දක්ෂි අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 35.9 කණුව අසලදී ලොරි රථයක් සහ මොටර් රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.

ඒ ගොස් ඇත්තේ වයස අවුරුදු 70 සහ 75 අතර පසුවන්නන් දෙදෙනෙකි , ඔවුන් ත්‍රීකුණාමලේ පදිංචිකරුවන්ය.

මාතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය කාර්මික දෝෂයක් හේතුවෙන් දොඩම්ගොඩ ප්‍රදේශයේ නවතා තිබියදී එම දිශාවේ සිට කොළඹ දිසාවට ධාවනය වූ මෝටර් රථය ලොරි රථයේ රථය පිටුපසින් ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයට බරපතළ හානි සිදු වී ඇත.

පැරණි පුවත් – මගේ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම, නමුත් රංගනයෙන් ඉවත් වෙන්නත් අදහසක් නැහැ – සශ්‍රිකා සේමිණි

දෙරණ ලිට්ල් ස්ටාර් සීසන් සෙවන් තරගයේ අවුරුදු 08න් පහළ ගායන අංශයේ දක්ෂතම පුංචි තරුව වෙමින් ක්ෂේත්‍රයට පැමිණි පුංචි කළා තරුවක් තමයි සශ්‍රිකා සේමිණි කියලා කියන්නේ. ඉතින් දක්ෂ ගායන ශිල්පිනියක් වන ඇය රූපවාහිනි වෙළෙඳ දැන්වීමක් හරහා තමයි රංගනයට පිවිසෙන්නේ. ඊට පස්සේ වෙළෙඳ දැන්වීම්වල වොයිස්වලින් රූපවාහිනී හඬකැවීම්වලට සම්බන්ධ වෙන්න ඇයට අවස්ථාව ලැබුණා. ඊට අමතරව මේ වසරේ සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය තරගය වගේම සෑම වසරකම බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන වැඩසටහනකටත්, නත්තල් වැඩසටහනකටත් නිවේදිකාවක් විදිහට සම්බන්ධ වෙන්නත් ඇයට අවස්ථාව හිමි වෙලා තියෙනවා.

ඉතින් මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ දවස්වල පාසල් කටයුතු සහ ඉස්කෝලේ ටෙලිනාට්‍යයේ කටයුතු වගේම තවත් රූපවාහිනි නාළිකාවක අලුත් හඬකැවීම් කටයුත්තක වැඩකටයුතු කරනවා කියලයි ඇය කියන්නේ. ඊට අමතරව ගුවන්විදුලි නාලිකාවක ඇය කරන වැඩසටහනේ නිවේදන කටයුතුත් සිදු කරගෙන යනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඉස්කෝලේ ටෙලිනාට්‍ය නිසා ඇයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ නිසාම ලොකු සතුටක් වගේම පුංචි නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය මේ දවස්වල නම් වැඩි අවධානයක් ලබා දෙන්නේ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳව කියලයි සශ්‍රිකා කියන්නේ.

ඉතින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ඉවර වෙලා විදේශගත වෙන්න අදහසක් තිබෙනවා කියලත් ඇය කියනවා. ඒත් එක්කම ඇයගේ ලොකුම බලාපොරොත්තුව වෛද්‍යවරියක් වීම කියලයි ඇය කියන්නේ. නමුත් කලා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් කළා වැඩකටයුතුත් සිදුකරන අතරතුර වෘත්තීය විධියට වෛද්‍යවරියක් වීම තමයිලු ඇයගේ සිහිනය. ඒ වගේම ඇය අධ්‍යාපනයට මුල් තැන දෙන ගමන් විනෝදාංශය විධියට කලා ක්ෂේත්‍රයට සම්බන්ධව කටයුතු කරනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්