මේ දිනවල දෙරණ නාලිකාව හරහා දැක ගන්න පුලුවන්. දෙරණෙහි විකාශය වන ලොක්කිගේ කතාව ටෙලිනාට්‍යයේ නපුරු චරිතයකට තමයි ඇය රංගනය කරන්නේ. ඉතින් හේෂානි ගැන පසුගියදා හැමෝම කතා කරන්නට වුණේ ඇගේ විවාහ ගිවිස ගැනීමත් එක්කයි.
විවාහ ගිවිස ගැනීම දවසේ කලා කරුවන්ට බොහෝ සෙයින් ආරාධනා නොකලත් ඉක්මනටම කලා තරු පිරිවරාගෙන විවාහය ගන්නත් ඇය බලාපොරොත්තු වෙනවා. ඉතින් හේෂානිගෙ සැමියා අධ්‍යාපනය සදහා විදෙස් ගත වෙලයි ඉන්නේ. ඉතින් ඇය කියන්නේ ඇගේ සැමියා ඉතාම සාමාන්‍ය පවුලක ජීවත් වෙන කෙනෙක් කියලයි. ඉතින් ඇය ලිවින් ටුගෙදර් සංකල්පය ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මමනම් දකින්නේ ලිවින් ටුගෙදර් කියන්නේ හොදම හොද දෙයක් කියලයි. ඉස්සරනම් පිට රට තමයි මේක තිබුණේ. නමුත් මේ වෙන විට ලංකාවෙත් අපිට ලිවින් ටුගෙදර් ඉන්න කට්ටිය දැක ගන්න පුලුවන්. දෙන්නෙක් එකට ඉන්නකොට තමයි එයාලගේ කැමති අකමැති දේවල් දැන ගන්න පුලුවන්. අද සමාජයේ වැඩිහිටියො තවම ලිවින් ටුගෙදර් සංකල්පය පිලි ගන්න කැමති නෑ.’’
මේ විදියටයි ලගදි විවාහ ගිවිස ගත්ත හේෂානි ලියදිපිට ඇගේ අදහස් දක්වලා තිබුණේ.
පැරණි පුවත් – දුව ගැන හිතලා දැන් මම කොටට අඳින්නේ නෑ – ජනප්‍රිය නිලි රොෂානා ඔන්ඩච්චි
රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරේ නොඅඩුව දින්නාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රොෂානා ඔන්ඩච්චි කියන්නේ, ලංකාව තුල අතිශය ජනප්‍රිය වුන ටෙලිනාට්‍ය රැසකට ඇය සිය රංගන දායකත්වය ලබා දීලා තියෙනවා, ඉතින් අද අපි කතා කරන්න සුදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන රොෂානා ඔන්ඩච්චි ගැන, ඉතින් රොෂානා ඇත්තටම රොෂානා කියන්නේ කවුද..? ”මම යකඩ ගැහැනියක්, මම මගේ ජීවිතේ හොඳම කාලේ ගොඩක් දුක් වින්ද කෙනෙක්. හැබැයි මම අද ගොඩක්ම හොඳ තැනක ඉන්නවා, හැබැයි ඒ සමාජයේ නරක විදියට ඉඳලා නෙවෙයි මම මගේ ජීවිතේ ගොඩනගාගත්තේ හරි විදියට, ඉතින් මට ආඩම්බරයි ඒ ගැන”
රොෂානා විලාසිතා තෝරාගැනීමේදී සැලකිලිමත් වෙන්නේ කොහොමද..? ”මෙහෙමයි මම ඉස්සර ගොඩක් විලාසිතා කළා, කොටට ඇන්දා එක එක ෆැෂන් කළා, ඉතින් දැන් ඒ කාලේ ඉවරයි මට දැන් ඇඳුම් තොරලා දෙන්නේ මගේ දුව, කාලයක් මම මෝස්‌තර නිරූපිකාවක විදියට වැඩ කළා, හැබැයි දැන් දුව නිසා හොඳට තෝරලා බේරලා තමයි ඇඳුම් අඳින්නේ, මොකද අපි විලාසිතා කළා වගේ නෙවෙයි ළමයි ගැනත් හිතන්න ඕන නේ, හැබැයි ඉතින් මම කැමති මට පහසු විදියේ ඇඳුම් අඳින්න”
රොෂානා ජීවත් වෙන්නේ දුවත් එක්ක තනියම ඉතින් මේ ගෙවෙන ජීවිතේ කොහොමද දැනෙන්නේ..? ”දරුවෙක් එක්ක කාන්තාවක් තනිවුනාම සමාජයේ ගොඩක් අය ඒ කාන්තාව දිහා බලන්නේ හරිම නරක විදියට, හැබැයි අපි නිතරම හොඳට ඉන්නවනම් ඒ දේවල් අපිට අදාළ වෙන්නේ නෑ, මම දුවට උනත් කියන්නේ කවදාවත් කාටවත් අපේ මූනට ඇඟිල්ල දික් කරන්නේ නැති විදියට ජීවත් වෙන්න කියලා, මම මගේ දුවට ගොඩක් ආදරෙයි ඉතින් මට ඕන මගේ දුව කාගෙන්වත් වචන අහන්නේ නැති විදියට හදන්න,”
රොෂානා ලැබෙන හැම චරිතයක්ම බාර ගන්නා නිළියක්ද ”නැහැ මම මට ලැබෙන හැම චරිතයක්ම බාරගන්නේ නෑ, තෝරලා බේරලා හොඳම චරිත වලට විතරයි මම රංගන දායකත්වය ලබාදෙන්නේ, මගේ වෘත්තීය රංගනය ඉතින් මම රඟපාන්න ඕන හැබැයි දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදියට එහෙම බෑ, ඉතින් හැමදේම ගැන හිතලා මට සුදුසු චරිත වලට මම මගේ රංගන දායකත්වය ලබාදෙනවා”