
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියලා කියන්නේ. ඉතින් පුංචි තිරය හරහා නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන ඇයව මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානයට ඇයව නිර්දේශ වෙලා තිබුනත් ඇය එම සම්මානය ප්‍රතික්ෂේප කළා. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන දැනගන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.
ඉතින් කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය රඟපාන ස්නේහාගෙ චරිතයට රසිකයින්ගෙන් පුදුම ආදරයක් ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම පහුගිය කාලයේ ඇයට ඩෙංගු හැදිලා හිටපු නිසා ටෙලි නාට්‍යයේ ඇය පේන්න නැහැ කියලා ගොඩක් දෙනා කලබල වුණා කියලත් ඇය කියනවා. ඉතින් සමහරු කියලා තිබුණාලු ඇය නැත්තම් ටෙලි නාට්‍යය බලන්නෙත් නැහැ කියලා. ඒ නිසාම ඒ අදහස්වලින් ඇය තේරුම් ගත්තාලු කවදාහරි ඇය අයින් වෙන්න හැදුවත් ඇයට ආදරය කරන රසිකයෝ ඒකට ඉඩදෙන එකක් නැහැ කියලා.
කොහොම නමුත් මේ දවස්වල ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වෙන හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඇය ටිකක් දඟකාර චරිතයක් තමයි රඟපාන්නෙ. ඉතින් පහුගිය කාලෙ ඇය වැඩිපුර රඟපෑවෙ ටිකක් බැරෑරුම් අභියෝගාත්මක චරිත වුනත් බරපතළ විදිහට හිතන්නෙ නැති, සැහැල්ලු, දඟකාර චරිතයකට දායක වුණේ බොහෝ කාලයකට පස්සෙ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය මෙවර සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළියට හිමි සම්මානය වෙනුවෙන් ඇයට මනාපය පළ කරලා sms එවන්න එපා කියලා ඇය රසිකයන්ගෙන් ඉල්ලුවා වගේම සුමති සම්මාන උළෙලෙ සංවිධායකයන්ගෙනුත් ඇය ඉල්ලුවාලු ඇයව ජනප්‍රිය නිළියට හිමි සම්මාන කාණ්ඩයෙන් අයින් කරන්න කියලා.
ඉතින් ඇය එහෙම කළේ ඇයට දැන් ජනප්‍රිය නිළිය කියන කාණ්ඩයෙන් සම්මාන අවශ්‍ය නැති නිසා කියලයි ඇය කියන්නේ. හැබැයි කාලයක් තිබුණාලු ඇයත් ජනප්‍රියම නිළිය විදිහට සම්මාන ලබන්න හීන දැකපු. ඉතින් ඒ හීනය සැබෑකරගෙන සම්මාන උළෙලෙවල් කීපයකදීම ජනප්‍රිය නිළිය විදිහට නිර්දේශ වෙලා සම්මානත් ලබා ගත්තා කියලත් ඇය කියනවා. ඒ වගේම තවත් රංගන ශිල්පිනියකට ඉදිරියට එන්න අවස්ථාව ලබාදෙන්න ඕනයි කියන අදහසේ ඉඳගෙන තමයිලු ඇය ජනප්‍රිය සම්මාන කාණ්ඩයෙන් ඉවත් වෙන්න තීරණය කළේ.මොකද ඇයම හැමදාම ජනප්‍රිය නිළිය විදිහට ක්ෂේත්‍රයේ වැජඹෙන්න ඕන කියලා අදහසක් ඇයගේ හිතේ නැහැ කියලත් ශලනි කියනවා. ඉතින් තවත් රංගන ශිල්පිනියක් ඉදිරියට ඇවිත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කටයුතු කරනවා දකින්න ඇය ගොඩක් කැමතියිලු.
ඒ වගේම ඇය රූපලාවණ්‍ය දේවල් පස්සෙ එළවන කෙනෙක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. ඉතින් කාටවත් වෛර කරන්නෙ, ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ඉන්න නිසා ඇයගේ ලස්සන රැකිලා තියනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.
පැරණි පුවත් – එයා මගෙන් ආදරේ අහලා මාස 3 කින් වගේ අපි බැන්දා
මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ රුවිනි විදියට කාගේත් බැනුමට හසුවන චරිතයක් තමයි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නිත්‍යා දේවින්දි රංගනය කරන්නේ. ඉතින් ඇගේ රංගනය සාර්ථකයි කියන කාරණයට හොදම උදාහරණය තමයි ඇයට ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන බැනුම් ප්‍රතිචාර.
ඉතින් ඒ වගේම දක්ෂ රංගනයක යෙදෙන නිත්‍යා දේවින්දි කලා ක්ශේෂ්ත්‍රයට ප්‍රවේශ වුණේ දෙරණ අවුරුදු කුමරිය තරගාවලිය හරහා අවසන් දොළොස් දෙනා අතරට තේරී පත් වෙලා. ඉතින් අවසන් 12න් පසු රංගන වරම් උදා කරගත්ත නිත්‍යා විවාහ වෙලා ඉන්නේ ක්ශේෂ්ත්‍රය තුළ නිෂ්පාදකවරයෙක් වන ගීත් සමගින්.
ඉතින් ගීත් සහ නිත්‍යා ආදර කතාව පටන් ගත්ත විදිය ගැන මේ විදියටයි නිත්‍යා අදහස් දක්වලා තිබුණේ.
” ගීත්ව මට මුණගැහුණෙ මම රංගනයට ආවම. ඒ කාලේ මම ජනප්‍රිය චරිතයක් නෙමෙයි. මම ජනප්‍රිය නැති කාලේ ගී මාව ආදරෙන් ඔහුගේ ජීවිතේට එකතු කරගත්තා. රණවිරු සෙවණ ඉවෙන්ට් එකකට මට ආරාධනා කරලා තිබූනා. මම එයාගේ වාහනේ ගියේ. මම යාලුවෝ එක්ක ගියේ. ටික දවසකට පස්සේ ගීත් ඇහුවා අපි බදින්නෙ කවද්ද කියලා. මම කිව්වා ඔක්කොටම කලින් ගෙදරින් අහන්න කියලා. අන්තිමට ආදරේ නොකියම අපි දෙන්නා මාස තුනකින් විවාහ වුණා.”
මේ විදියටයි නිත්‍යා දේවින්දි ඇගේ සැමියාව ඇයට මුණ ගැසුනු ආකාරය ගැන අදහස් දක්වලා තිබුණේ.