රඹුක්කන ඩිපෝවට අයත් බස් රථයක් හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී ගාල් කර, රියැදුරු පිටව ගිය පසු එහි කොන්දොස්තරවරයා පෙම්වතිය බැලීමට කිලෝ මීටර් 9ක පමණ දුරක් බස් රථය පදවාගෙන ගොස් ආපසු එන අතරතුර දී අනතුරට පත් වී තිබෙන පුවතක් වාර්තා වනවා.

අනතුරින් පසු බස් රථය හතරලියද්ද බස් නැවතුම දක්වා පදවාගෙන පැමිණ තිබෙන කොන්දොස්තරවරයා කිසිවක් සිදු නොවූ ආකාරයෙන් එය ගාල් කර පිටව ගොස් තිබෙන බවත් පවත්වන ලද පොලිස් පරීක්ෂණ මගින් ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් වාර්තා වනවා.

අදාළ බස් රථය රඹුක්කන හතරලියද්ද මාර්ගයේ ධාවනය වන බස් රථයක් වන අතර එය හතරලියද්ද බස් නැවතුමේ රාත්‍රී නවතා තබා ඇත්තේ පසුදින අලුයම 5.30ට නැවත රඹුක්කන බලා ගමන් වාරය ආරම්භ කිරීම සඳහා යි.

රියැදුරුගේ නිවස ඒ ආසන්නයේ ම පිහිටා තිබීම නිසා ඔහු බස් රථය ගාල් කිරීමෙන් පසු දිනපතා නිවසා බලා ගිය ද කොන්දොස්තර බස් රථයේ ම රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ඉකුත් දිනක රාත්‍රී කාලයේ බස් රථය පණ ගන්වා ගෙන කොන්දොස්තරවරයා කැබැල්ලවත්ත නමැති ප්‍රදේශයට ගොස් පෙම්වතිය හමු වී ආපසු එමින් සිටියදී‍යි බස් රථය මෙලෙස අනතුරට පත් වී තිබෙන්නේ.

පැරණි පුවත් –මම දැන් විවාහ ජීවිතයෙන් අයින් වෙලා ඉන්නේ මට දුවලා ම තුන් දෙනෙක් ඉන්නවා

මෝටර් රථ දාවන ක්ෂේත්රය තුළ ශ්‍රී ලංකාවට කීර්තියක් අත්පත් කර දීපු අති දක්ෂ මෝටර් රථ ධාවන ශූරයෙක් තමයි ඩිලන්ත මාලගමුව කියන්නේ. ඔහු තමයි මෝටර් රථ ධාවන තරගාවලි අතරින් ශ්‍රී ලංකාව නියෝජනය කරන දක්ෂතම මෝටර් රථ ධාවන සූරයා විදිහට අද වෙද්දි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ.

ඔහු කොයිතරම් දක්ෂද කියනවානම් ජාත්‍යන්තර තරඟවලදී දී සිය වතාවකට වඩා වැඩි වාර සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ධජය ඉහළට ඔසවන්න තරම් සමත් ධාවකයෙක් බවට පත්වුණා. ඒ නිසා බොහෝ දෙනෙක් මේ සුන්දර චරිතයට එදා වගේම අදටත් ආදරෙයි.

ඩිලන්ත ගැන කතා කරද්දි මේ දවස් වල ඔහු මෝටර් රථ ක්ෂේත්‍රය වගේම ඔහුගේම කියලා ව්‍යාපාර කටයුතු වලටත් මුල් තැන දීලා කටයුතු කරනවා කියලා ආරංචියි.රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ව්‍යාපාර කටයුතු අඩපණ වුණත් ඔහු ඒ දේවලුත් ගිනි වලට කරන්න නිතරම උත්සහ ගන්නවා.

ඩිලන්ත සඳහන් කරන ආකාරයට මෝටර් රථ ධාවනය කියන්නේ කොහොමත් අපි වියදම් කරලා කරන්න ඕනි ගේම් එකක්. නමුත් රජය මූලික වෙලා මෝටර් රථ ධාවන ධාවන ශූරයින්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙනවා නම් මේ ක්ෂේත්‍රය මීට වඩා ලස්සන වෙනවා කියලත් ඔහු සඳහන් කළා. සිය වතාවකට වඩා ජාත්‍යන්තර තරග නියෝජනය කරපු ඩිලන්ත ඔහුගේ අත්දැකීම් ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“තමන්ගේ ජාතික ධජය ඔසවන්නේ පළමු දෙවන හා තෙවන තරගකරුවන් සඳහා විතරයි. මම ඒ විදිහට දෙසීයකට වඩා එක දෙක තුන වෙලා තියෙනවා ඒ අවස්ථාවට මුළු ලෝකයම නියෝජනය වෙනවා. ඒ වගේම ලෝකයක් අපේ රට දකිනවා අපේ ධජය දකිනවා ජාත්‍යන්තරය නියෝජනය කරන්න ලැබීම ලොකු දෙයක් කියලා මම හිතනවා”

ඉතින් ඒ විදිහට අදහස් දක්වන ඔහුගේ පෞද්ගලික ජීවිතය දිහා චුට්ටක් බැලුවොත් හැම දේකටම ඔහුගේ ආදරණීය අම්මයි නංගියි ලඟම හිටියා කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි ඩිලන්තගේ විවාහ ජීවිතය ගැන ඔහු කිව්වේ මේ වගේ කතාවක්.

“දැන් මම විවාහ ජීවිතයෙන් ඈත්වෙලා ඉන්නේ මට දුවලා ම තුන් දෙනෙක් ඉන්නවා එයාලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ.කාලයක් දුවට තිබ්බා මෝටර් රථ ධාවන තරග සඳහා සම්බන්ධ වෙන්න.අන්තිමට එයා automobile ඉංජිනේරු පැත්ත ඉගෙන ගත්තා”

ඉතින් විවාහ ජීවිතය ඔහු ඒ විදිහට ගත කරද්දී ඔහුගේ ධාවන තරග තුළින් තව තවත් ජයග්‍රහණ අත්පත් කර දෙන්නට හැකියාව ලැබේවා කියා එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

 

 

මෙන්න බලන්න තවත් පුවත්