
ප්‍රාණ භුක්තිය තබාගෙන මිත්තණිය පවරා දුන් නිවස ඇතුළු දේපළ වහාම එම මිත්තණියට යළි පවරාදෙන ලෙසටත් රුපියල් මිලියන 5 ක වන්දියක් හා එම දේපළ විද්‍යානුකූලව යළි පවරා දෙන තෙක් මසකට රුපියල් 30,000 බැගින් වූ දීමනාවක් මිත්තණියට ගෙවනා ලෙසටත් ප්‍රකට නාට්‍ය රංගන ශිල්පිනි රුචිනි රනාෂා නමැත්තියට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය.
බාලවියේදී ආදරයෙන් රැකබලාගෙන ප්‍රාණ භුක්තිය තබාගෙන එම දේපළ පවරා දුන් මිත්තණියගේ එම පරිත්‍යාගශීලීභාවයට කෙලෙහිගුණ සැලකීම කෙසේ වෙතත් දුරකථන ඇමතුමක් ලබාදී හෝ ඇයගේ සුවදුක් විමසීමට හෝ විත්තිකාර රංගන ශිල්පිනිය උනන්දුවක් දක්වා නොමැති බව ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව තම අධිකරණයට පෙනී යන්නේ යැයි සිය තීන්දුව නිකුත් කරමින් ප්‍රධාන දිසා විනිසුරුවරිය පෙන්වා දුන්නාය.
විත්තිකාර රංගන ශිල්පිනිය සිය අධිකරණය හමුවේ සාක්‍ෂි ලබාදෙන විටදී අධිකරණයට ලබාදිය යුතු නිසි ගෞරවය ලබා නොදුන් බව නිරීක්‍ෂණය කළ බව ද තීන්දුව නිකුත් කරමින් පැවසූ ප්‍රධාන දිසා විනිසුරුවරිය ඇගේ මිත්තණියට ගුණමකුව ඇය සලකා ඇති බව පැමිණිල්ල විසින් මනාව අධිකරණය හමුවේ ඔප්පු කොට ඇතැයි ද එම තීන්දුව මගින් වැඩිදුරටත් පෙන්වා දුන්නාය.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි ජයන්ති පෙරේරා මහත්මිය විසින් පවරා තිබූ නඩුවක් කැඳවා තිබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් ඇගේ දරුවන් සමග ජීවත්වූ පැමිණිලිකාරිය පවුලේ කුළුඳුල් මිනිබිරිය වන විත්තිකාර රංගන ශිල්පිනියට 2010 වසරේදී අදාළ දේපළ පවරා දී ඇති බව අධිකරණයට පැවසීය. එතෙක් මිත්තණියට ඉතා ආදරයෙන් සලකා තිබූ විත්තිකාරියට ඔප්පුව ලියාපදිංචි කිරීමෙන් පසුව නිවසේ වහලය අලුත්වැඩියා කිරීමට අවශ්‍ය බව පවසා මිත්තණිය නිවසින් පිටත්කර ඇති බවත් ඉන්පසු ඇය පිළිබඳව කිසිදු සොයාබැලීමක් සිදුකර නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා අධිකරණයට පැවසීය.
නීතිඥ එස්. ජයගත් මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ එරාජ් ද සිල්වා මහතා පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ නලින් සමරකෝන් මහතාගේ උපදෙස් පරිදි නීතිඥ නෙරංජන් ද සිල්වා මහතා විත්තිය නියෝජනය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක
පැරණි පුවත් – මට දැන් ජනප්‍රියම නිළිය සම්මානය අරගෙන ඇතිවෙලා, ඒකයි මේ පාර තව කෙනෙකුට අවස්ථාව දීලා මම අයින් වුනේ – ශලනි තාරකා
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇයව මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට ඇයව නිර්දේශ වෙලා තිබුනත් ඇය එම සම්මානය ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය රඟපාන ස්නේහාගෙ චරිතයට රසිකයින්ගෙන් පුදුම ආදරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඇයට ඩෙංගු හැදිලා හිටපු නිසා ටෙලි නාට්‍යයේ ඇය පේන්න නැහැ කියලා ගොඩක් දෙනා කලබල වුණා කියලත් ඇය කියනවා. ඉතින් සමහරු කියලා තිබුණාලු ඇය නැත්තම් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ කියලා. ඒ නිසාම ඒ අදහස්වලින් ඇය තේරුම් ගත්තාලු කවදාහරි ඇය අයින් වෙන්න හැදුවත් ඇයට ආදරය කරන රසිකයෝ ඒකට ඉඩදෙන එකක් නැහැ කියලා.
කොහොම නමුත් මේ දවස්වල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය ටිකක් දඟකාර චරිතයක් තමයි රඟපාන්නෙ. ඉතින් පහුගිය කාලෙ ඇය වැඩිපුර රඟපෑවෙ ටිකක් බැරෑරුම් අභියෝගාත්මක චරිත වුනත් බරපතළ විදිහට හිතන්නෙ නැති, සැහැල්ලු, දඟකාර චරිතයකට දායක වුණේ බොහෝ කාලයකට පස්සෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඇයට මනාපය පළ කරලා sms එවන්න එපා කියලා ඇය රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් ඇය ඉල්ලුවාලු ඇයව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා.
ඉතින් ඇය එහෙම කළේ ඇයට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා කියලයි ඇය කියන්නේ. හැබැයි කාලයක් තිබුණාලු ඇයත් ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඉතින් ඒ හීනය සැබෑකරගෙන සම්මාන උළෙලෙවල් කීපයකදීම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වෙලා සම්මානත් ලබා ගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙන තමයිලු ඇය ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ.මොකද ඇයම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්‍රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් ඇයගේ හිතේ නැහැ කියලත් ශලනි කියනවා. ඉතින් තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ඇය ගොඩක් කැමතියිලු.
ඒ වගේම ඇය රූපලාවණ්‍ය දේවල් පස්සෙ එළවන කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් කාටවත් වෛර කරන්නෙ, ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ඉන්න නිසා ඇයගේ ලස්සන රැකිලා තියනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.