ආදරවන්තයන්ගේ දිනය හෙවත් ශුද්ධවූ වැලන්ටයින්ගේ දිනය පෙබරවාරි මස 14 වන දිනය දා සමරනු ලබයි. මෙම දිනයේදී තම ආදරණීයන්ට සුඛපැතූම් යැවීම, මල් පොකුරු යැවීම මගින්  ආදරය ප්‍රකාශ කරයි.

අද දිනයට යෙදී ඇති වැලන්ටයින් දිනය වෙනුවෙන් අපි සූදානම් වන්නේ ආදරණීය චිත්‍රපට පෙළක්  ඔබට  ලබා දීමටයි.

01. William Shakespeare’s Romeo + Juliet ( 1996)


රෝමියෝ + ජුලියට් ආදර කතාව විලියම් ෂේක්ස්පියර්ගේ නිර්මාණයකි. මෙය 1996 දී බාස් ලුහ්මන් විසින් චිත්‍රපටයක් ලෙසින් අධ්‍යක්ෂණය කරන ලදී . ආදරයෙන් බැඳෙන යෞවනයන් දෙදෙනෙකු වන Romeo සහ Juliet ගේ චරිත Leonardo DiCaprio සහ Claire Danes විසින් නිරූපණය කරයි. Brian Dennehy , John Leguizamo , Harold Perrineau , Pete Postlethwaite ,Paul Sorvino සහ Diane Venora ද සහාය චරිත සඳහා රංගනයෙන් දායක වේ . මෙම චිත්‍රපටය 1996 නොවැම්බර් 1 වන දින 20th Century Fox විසින් නිකුත් කරන ලදී .

02. Titanic (1997)


ටයිටැනික් චිත්‍රපටය ලෙනාර්ඩෝ ඩිකැප්‍රියෝ සහ කේට් වින්ස්ලට් විසින් රග දක්වන අති ජනප්‍රිය ආදර කතාවකි. අයිස් පරයක හැපී ගිලුණු ඓතිහාසික ටයිටැනික් නැව ගිලී යෑමේ සිදුවීම පාදක කරගත් මෙම චිත්‍රපටය තුළින් හිතට වදින  ආදරයක් දැනීම හේතුකොට ගෙන බොහෝ ප්‍ර්‍රේක්ෂක ආදරයක් මෙම චිත්‍රපටයට ලැබී තිබුණා.

03. In the Mood for Love (2000)


හොංකො-ප්‍රංස චිත්‍රපටියක් වෙන In the Mood for Love මේ චිත්‍රපටියේ කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ විවාහක අසල්වාසීන් දෙදෙනෙක්. කාන්තාවක් සහ පිරිමියෙක්. හැබැයි මේ දෙන්නාම විවාහ ජීවිතයේ සාර්ථකයි කියන්න බෑ. දෙන්නගේම සහකරුවා සහ සහකාරිය වෙනත් සම්බන්ධතාවයන් වල පැටලිලා ඇති කියලා මේ දෙන්නා සැක කරනවා. කොහොම වුණත්, දෙන්නගේම තියෙන සමානකම් ඔස්සේ මේ දෙන්නා අතරතුර බොහොම ගැඹුරු බැඳීමක් ඇති වෙනවා. ඒත් මේ දෙන්නට ඒ බැඳීම කොයි තරම් දුරට අරගෙන යන්න පුලුවන් වෙයිද? විවාහ වෙලා හිටියත් දෙන්නෙක් අතර ඇතිවෙන්න පුලුවන් ගැඹුරු හැඟීම් ගැන බොහොම හදවතට දැනෙන ලෙවල් එකකින් කතා කරන, ඔබ නරඹන්නම ඕන චිත්‍රපටියක් තමයි In the Mood for Love!

04. Brokeback Mountain (2005)

මෙය ඉතාමත් වෙනස් ආදර කතාවක්. බොහෝ ආදර කතාවල අපි දකින්නේ කොල්ලා සහ කෙල්ලො වුණත් මේ චිත්‍රපටයේ ඉන්නේ කොල්ලෝ දෙන්නෙක්. බොහෝ වෙලාවට හෝමෝසෙක්ෂුවල් නැතිනම් ගේ රිලේෂන්ශිප් එකක් කියපු ගමන් ගොඩක් දෙනෙක්ට ඔළුවට එන්නේ ඒ සම්බන්ධතාවයේ තියෙන ලිංගික පැතිකඩ. එහෙම වුණත්, මේ ෆිල්ම් එකෙන් ඉදිරිපත් කරනවා ගොපල්ලෝ දෙන්නෙක්, එහෙම නැතිනම් කව්බෝයිලා දෙන්නෙක් අතර ඇතිවෙන බොහොම භාවමය සම්බන්ධතාවයක්. කොහොම වුණත්, මේ දෙන්නටම පෙම්වතියෝ ඉන්නවා. ඒ දෙන්නටම පෙම්වතියෝ එක්ක විවාහ වෙන්න සිද්ධ වුණහම තමයි මේ දෙන්නගේ සම්බන්ධය සංකීර්ණ වෙන්නේ. ඉතින් මේ චිත්‍රපටයත් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටියක් බව කියන්න පුලුවන්.

05. the Bridges of Madison County (1995)

the Bridges of Madison County 1995 දී රොබට් ජේම්ස් වොලර් විසින්1992 දී වැඩියෙන්ම අලෙවි වූ නවකතාව මත පදනම් වූ ඇමරිකානු ආදර නාට්‍ය චිත්‍රපටයකි . එය අධ්‍යක්ෂණය කරන ලද්දේ ක්ලින්ට් ඊස්ට්වුඩ් විසිනි.
මේ ආදර කතාව ගලාගෙන යන්නේ, අයෝවා වල මැඩිසන් කවුන්ටි හරහා යන ඡායාරූප ශිල්පියෙක් සහ, අයෝවා වල ගොවිපොළක ජීවත් වෙන විවාහක බිරිඳක් වටා. මැඩිසන් කවුන්ටි වල පාලම් වල ඡායාරූප ගන්න එන මේ ඡායාරූප ශිල්පියා සහ විවාහක බිරිඳ අතර නොහිතන විදියේ ආදරයක් ඇති වෙනවා. ඒ ආදරය දවස් හතරකින් අවසාන වුණත්, ඒ ආදරය මේ දෙදෙනාගේ මරණයෙන් පසුවත් පවතිනවා.

06. The Notebook (2004)

මතකය නැති වෙලා තියෙන කාන්තාවකට රොමෑන්ටික් ස්ටෝරි එකක් කියවන මනුස්සයෙක්ගෙන් තමයි මේ කතාවේ ආරම්භය සිදු වෙන්නේ.

මේ ආදර කතාව ගලාගෙන යන්නේ ධනවත් තරුණියක් එක්ක ආදරයෙන් බැඳෙන දුප්පත් තරුණයෙක් ගැන. ඒත් මේ දුප්පත් තරුණයාගේ සහ ධනවත් තරුණියගේ ආදරයට තරුණියගේ දෙමාපියන් කැමති වෙන්නේ නෑ. හේතුව දෙන්නා අයිති වෙන සමාජ පංති දෙක අතර තියෙන පරතරය. ඒ කොහොම වුණත් මේ තරුණියට දෙමාපියන් එකක් නිව්යෝර්ක් වලට එන්න සිද්ධ වෙනවා. දෙන්නගේ ජීවිත පාරවල් දෙකක ගලාගෙන යනවා. කොහොම වුණත් මේ දුප්පත් තරුණයා ඇයට දවසට එකක් බැගින් අවුරුද්දක් ලියුම් ලියනවා. ඒත් තරුණියගේ අම්මා ඒවා තරුණියට ලබාදෙන්නේ නැතුව ඉන්නවා.

මේ අතරේ දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙනවා. යුද්ධයෙන් පස්සේ තරුණිය තවත් තරුණයෙක් එක්ක විවාහ ගිවිස ගන්නවා. ඒත් දෛවෝපගතව තරුණිය තමන්ගේ පළමු පෙම්වතාව මුණගැහෙනවා. එතනින් එහාට මේ දෙන්නගේ ජීවිත කොයි විදියට වෙනස් වෙයිද? ඩිමෙන්ෂියා හැදිලා මතකය නැතිවෙලා ඉන්න කාන්තාව කවුරුන්ද? ඇයට ආදර කතාවක් කියවන මනුස්සයා කවුරුන්ද?… දැන ගන්න නම් ඔබට මේ චිත්‍රපටය නරඹන්නම වෙනවා.

07. Fifty Shades

බොහෝ තරුණ තරුණියන්ගේ සිත් බැද ගත ආදර කතාවක් වන මෙය Fifty Shades Fifty Shades යනු සුප්‍රසිද්ධ කතුවරයකු වන EL James විසින් රචිත Fifty Shades ත්‍රිත්වය මත පදනම් වූ බ්‍රිතාන්‍ය-ඇමරිකානු චිත්‍රපට ත්‍රිත්වයකි. ඩකෝටා ජොන්සන් සහ ජේමි ඩෝර්නන් පිළිවෙලින් ඇනස්ටේෂියා ස්ටීල් සහ ක්‍රිස්ටියන් ග්‍රේ ප්‍රධාන චරිත නිරූපණය කරති. Sam Taylor-Johnson පළමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ අතර ජේම්ස් ෆෝලි දෙවන සහ තෙවන චිත්‍රපට අධ්‍යක්ෂණය කළේය. Fifty Shades of Grey (2015), Fifty Shades Darker (2017) සහ Fifty Shades Freed (2018).

ඇනස්ටාෂියාගේ ආදරෙන් ග්‍රේ වෙනස් වෙන එක තමයි මේකේ කතන්දරේ කියලා. ඉතින් ඒ නිසා අපිට කියන්න පුලුවන්, Fifty Shades කියන්නේ ටිකක් වෙනස් තේමාවක් පසුබිම් කරගත්, අනිවාර්යයෙන්ම රසවිඳින්න පුලුවන් ආදරණීය චිත්‍රපටයක් කියලා.

08.A Star Is Born (2018)

A Star Is Born යනු 2018 ඇමරිකානු සංගීතමය ආදර නාට්‍ය චිත්‍රපටයක් වන අතර එය බ්‍රැඩ්ලි කූපර් විසින් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කරන ලදී. කූපර්, එරික් රොත් සහ විල් ෆෙටර්ස්ගේ තිර රචනයකි. එහි Cooper, Lady Gaga , Dave Chappelle , Andrew Dice Clay සහ Sam Elliott රංගනයෙන් දායක වන අතර, තරුණ ගායිකාවක (Gaga) සොයාගෙන ප්‍රේම කරන මතට ලොල්වූ වාදකයෙකු ලෙස (Cooper) රග දක්වයි.

A Star Is Born 2018 අගෝස්තු 31 වැනි දින 75 වැනි Venice International Film Festival හිදී තිරගත වූ අතර , Warner Bros. Pictures විසින් 2018 ඔක්තෝබර් 5 වැනි දින එක්සත් ජනපදයේ නාට්‍යමය වශයෙන් නිකුත් කරන ලදී . එය විවේචනාත්මක සහ වාණිජමය වශයෙන් සාර්ථක වූ අතර ලොව පුරා ඩොලර් මිලියන 436 ඉක්මවූ ආදායමක් උපයා තිබේ.

හොඳම චිත්‍රපටය , හොඳම නළුවා (කූපර්), හොඳම නිළිය (ගගා) සහ හොඳම සහය නළුවා ලෙසින් 91 වැනි ඔස්කාර් සම්මාන උළෙල සඳහා නාමයෝජනා අටක් ඇතුළුව මෙම චිත්‍රපටයට සම්මාන රැසක් හිමි විය .

09. Twilight

The Twilight Saga යනු Stephenie Meyer විසින් රචිත Twilight පොත් මාලාව පාදක කරගත් ආදර ෆැන්ටසි චිත්‍රපට මාලාවකි . මෙම කතා මාලාව ලොව පුරා ඩොලර් බිලියන 3.4කට වඩා උපයා ඇත.

පළමු කොටස, Twilight , 2008 නොවැම්බර් 21 දින නිකුත් කරන ලදී. දෙවන කොටස, New Moon , පසුව 2009 නොවැම්බර් 20 දිනයේද තෙවන කොටස, Eclipse , 2010 ජුනි 30 දින නිකුත් කරන ලදී. සිව්වන කොටස, Breaking Dawn – 1 කොටස , 2011 නොවැම්බර් 18 දින නිකුත් කරන ලද අතර, පස්වන කොටස, Breaking Dawn – 2 කොටස 2012 නොවැම්බර් 16 දින නිකුත් කරන ලදී.

මෙම කතා මාලාව 2004 සිට පැරමවුන්ට් පික්චර්ස් හි MTV ෆිල්ම්ස් හි සංවර්ධනය වෙමින් පැවති අතර එම කාලය තුළ නවකතාවට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වූ Twilight හි තිර අනුවර්තනයක් ලියා ඇත. වසර තුනකට පසුව, Summit Entertainment විසින් චිත්‍රපටයේ අයිතිය ලබා ගත් බව සදහන් වේ.

උසස් පාසල් සිසුවියක් වන බෙලා ස්වන් (ක්‍රිස්ටන් ස්ටුවර්ට්) සහ එම පාසලේම ඉගෙනුම ලබන එඩ්වඩ් කුලන් (‍රොබය් පැට්සන්) නම් කඩවසම් වැම්පයර් තරුණයා අතර ගොඩනැගෙන ආදර සබදතාවයක් මෙම කතාව තුළින් පිළිඹිබු වේ.

උපුටා ගැනීම – අන්තර්ජාලයෙනි

මෙන්න බලන්න තවත් පුවත්