
නිවෙසක් මිලට ගැනීමට එන බව හඟවා මහේස්ත්‍රාත්වරයකු නිවසේ ඉහළ මාලයේ බැල්කනියේ සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය කොල්ලකා පලාගොස් ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
පිළියන්දල මඩපාත පින්නවල ප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයාට අයත් නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවසේදී මෙම සිද්ධිය වී ඇතැයි එම ආරංචි මාර්ග පවසයි
දෙමහල් නිවස විකුණන බවට ප්‍රසිද්ධ වෙබ් අඩවියක පළ කර තිබූ දැන්වීමක් අනුව ගැනුම්කරුවකු සේ පැමිණි පුද්ගලයකු මෙම කොල්ලය සිදුකර ඇතැයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම දැන්වීමේ පළකර තිබූ දුරකථන අංකයට ඇමතුමක් ලබාදී තිබු කොල්ලකරු නිවස බැලීම සඳහා පැමිණෙන බවට දැනුම් දීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නිවස පෙන්වීම සඳහා මෝටර් රථයෙන් තනිව පැමිණ තිබූ බව පොලිසිය කියයි.
මෝටර් රථය නිවස ඉදිරිපිට නවතා මහේස්ත්‍රාත්වරයා දෙමහල් නිවසේ පහත මාලයේ ප්‍රධාන දොර විවෘත කර නිවසේ සෑම කොටසක්ම ඔහුට පෙන්වා ඇති අතර ඒ අතරතුර දී මහේස්ත්‍රාත්වරයා මෝටර් රථයේ යතුර නිවසේ පහත මාලයේ මුළුතැන්ගෙයි පැන්ටිය මත තබා ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පසුව එම පුද්ගලයා මහේස්ත්‍රාත්වරයා සමඟ උඩුමහලට ගොස් එයද නරඹා මහේස්ත්‍රාත්වරයා උඩුමහලේ බැල්කනිය පෙන්වීම සඳහා එහි දොර විවෘත කර බැල්කනියට පිවිසීමත් සමගම කොල්ලකරු එම දොර වසා පහත මාලයට දිව ගොස් මුළුතැන් ගෙයි පැන්ටිය මත තිබූ මෝටර් රථයේ යතුර ගෙන එය පණ ගන්වාගෙන ඊයක වේගයෙන් පලා ගොස් ඇතැයි එම නිලධාරියා කීය.
අනතුරුව මහේස්ත්‍රාත්වරයා බැල්කනියෙන් පිටතට පැන පහත මහලට ප්‍රවිෂ්ට වී සිදුවූ සිද්ධිය ඥාතීන්ට දැනුම් දී අනතුරුව පොලිසිය වෙත සිද්ධිය දුරකතනයෙන් දැනුම් දී ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය
එම සිද්ධිය සමගම පිලියන්දල පොලිසිය ,ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් එම නිවස වෙත පැමිණ විමර්ශන ආරම්භ කළහ
පැරණි පුවත් – මම කාත් එක්කවත් ලිවින් ටුගෙදර් ඉඳලා නැහැ, මම ඇත්තටම ආදරය කරන කෙනා ඉන්නේ මගේ හිතේ විතරයි – තරින්දි ප්‍රනාන්දු
පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඉතාම දක්ෂ ඇය ගැන මේ දවස්වල කටකතා කීපයක් පැතිරිලා තියෙන්නේ ඇය ජනප්‍රිය නළුවෙක් සමග ලිවින් ටුගෙදර් සම්බන්ධතාවක් පවත්වා එම සම්බන්ධතාව විවාහයක් දක්වා නොගොසින් නතර කර තිබීම ගැනයි. ඉතින් මේ කටකතාව ගැන ඇත්ත නැත්ත දැනගන්න අපි ඇයත් සමඟ කතා බහ කළා.
ඉතින් ඇය ජනප්‍රිය නළුවෙක් එක්ක ලිවින් ටුගෙදර් සම්බන්ධතාවක් පැවැත්වූවා කියලා වගේම තවත් සමහරු කියන කතාවක් තමයිලු ඇය නළුවෙක් එක්ක හොර රහසේම විවාහවෙලා මේ වෙද්දි එම විවාහයෙන් දික්කසාද වෙලා ඉන්නවා කියලා. ඉතින් ඇයට කියන්න තියෙන්නෙ මේ කතා හැම එකක්ම පට්ටපල් බොරු කියලාලු. මොකද සම්බන්ධතා පවත්වන්න ලිවින් ටුගෙදර් ඉන්නවත්, කාටවත් නොකියා හොර රහසේ විවාහ වෙන්නවත් ඇයට අවශ්‍යතාවක් නැහැ කියලයි ඇය කියන්නේ. නමුත් ඇයට ප්‍රේම සම්බන්ධතා නම් තිබිලා තියනවා කියලත් ඇය කියනවා. කොහොම නමුත් ජීවිතයේ වුණු විවිධ හැළහැප්පීම් නිසා ඒ ප්‍රේම සම්බන්ධතා බිඳවැටුණු අවස්ථාද ඇයගේ ජීවිතයේ තිබිලා තියනවාලු.
ඒ වගේම ඇය පහුගිය දවසක මුහුණු පොතේ ප්‍රකාශයක් සටහන් කරලා තිබුණා ‘ආදරය නිදහස් කළා, නිදහසට ආදරය කරමි’ කියලා. ඉතින් සමහරු මේ ප්‍රකාශය ගැන වැරදියට හිතලා ඇයට කතාවක් හදලා තිබුණා නිදහස නැති නිසා අය ඇයගේ පෙම්වතාව අතෑරියා කියලා. ඉතින් ඒක ඇයගේ හිතට ආපු අදහසක් මත ලියපු සටහනක් මිසක ඇයගේ ආදරය අත්හැරීම ගැන ප්‍රකාශයක් නෙවෙයි කියලයි ඇය කියන්නේ. හැබැයි ආදරයේදි ඇයට නිදහස අහිමිවුණ අවස්ථා නැතුවාම නෙවෙයි කියලත් ඇය කියනවා. නමුත් ඒ ප්‍රකාශය එවැනි දෙයක් නිර්වචනය කරලා ලියපු එකක් නෙවෙයිලු.
ඉතින් ඒ වගේම ඇය බලාපොරොත්තු වෙන ඇත්ත පෙම්වතා තාම ඉන්නෙ ඇයගේ හිත ඇතුළෙ කියලත් ඇය කියනවා. ඉතින් ඔහුව සැබෑ ජීවිතයේදි තාම ඇයට හමුවුනේ නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ආදරේදි ඇය පවුල් පසුබිම, රැකියාව, වත්පොහොසත්කම් බලන්නෙ නැහැ කියලත් ඇය කියනවා. ඉතින් ඇයව තේරුම් අරන් ඇයගේ ගමනට සහයෝගය දෙන, දියුණු වෙන්න උත්සාහ කරන, ගතිගුණ හොඳ කෙනෙක්ව තමයිලු ඇය ආදරයේදි බලාපොරොත්තු වෙන්නෙ.
ඒ වගේම පිරිමි අතරින් මේ තාක් හොඳ මනුස්සයෙක් විදිහට ඇය දැක්කෙ ඇයගේ තාත්තාව විතරයිලු. ඒ වගේම ඇයගේ අම්මා ඇය පුංචි කාලෙදිම නැතිවුණ නිසා තාත්තා තමයි තනියම ඇයව හදාවඩලා මේ තත්ත්වෙට ගෙනාවේ. ඉතින් තාත්තාගෙ තියෙන පරාර්ථකාමී ආදරයට වඩා වෙන කිසිම ආදරයක් වටිනවා කියලා ඇය හිතන්නෙ නැහැලු.