
මහරගම අපේක්ෂා රෝහලෙන් පිළිකා රෝගීන් සඳහා නොමිලේ නිකුත් කරන කාබොෆැටීන් නමැති ඖෂධය ලබාදීමට රුපියල් විසිදාහක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තැයි කියන එම රෝහලේ ඖෂධවේදියකු ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (16) නියෝග කළේය .
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 35/3, දෙවන මාවත, අඹගහ පුර, මහරගම පදිංචි අපේක්ෂා රෝහලේ ඖෂධවේදී මිස්සක උදයංග කන්දමුල්ල ගේ නමැත්තාය.
ගැබ්ගෙල පිළිකාව සදහා ලබා දෙන කාබෝෆැටීන් නැමැති ඖෂධය පිළිකා රෝහලේ නොමැති බවත් එම ඖෂධය මෙම සැකකරුගෙන් ලබාගැනීමට හැකියාවක් ඇති බවත් රෝහලේ කිසියම් තැනැත්තෙකු ප්‍රකාශ කර තිබූ බවත් මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල සිදුකළ පැමිණිලිකරු ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ පැමිණිලිකරු සැකකරුගෙන් මහරගම ප්‍රදේශයේ දී එම ඖෂධය ලබාගන්නා ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ උපාය දූතයෙකු ඉදිරියේ දී වැටලීමක් සිදුකර මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළේය.
පැරණි පුවත් – ඉස්සර ඉදන්ම හීන දැක්කේ නිලියක් වෙන්න, නිලියක් වෙන්න බැරිවෙයි කියන බයට මම හැමෝටම කිවුවේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් මෙන්ම ජනප්‍රිය නර්ථන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඉතින් ඇය සුන්දර නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල විශේෂ වැඩක් නම් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ඇයගේම ව්‍යාපාරයක් විදියට කෝයල් නමින් සාරී ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල ඇයගේ කාලය ගතවෙන්නේ.
ඒ වගේම ඇය එදා ඉඳලම නිර්මාණවලට දායක වුණේ ටිකක් තෝරලා බේරලා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් එහෙමම තමයි කියලත් ඇය කියනවා. මොකද නිර්මාණවලට සම්බන්ධ වෙද්දි දැන් තිබෙන විදියත් එක්ක ඇය ඒ තරම්ම සෑහීමකට පත්වෙන්නේ නැහැලු. ඒ වගේම ඒ පිළිවෙළ, වැඩ කරන විදිය ඉස්සරට වඩා දැන් හුඟක් වෙනස්වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදියට වැඩ කරන්න ටිකක් අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය කැමති විදියේ නිර්මාණවලට විතරක් සම්බන්ධ වෙනවා කියලත් නදීෂා කියනවා.
ඒ වගේම ඇය හැදුනේ වැඩුනේ දකුණු පළාතේ වුනාට පස්සේ පදිංචියට කොළඹට ආවට පස්සේ තමයි ඇයට නිලියක් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් නිළියක් වෙන්න ඇයට පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා කියලත් ඇය කියනවා. හැබැයි පොඩි කාලේ ඇයගෙන් කවුරු වෙන්නද කැමති කියලා කවුරුහරි ඇහුවම ඇය ඒ හීනේ හිතේ හංගගෙන වෙන වෙන දේවල් කියනවාලු. මොකද ඒ කාලේ කිව්වට නිළියක් වෙන්න බැරි වුනොත් ලැජ්ජයිනේ කියලා ඇයට ඒ දවස්වල හිතුනාලු. ඉතින් ඒ විදිහට පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ තමා මේ සැබෑවක් වෙලා තියෙන්නේ කියලයි ඇය කියන්නේ.
ඒ වගේම කලා ජීවිතේ දෙයක්ම අමතක නොවන සිදුවීමක් කියලත් ඇය කියනවා. ඉතින් කලා ලෝකය කියන්නේම ජීවිතේ ඇයට අමතක නොවෙන දේවල් රැසක් දුන්න තැනක් කියලයි ඇය කියන්නේ. ඒ නිසා කලාව කියන්නේ ඇය ජීවිතේ ආසාවෙන් පැලඳගත්ත ආභරණයක් වගේම ඇයට ජීවිතේ හැමදෙයක්ම ලැබුණේ කලාව නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.