ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කමිටුවක් විසින් මහින්ද රාජපක්ෂ නැවත වතාවක් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීම සඳහා උපදේශන ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා

එම පුවත සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සති අන්ත පුවත්පතට අදහස් දක්වා තිබෙන්නේ

“මම පොදුජන පෙරමුණේ සහ එම පක්ෂයට සම්බන්ධ දේශපාලන පෙරමුණේ නායකයා. ඒ නිසා පක්ෂය ගන්නා තීන්දුවට හිස නැමීම මගේ ප්‍රතිපත්තියයි. කෙසේ වෙතත් වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන තම රාජකාරිය හොඳින් ඉටුකරමින් සිටිනවා. ඔහු එම තනතුරෙන් ඉවත් කිරීමට කිසිදු හේතුවක් නැහැ.”

යනුවෙන්ය…

පැරණි පුවත්

නතාෂා පෙරේරා කියන මේ දක්ෂ කළා කාරිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද. කුඩා කාලයේම කළා ක්ෂේත්‍රයට පැමිණි නතාෂා එදා සිට අද දක්වාම සෑම ක්ෂේත්‍රයකින්ම දක්ෂතා පෙන්වන කෙනෙක්. කාලෙකට පස්සේ මාධ්‍යට අදහස් දක්වමින් ඇය අලුත් විස්තර ටිකක් මේ විදියට කියලා තිබුනා.

මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය විදියට කියන්න පුලුවන් හොඳ අවස්තාවක් තමයි දඟ මල්ල නිර්මාණය. ඒ තුලින් මට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාර ගොඩක් ලැබුනා. මතක් වෙද්දී හරිම සතුටුයි ඒ වගේම ජිවිතේ වෙනස් වුනු තැනක් විදියටත් හඳුන්වන්න පුලුවන්. එම චරිතය තුලින් ඇයට හොඳම නිලියට හිමි රාජ්‍ය සම්මානයත් දිනාගන්නට හැකියාව ලැබෙනවා.

ෆැෂන් කරනවා, ගමන් බිමන් යනවා, ඒ විදිහට මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. එතනින් එහාට අනිත් අයගේ වැරදි හොයන්නේ නැහැ. මම දන්නා දෙයක් නම් තවත් කෙනෙකුට කියලා දෙනවා. මට හොඳ හදවතක් තියනවා කියලා දන්නවා. කිසිම කෙනෙකුට ඉරිසියාවක් කරන්නේ නැහැ. මගේ ළමා කාලයේ ඉඳලා මට ආදරේ කරන පිරිසක් ඉන්නවා. ළමා කාලය මතක් වෙනවා නැවතත් ඒ කාලයට යන්න තිබුනානම් කියලා හිතෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්