පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කණ්ඩායමක් රැස්වූ සභාවක් අමතා මෙසේ පැවසීය.

“අපේ වීරකැටියෙ ගෙදර බල්ල හොරකම් කරපු එකත් ඡන්දෙ ඉල්ලනවා. ගෙවල් ගි නි තියන්න ආපු එකත් ඡන්දෙ ඉල්ලනවා. මධුර මන්ත්‍රීතුමා හෙළිදරව්වක් කළා අපේක්ෂකයෙක් ගැන. ජේවීපී එකේ. දැන් ඉන්න ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක්. මාතර ළමා අපචාරයකට සම්බන්ධ වෙච්ච කෙනෙකුත් අපේක්ෂකයෙක් විදියට කටයුතු කරනවා. මේක තමයි ජේවීපී එකේ දේශපාලනය. මෙහෙත් ඉන්නවා ටයිල් හොරෙක් අකුරැස්සේ. ඒ බර අවි. පාරක් හැදුවයි කියලා ඒ පාරෙන් කොමිස් ගැහුවයි කියලා අපේ මන්ත්‍රීවරයගේ චරිතේ ඝාතනය කරනවා. දැන් කියනවා රාජපක්ෂලා උගන්ඩාවට ඩොලර් යැව්වා කිව්වා ප්ලේන් එකෙන්….

ඔය කතාවම 2014 කිව්වා ලොරි වල දාගෙන තියලා මැදමුලනේ හංගලා කියලා. එෆ් සී අයි ඩී එක ඇවිල්ලා අපේ දන්න ගෙවල් වලට ගිහිල්ලා අපේ ලැට් වලත් හෑරුවා. එෆ් සී අයි ඩී එකේ කවුද හිටියේ? සජිත් ප්‍රේමදාස මහත්තයා එකේ හිටියා. අනුර කුමාර දිසානයාක මහත්තයා එකේ හිටියා. අද කරන චෝදනා ටික එහෙම්මම කරලා ඒ අයගේ කමිටුවක් දාගෙන ඒක හෙව්වා. ඒ කරපු පරීක්ෂණ පිළිබඳව අද පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා විදිහට ප්‍රකාශයක් කරනවා රාජපක්ෂවරුන්ගෙ හෝ කිසි කෙනෙක්ගේ පරීක්ෂණ කරා, පිටරට ගිණුම් හොයාගන්න නැහැයි කියලා.

කවුරු හරු කියනව නම් පිටරට තියෙන සල්ලි ගෙනල්ලා මේ රට හදනවා කියලා, ඒ බොරුවට රැවටෙන්න එපා. අපේ සත පහක් පිටරට නෑ.
ආපු ගමන් විදුලි බිල අඩු කරනවලු. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනනේ. කොහොමද අඩු කරන්නේ? මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගය තමයි බන්දුල ඇමතිතුමා ප්‍රකාශ කළේ ලංකාවේ කීර්තිමත්ම ආර්ථික වර්ධන වේගයක් තිබිච්ච කාල සීමාව….

ප්‍රේමදාස භීෂණේට බය වෙච්චි නැති, ජනතා විමුක්ති පෙරමුණේ භීෂණේට බය වෙච්චි නැති අම්මා තාත්තාගෙ දරුවෝ සමහරක් විට ෆේස්බුක් එකේ කොමෙන්ට් එකට පොඩ්ඩක් බය වෙලා තියෙනවා. නිවන් සුව තමයි පතන්නේ. ඕකට හොඳ උත්තරයක් ජොන්ස්ටන් ඇමතිතුමා දුන්නා. ඉතින් අපි හොරෙක් නම් ඇයි නිවන් සුව පතන්නේ, අපිව අපායට එපැයි යවන්න.”

පැරණි පුවත් – මම මෙච්චර දවසක් සද්ද නැතුව හිටියේ මගේ මහත්තයාගේ නමට කැළලක් වෙන නිසා – මධුමාධවගේ බිරිඳ එරන්දි

කළා ලෝකයේ විවිද පැතිකඩවල් නියෝජනය කරපු ආදරණීය චරිතය තමයි මධුමාධව අරවින්ද කියන්නේ, එක එක කාලෙට එක එක මාතෘකා හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙන මධුමාධව ලංකාවේ හැමෝම අතර ජනප්‍රිය චරිතයක්, කලාව හරහා වගේම මධුමාධව දේශපාලනය හරහාත් හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඉතින් අපි හිතුවා ඔයාලා හැමෝම ආදරය කරන රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක් වගේම දේශපාලාන ක්‍රියාකාරිකයෙක් වන මධුමාධව ගැන ටිකක් කතා කරන්න,

මධුමාධව හැමෝම අතර කතාබහට ලක්වෙන්න හේතුව ඔහුගේ ජනප්‍රියත්වය ගොඩක් බලපෑවා, ඒ වගේම ප්‍රධාන වශයෙන් බලපෑවේ මදුමාධවගේ විවාහය, මොකද ඔහු මුලින්ම විවාහ වෙන්නේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනියක වන නිල්මිණි තෙන්නකෝන් සමග, කොහොම වුනත් මධුමාධවගේ සහ නිල්මිනී තෙන්නකෝන්ගේ විවාහය සාර්ථක වෙන්නේ නෑ, ඔවුන් අතර ඇතිවුන පුද්ගලික ගැටළු කිහිපයක් නිසා මධුමාධව සහ නිල්මිනී විවාහෙන් වෙන් වෙනවා,

හැබැයි මධුමාධව එතනින් නතර වෙන්නේ නෑ, ඔහු නැවත විවාහ වෙනවා, කාලයක් ආදරෙන් හිටියත් මදුමාධවගේ එම විවාහයත් අවාසනාවන්ත විදියට බිඳිලා යනවා, කොහොම වුනත් මධුමාධව නැවතත් විවාහ වෙලා ආදරණීය ජීවිතයක් ගතකරනවා, කොහොම වුනත් පසුගිය දවස්වල සමාජා ජාලා හරහා වයිරල් වුන චායාරූපයක් නිසා කොහොම වුනත් මධුමාධවගේ බිරිඳ එරන්දි හරිම අපූරු කතාවක් ඔහුගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඒ ධීර්ඝ කතාවේ උපුටාගත් කොටස් කිහිපයක් තමයි මේ, ”අක්කා මදුමාදව අරවින්දගේ දැන් වයිෆ් ලක්ෂ පනහකට මුළු පවුලම යූකේ යවනවා, දෙන්නට දෙන්නේ ජොබ් වීසා, ළමයිට නොමිලේ ඉගනගන්න පුළුවන්, දන්නා අයට කියන්න කියලා එක එක කතා පලවෙනවා, අනේ ඕවට අහුවෙන්න එපා මම මේ මෙහෙට වෙලා පාඩුවේ මගේ වැඩක් බලාගෙන ඉන්නවා, ලක්ෂ පනහකට පවුලක් එංගලන්තයට ගන්නවා කියන එක මට නෙවෙයි කාටවත් කරන්න බැරි වැඩක්,”

”මේ කාලය මුදල් සහ මිතුරන් හිතවතුන් තියා දෙමාපියන් පවා විශ්වාස කරන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක, රට යවන බවට පොරොන්දු වි අහිංසක මිනිස්සුන්ගෙ මුදල් අවභාවිතා කොට අතුරුදහන් වෙන කතා බහුලව මෙ සමාජයේන් ඇසෙන නිසා අමතර කරදර වල පැටලීමෙන් මෙතෙක් කාලයක් හොර කම් මුදල් වංචා තියා බැංකු නයකට වත් සම්බන්ධ නොවු මගෙ සැමියාගේ නමට කැළලක් විය හැකි බැවින් මේ දේවල් වලට සම්බන්ද නොවී සිරීම හොඳයි කියලා මම තීරණය කළා, මම එංගලන්තයේ හිටියට මට එංගලන්තයට මගේ සැමියා හැර වෙන කිසිවෙකු ගෙන්වා ගැනිමේ හැකියාවක් නැත. ඒ නිසා වංචාකරුවන්ට හසුවෙන්න එපා”

මෙන්න බලන්න තවත් පුවත්