මහියංගනය – පදියතලාව මාර්ගයේ, දෙහිගොල්ල පාසල අසල තිබී පිරිමි මළ සිරුරක් හමු වූ බව පොලිසිය පවසනවා.

පොලිසියට ලද තොරතුරකට අනුවයි ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත්තේ‍.

කෙසේවෙතත් මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැහැ.

පොලිසිය පවසන්නේ, උස අඩි 05යි අඟල් 02ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් හිමි මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 65ත් 70ත් අතර පසු වූ අයෙකු බවයි.

කොණ්ඩය අඟල් 1.5ක් පමණ වැවි ඇති මෙම මිය ගිය පුද්ගලයාගේ, දකුණු කකුලේ දණහිසට පහළින් බෙහෙත් දමන ලද තුවාලයක් ඇති බව ද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම මිය ගිය පුද්ගලයා සුදු පැහැති ටී ෂර්ට් එකකින් හා සුදු පැහැති කොට කලිසමක් ඇඳ සිටි බව ද පොලිසිය පවසනවා.

මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මහියංගනය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහියංගනය පොලිසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

පැරණි පුවත් – මට රථගාය තියෙනවා නම් බණ වලට යන්නෙ BMW එකෙන්- මට එහෙම රථ ගායක් නෑ – කොටුවෙ පොඩි හාමුදුරුවෝ

අපි හැමදාමත් කතා කරන්නේ කලා ලෝකේ ඉන්න තරු ගැන නේ.ඒත් අද කතා කරන්න හිතුවේ මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කරන්නයි. ඒ තමයි ඒ කොයි කවුරුත් දන්න කොටුවෙ පොඩි හාමුදුරුවෝ..

ඒකට හේතුව වෙන්නේ විහිළුවෙන් තහළුවෙන් ආකර්ෂණීය විදිහට බණ කියන නිසයි. කොහොම වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල දී කොටුවෙ පොඩි හාමුදුරුවොන්ට ලැබුණු bmw රථයක් ගැන නිරන්තරයෙන් කථාබහට ලක් කරනවා. උන්වහන්සේ එක්තරා කෝනාර ව්ලොග් වැඩසටහන සඳහා එක්වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි. “මේ bmw එකක් නිසා මට දැන් මහා විනාසයක් තමයි වෙලා තියෙන්නෙ.

චොපර් එකක් බෑවත් මම ඒක බාර ගන්නවා.ඇයි මිනිස්සු මේ තරමටම කුහක වෙන්නේ.අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයට පූජා කළේ රන් කහවනු මුළු ඉඩමම පුරවමින්.මේකත් එකම එක වාහනයක් විතරයි.ලංකාවට මේක සුපිරිම රථයක් වුනාට ලෝකයෙ තියෙන්නේ දහ දොළොස් වැනි තැන. ඉතින් ඒක පූජාකළා එච්චරයි ඒකෙ තියෙන්නෙ ටයර් හතරයි එන්ජිමයි විතරයි.එහෙම හිතන්න. අපිට කෙනෙක්ට දෙන්න තියෙන්නේ නොමිලේම ආශිර්වාදය සහ හිනාව.මිනිස්සු ඒ දෙක දෙන්න තමයි ගොඩක්ම බය වෙන්නේත්

මට මෙලහකට රතගාය තියෙනවා නම් බණ වලට යන්නෙ එහෙම.මට එහෙම රථ ගායක් නෑ. ඒ වගේම තමයි කොටුවේ පන්සලට එන්න පුළුවන් වෙන්නේ දුප්පත් පොෂ් මිනිස්සුන්ට විතරයි.vip පෝෂ් නෙවෙයි. මේ පන්සලේ තියෙන ඇත්ත තත්ත්වය ගැන එක දවසක් හෙළි වුණා අම්මාගේ මරණය දවස් ටිකට.මගෙ අතින් එක රුපියලක් වියදම් කරන්න දුන්නේ නැහැ මිනිස්සු.මල බත දුන්නේ වෑංජන විසි එකක් එක්ක. ඇයි මේ තරමට තරමටම කාර් එකකට මිනිස්සු ඉරිසියා කරන්නේ.මොකක්ද මේක මේ.කෝටි තුනක් ලක්ෂ 300ක්.

මොනවද මේ නහින්නේ.මේ පෝස්ට් එකක් ලියන්න කොයිතරම් පව් සිද්ද වෙනවද.මෙහෙම දෙයක් පූජා කරලා කියලා දැනගත්තට පස්සේ අනේ ඉතින් කොච්චර හොදද.අපිටත් මේ විදියට විදියට පින්කම් කරන්න වාසනාව ලැබේවා කියලයි හිතන්න ඕන.එහෙම අයට ඊළඟ ආත්මයේ ලැබෙන්නේ හෙලිකොප්ටර්.” ඉතින් මේ විදියට තමයි කොටුවෙ පොඩි හාමුදුරුවෝ අදහස් දක්වා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්