ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය මගින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ කලින් දිනයක් වෙන්කර නොගෙන එක්දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීම සදහා යැයි පවසමින් අල්ලස් වශයෙන් රුපයිල් 20,000ක මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයකවරියක සහ තරැව්කරුවන් තිදෙනකු ලබන 28 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක තල්දියවල, අතුරුගිරිය පදිංචි ගම්ලත් රත්නායකගේ සචිනි සිතාරා ජයසිංහ, ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහයක කිතුල්පිටිය, බණ්ඩාරගම පදිංචි අලුත්ගෙදර ජයලත් පාලිත ගුණසිංහ, ලොතරැයි අලෙවිකරුවකු වන හෙට්ටිපොළ පදිංචි රාමනායක මුදියන්සේලාගේ ප්‍රියන්ත රාමනායක සහ දුරකතන සිම්කාඩ්පත් අලෙවිකරුවකු වන මීගමුව පාර කදාන පදිංචි කසුන් කලිදු චන්ද්‍රසේන යන අයවලුන්ය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබුණේ මලලසේකර මාවත, කොළඹ 07 ලිපිනැති කරුණානායක මුදියන්සේලාගේ නුවන් ජානක සෙනෙවිරත්න යන අය විසිනි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන් ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර එදින තෙක් නඩුව කල් තැබිය

පැරණි පුවත් – පිය පදවිය කියන්නේ අපූරු හැඟීමක් ඒක මම මුලින් ම විඳින්නේ ආදිත්‍යගෙන් – පේෂල මනෝජ්

දක්ෂ තබ්ලා වාදකයෙක් සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදියට ගොඩක් දෙනෙක්ගේ හදවත් දිනා ගත්තු ඒ සොදුරු චරිතය තමයි පේෂල මනෝජ් කියන්නේ. ඔහු වැඩි පුරම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ champion star වැඩසටහන මෙහෙයවන නිවේදකයා විදිහටයි.

ඒවගේම නිතරම විහිලු කරලා සතුටින් ඉන්න උත්සහ දරන චරිතයක් විදිහටත් පේෂලව හඳුන්වන්න පුළුවන්. අන්න ඒ නිසාම ගොඩක් දෙනෙක් ඔහුට චෝදනා කරනවා චැම්පියන් ස්ටාර් වැඩසටහනට ආරාධිතයන් විදියට එන ගොඩක් දෙනෙක්ගේ අනවශ්‍ය දේවල් ඇදලා ඇරගෙන පේෂල රෙදි ගලවනවා කියන දේ.

ඒ පිළිබඳව විමසද්දී ඔහු පුවත්පතකට පිළිතුරු දීලා තිබුනේ කෙනෙක් එහෙම තත්ත්වයකට පත්වනවා නම් පත් වෙන්නේ ඔවුන් හැසිරෙන ආකාරයෙන් සහ ක්‍රියා කරන ආකාරයෙන් කියලා ඒ වගේම ඒක විනෝදාත්මක වැඩසටහනක් බවත් විදේශීය රටවල විනෝදාත්මක වැඩසටහන් වල කලාකරුවන් ඒ වැඩසටහනේ ස්වභාවයට අනුව හැඩ ගැසෙනවා කියලත් ඔහු සඳහන් කළා ඒ නිසා එක ලොකුවට හිතාගෙන දඟලන්න අවශ්‍ය නැහැ කියලා තමයි ඔහු කියන්නේ.

කෙසේ නමුත් මේ වන විට සියලුම වැඩ මදකට පසෙකලා පේෂල ජනතාවත් සමග වීදි බැහැල කියලා ආරංචියි. ඒකට මූලිකම හේතුව රට තුළ පවතින අර්බුදකාරී තත්වය වෙනුවෙන් ජනතාව වශයෙන් කතා කරන්න ඕනි කියන හැඟීමක් ඔහුටත් හිතුනු නිසා වෙන්න ඇති. ඔහු සඳහන් කරන ආකාරයට අදූරදර්ශී පාලනය මේ රටෙන් තුරන් විය යුතුයි කියන තැන තමයි ඉන්නේ.

ඒ වගේම පේෂලගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කතා කරද්දි ඔහු දෙවන වර විවාහ වෙනවා ඒ විදියට විවාහ වෙන්න තෝරගන්නේ ක්ෂේත්‍රයේ අති දක්ෂ නිවේදිකාවක් වන ඒ වගේම චතුරිකා පීරිස් කියන රංගන ශිල්පිනියගේ ආදරණීය සහෝදරිය වන පූර්ණිකා පීරිස්.

පූර්ණිකා පේෂල සමඟ විවාහ වෙද්දී ඇයට කලින් කසාදෙන් ආදරණීය පුතෙක් ඉන්නවා. ඔහු නමින් ආධිත්‍යය. නමුත් ඒ කිසිම දෙයක් ප්‍රශ්නයක් ගැටලුවක් කරගන් නැතුව පේෂල මේ ආදරණීය දරුවටත් තාත්තා කෙනෙක් වෙන්න අමතක කළේ නැහැ. ඒ වගේම මේ වන විට ඔහුට තවත් චූටි පුතෙක් ඉන්නවා. දැන් දරුවන් දෙදෙනකුගේ ම ආදරණීය පියෙක් වන පේෂල ඒ අපූරු අත්දැකීම පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලාතිබුනේ මේ විදිහටයි.

“පිය පදවියේ කියන්නේ හරි අපූරු විඳීමක්. ඒ හැඟීම මං මුලින් ම විඳින්නේ ආදිත්‍ය ගෙන්. රෑ තිස්සෙ සැරෙන් සැරේ ගහන පා පහරවල් වලින් රෑ තිස්ස නැගිටිමින් ඇඬීම තුළින් මං අපූරු වින්දනයක් ලබනවා. සමහරක් අපහසුකම් හිරිහැර ආදරෙන් විඳින කොට හිතට ලැබෙන වින්දනය වචන වලට පෙරලන්න අමාරුයි මට හිතෙන්නේ ජීවත්වෙනවා කියන්නේ ඒකටයි’

ඔහු දරුවන් සමඟ ගත කරන සුන්දර ජීවිතය පිළිබඳව අදහස් දැක්වූයේ විදිහටයි ඒ වගේම එක්තරා අවස්ථාවකදී පූර්ණිකා පීරිස් එහෙමත් නැත්නම් පේෂළ ගේ ආදරණීය බිරිඳ සඳහන් කරනවා පේශලට ඇය හදවතින්ම ස්තූතිවන්ත වෙනවලු ඇයගේ පළමු කසාද ජීවිතයේ අදරනිය දරුවා වන ආදිත්‍යව කිසිම වෙනස්කමක් කරන්නැතුව රැකබලා ගන්න එකට.

ඉතින් තවත් බොහෝ කාලයක් ඒ ආකාරයෙන්ම මේ සුන්දර පවුලට ආදරයෙන් ජීවත් වෙන්න හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්