
බොහෝ පෙම්වතුන් පෙම්වතියන් නොඉවසිල්ලෙන් බලා සිටි වැලන්ටයින් දිනය එළඹීමට ඉතිරිව ඇත්තේ තවත් සුළු හෝරාවන් කිහිපයක් පමණයි.
ඉතින් ආදරවන්තයින්ගේ දිනයට ඔබේ ආදරණීයන්ට තෑග්ගක් දෙන්න ලහිලහියේ සූදානම් වන ඔබ වෙනුවෙන්ම ඉතාමත් පහසුවෙන් නිවසේදීම සකසා ගන්නට පුළුවන් වැලන්ටයින් තෑගි පෙට්ටියක් සාදන ආකාරය පෙන්වා දීමට දැන් අප සූදානම්
වැලන්ටයින් තෑගි පෙට්ටිය
අවශ්‍ය ද්‍රව්‍ය –
gsm 220 රතු බෝඩ්
රතු හා කළු A4 කොළ
රතු හා සුදු ෆෝම් ෂීට්
රතු රිබන් රේන්ද
සුදු භාග පබළු
කතුරක්, ගම්, පැන්සලක්,රූලක්
ඩයි කට් එකක්
සාදා ගැනීම –
පලමුව පහත පෙන්වා දී ඇති පරිදි බෝඩ් කොටස් දෙකක් කපා එහි හාට් හැඩය ඇද කපා පතොරම් සකස් කර ගන්න. පසුව බෝඩ් එකෙහි පතොරම් තබා ඇද ලොකු හා පොඩි හාට් හැඩ දෙක කපා ගන්න. පෙට්ටි වල උඩ පියන් සදහා හාට් හැඩ කැපීමේදී 1/8 වාසියක වට ප්‍රමාණයෙන් තබා කපා ගන්න. පියන් වැසීම සදහා අඩියට වඩා ටිකක් ලොකු වාසියක් අවශ්‍ය වේ.
පහත දී ඇති දිග පළල අනුව බෝඩ් පටි කපා ගන්න. අලවා ගැනීමේ පහසුව සඳහා 1/2 කොටසක කට් මාක් දමාගන්න. පසුව පෙට්ටියේ අඩිය කොටස ගෙන කට්ටක් දැමූ කොටස්වල හොඳින් ගම් ආලේප කර හාට් හැඩය වටේට අලවා ගන්න මේ ආකාරයට ලොකු හා පොඩි පෙට්ටි දෙකේම අඩිය කොටස් සකසා ගන්න. උඩ පියන් දෙකටද අදාල බෝඩ් පටි ගෙන පියන් දෙකටද පටි අලවා පියන් සකසා ගන්න. පසුව යට අඩි කොටස් දෙකට හා උඩ පියන් දෙකට කට් මාක් දැමූ කොටස් වැසෙන සේ A4 කොළ වලින් හාට් හැඩය කපා අලවා ගන්න. පිලිවෙළ සකස් කර ගන්න. පියන් දෙකේ හා යට කොටස් දෙකේ පින්තූර පෙනෙන ආකාරයට රතු රිබන් රේන්ද අලවා ගන්න. පසුව පෙනෙන ආකාරයට ලොකු පෙට්ටිය උඩට පොඩි පෙට්ටියෙ හා හාට් හැඩය වෙන් වෙන තැන සිට එක කොටසක ගම් ආලේප කර අලවා ගන්න.
පහත රූපයේ පෙනෙන පරිදි හාට් හැඩය වටේට සුදු පබළු අලවා අලංකාර කර ගන්න. ලොකු පෙට්ටිය උඩට සුභපැතුම ද අලවා රෝසමල් 3ක් ද අලවා ගන්න. පොඩි පෙට්ටියෙ උඩට අවුට් ලයින් එකක් සිටින ආකාරයට කලු A4 වලින් හාට් හැඩයක් කපා අලවා එය උඩට ඩයි කට් එක අලවා ගන්න.
පස් ඔබට කැමති පරිදි පෙට්ටිය ඇතුළට අවශ්‍ය චොකලට් වැනි දේවල් එකතු කරගන්න. විශේෂයෙන්ම මෙයට රතුරෝස මලක් එකතු කරගැනීමට හැකි නම් ඉතාමත් අගනේය.
රෝස මල
රෝස මල් සෑදීම සඳහා පහත දී ඇති හැඩයන්ගෙන් පතරොම් සකස් කරගන්න. පසුව පතුරම් ෆෝම් ෂීට් වල තබා ඇඳ කපාගන්න. එක මලක් සඳහා ලොකු පෙති දෙකක් හා පොඩි පෙති දෙකක් අවශ්‍ය වෙයි.
පළමුව පොඩි පෙත්තක් ගෙන එහි එක කොටසක මැද ගමන් ආලේපකර දෙකට නමා අලවාගන්න. මෙවැනි ආකාරයට අනෙක් පෙති කොටසද ගම් ආලේප කර අලවා ගන්න. පසුව අනෙක් පොඩි පෙත්ත ගෙන එහි මැද ගම් ආලේප කර කලින් සාදා ගත් කොටස මැදට තබා අලවාගන්න.
මෙලෙසම අනෙක් ලොකු පෙති දෙක ද තබා අලවාගන්න.
මේ ආකාරයට රෝසමල් ටික සකසා ගන්න.
නිර්මාණකරණයට උපදෙස් -:
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බාහිර උපදේශිකා
ප්‍රවීණ අත්කම් නිර්මාණ ශිල්පිනී
දේශමාන්‍ය චූලනී ජයසිංහ
සැකසුම – බිනාලි රාජපක්ෂ