බදුල්ල, විහාරගොඩ ප්‍රදේශයේදී මත්පෙති 145 ක් සමඟ වෛද්‍යවරයෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවාඒ ලද තොරතුරු කිහිපයක් පිළිබඳව සිදුකරන ලද විමර්ශණයකදීයි.

මත්පෙති අලෙවි කරමින් සිටියදි අත්අඩංගුවට ගත් ඔහු බදුල්ල මහ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් බවයි පොලීසිය පැවසුවේ.

බදුල්ල, මයිලගස්තැන්න පිහිටි සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදි පාසැල් දරුවන්ට හා තරුණ තරුණියන්ට දීර්ඝ කාලයක් තිස්සේ සැකකාර වෛද්‍යවරයා මත්පෙති අලෙවි කර ඇති බවයි අනාවරණයවී ඇත්තේ. ඔහු ගමන් කළ මෝටර් රථයද එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්