ලාංකීය සිනමාව තුළ විවිධ ආන්දෝලනාත්මක චරිත රංගනය කරපු ඔහු අද්විතීය නලුවෙක්. ඉතින් දසුන් පතිරණ කියන්නේ ඕනෑම චරිත අභියෝගයකට ඉතා සාර්ථකව මුහුණ දෙන ඕනම අභියෝගයක් බාර ගන්න කැමති දක්ෂ රංගන ශිල්පියෙක් කිව්වොත් අපි ඉතා නිවැරදියි.

ඉතින් පුංචි තිරයේ වගේම සිනමා නිර්මාණ තුළත් තම රංගන කෞශල්‍ය විදහා පාන දසුන් මේ වන විට පුංචි තිරය හරහා අපේ ආලින්දයට එනවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන ‘මැස්සා’ ටෙලිනාට්‍යයේ. ඒවගේම දසුන් පතිරණ කියන මේ දක්ෂ රංගන ශිල්පියා රංගනය කරපු චිත්‍රපට හැමෝගෙම කතා බහට ලක්වුණු චරිතයන්.

හුස්ම, නිනෝ ලයිව්, ෆ්‍රැන්ගිපානි, දැවෙන විහගුන්, මෝටර් සයිකල්, ආයු, සහෝ වැනි චිත්‍රපට ගණනාවකම දසුන් පතිරණ සිය රංගන කුසලතා විදහා පානවා. ඉතින් සම්මානනීය දක්ෂ රංගන ශිල්පියෙක් වන දසුන් පතිරණ තම රංගන ක්ශේෂ්ත්‍රයේ ඕනෑම චරිත අභියෝගයකට මුහුණ දෙන්නට සූදානම් බව මේ විදියටයි එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ.

” මම කලු චරිත වුණත් සුදු චරිත වුනත් ඕනම චරිතයක මට කරන්න දෙයක් තියෙයිනම් ඒ චරිතය බාර ගන්නවා. මොකද මම රංගන ශිල්පියෙක් කියලා මම කැමති නෑ පෙම්වතාගේ චරිතය රගපාන්න. මම හුස්ම චිත්‍රපටයේ මිනියක් එක්ක සෙක්ස් කලා. ඒක හැමෝගෙම කතා බහට ලක් වුණා. මට කැමරාවක් ඉස්සරහා රෙදි ගලවන්න වුනත් සූදානම්. මේකයි ඉතින් අපේ රටේ මිනිස්සුන්ට සෙක්ස් කියන එක මැජික් එකක්. මම මට දෙයක් කරන්න තියෙන චරිතයක්නම් අනිවාරෙන් ඒක බාරගන්නවා.’’

ඉතින් මේ විදියටයි දසුන් පතිරණ රංගන ශිල්පියා ඔහුගේ රංගන ජීවිතය ගැන අදහස් දක්වලා තිබුණේ.

පැරණි පුවත් – එයා මගෙන් ආදරේ අහලා මාස 3 කින් වගේ අපි බැන්දා

මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුවිනි විදියට කාගේත් බැනුමට හසුවන චරිතයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිත්‍යා දේවින්දි රංගනය කරන්නේ. ඉතින් ඇගේ රංගනය සාර්ථකයි කියන කාරණයට හොදම උදාහරණය තමයි ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන බැනුම් ප්‍රතිචාර.

ඉතින් ඒ වගේම දක්ෂ රංගනයක යෙදෙන නිත්‍යා දේවින්දි කලා ක්ශේෂ්ත්‍රයට ප්‍රවේශ වුණේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වෙලා. ඉතින් අවසන් 12න් පසු රංගන වරම් උදා කරගත්ත නිත්‍යා විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රය තුළ නිෂ්පාදකවරයෙක් වන ගීත් සමගින්.

ඉතින් ගීත් සහ නිත්‍යා ආදර කතාව පටන් ගත්ත විදිය ගැන මේ විදියටයි නිත්‍යා අදහස් දක්වලා තිබුණේ.

” ගීත්ව මට මුණගැහුණෙ මම රංගනයට ආවම. ඒ කාලේ මම ජනප්‍රිය චරිතයක් නෙමෙයි. මම ජනප්‍රිය නැති කාලේ ගී මාව ආදරෙන් ඔහුගේ ජීවිතේට එකතු කරගත්තා. රණවිරු සෙවණ ඉවෙන්ට් එකකට මට ආරාධනා කරලා තිබූනා. මම එයාගේ වාහනේ ගියේ. මම යාලුවෝ එක්ක ගියේ. ටික දවසකට පස්සේ ගීත් ඇහුවා අපි බදින්නෙ කවද්ද කියලා. මම කිව්වා ඔක්කොටම කලින් ගෙදරින් අහන්න කියලා. අන්තිමට ආදරේ නොකියම අපි දෙන්නා මාස තුනකින් විවාහ වුණා.”

මේ විදියටයි නිත්‍යා දේවින්දි ඇගේ සැමියාව ඇයට මුණ ගැසුනු ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ.

මෙන්න බලන්න තවත් පුවත්